Author: LFN

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමටද ඉඩක් ඇති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. මාධ්‍යවේදියා – “අර පැත්තෙන් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වෙනවා කියලා ?” පිළිතුර – “එයා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නේ. ” මාධ්‍යවේදියා – “එතකොට ඔබතුමන්ලාගේ ?” පිළිතුරු – “නෑ අපි තාම එහෙම තීරණය කරලා නෑ නේ. සමහරවිට අපේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.”

Read More

කළුතරදී කළුගඟේ දිය නැමට ගිය 15 සහ16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියන් දෙදෙනෙකු සහ 17 හැවිරිදි සිසුවෙකු දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. උපන්දින සැමරුමක් සඳහා එහි ගොස් දිය නාමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණපා තිබේ. වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ කළුතර විද්‍යාලය ඉදිරිපිට කළුගඟේ අද පස්වරුවේ දිය නාමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බවටය. මෙලෙස මියගියේ කළුතර පන්විල ප්‍රදේශයේ පදිංචිව සිටී ඉවංගී මධුහාෂිනි, දොඩංගොඩ නැවිලියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කිවිඳු සත්සර සහ දොඩංගොඩ රතුකුරුස නිවාසහී පදිංචිව සිටී සුභානී සුපේෂලා නැමැති පාසැල් සිසුසිසුවියන් තිදෙනෙකි. මියගිය සිසුවියන් දෙදෙනා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි අය බවද අනාවරණය වී තිබේ. එක් සිසුවියකගේ…

Read More

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3කින් ජයගැනීමට සමත්විය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ මැතිව්ස් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමග ලකුණු 46ක් රැස්කරගත්තේය. මැතිව්ස්ට අගනා සහායක් ලබාදුන් දසුන් ශානක පන්දු 18කදී ලකුණු 26ක් රැස්කර ගත්තේ හතරේ පහර 4ක් සමගිනි. කෙසේ වෙතත් අවසන් පන්දු 2ට ලකුණු 6ක් අවශ්‍යව තිබූ මොහොතේ මැතිව්ස් අවාසනාවන්ත ලෙස දැවී ගියේය. එහිදී පිටියට පිවිසි දුෂ්මන්ත චමීරට ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත රැගෙන යාමේ භාරදූර වගකීම පැවරුණි. ඒ අනුව අවසන් පන්දු දෙකේ පළමු පන්දුවට කඩුලු රකින ක්‍රීඩකයාගේ හිසට ඉහළින් හතරේ පහරක් සහ අනෙක් පන්දුවට කඩුලු අතර දිවගොස් ලකුණු 2ක් රැස්කරගනිමින් දුෂ්මන්ත…

Read More

සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සුර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ. ලෝකවාසී හින්දු භක්තිකයින් සමග මෙරට හින්දු භක්තිකයින් අද එම උත්සවය හරසරින් සැමරීමට සුදානම්ව සිටී. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව නව ආරම්භයක් පිළිබඳව ද අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමක් බවය. වසර දෙකක් පුරා සිදු කළ අසීමිත කැපවීම් හමුවේ රට ජයග්‍රහණයේ මාවතට අවතීරණ වෙමින් තිබෙන අවස්ථාවක මෙවර තෛපොංගල් සැමරීමට ලැබීම සතුටට කරුණක් බව ජනාධිපතිවරයා පවසයි. ස්වාභාවධර්මය සමග බැදි සම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දෙමිළ ගොවි ජනතාව සරු…

Read More

නැගෙනහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයිනේ බොහෝ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළං වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ. කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ පොතුවිල් සිට හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා වැඩි විය හැකිය. කොළඹ සිට පුත්තලම සහ මන්නාරම…

Read More

මීට වසර 02කට පෙර බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබුවේ මෙරට බලවතුන් විසින් බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (14) බරපතළ චෝදනාවක් එල්ල කළහ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලූ අරගලය බියවැද්දීම එහි අරමුණ වූ බව උන්වහන්සේ පැවසූහ. 2022 වසරේ ජනවාරි 11 වනදා බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබි අත්බෝම්බයක් සොයා ගැනිණි. ඒ සම්බන්ධයෙන් දේවස්ථානයේ සේවකයෙකු ඇතුළු සිව්දෙනෙක් අවස්ථා කිහිපයක දී අත්අඩංගුවට ගැනුණු අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මුදාහැරිණි. එවැනි වටපිටාවක කතෝලික සභාව චෝදනා කරන්නේ, මේ ගැන විධිමත් විමර්ශනයක් සිදු නොවූ බවටයි. එම සිදුවීමට වසර 2ක් ගතවීම නිමිත්තෙන් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේ දී අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද…

Read More

ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 30කින් ඉහළ යනු ඇත. කිලෝ ග්‍රෑම් 01 ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 75කින් ඉහළ යන බව ද වාර්තා වේ.

Read More

චීන විරෝධී පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ ලායි චින්ග් තේ තායිවාන ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබේ. ඔහු මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් දිනා ඇති අතර ඔහු වාර්තා අතරට එක්වී ඇත්තේ මිලියන 5 සීමාව පසු කළ පළමු තායිවාන ජනාධිපතිවරයා ලෙසය. චීනයට වඩා අමෙරිකාව සමග සමීප සබඳතා පැවැත්වීමට කැමැත්තක් දක්වන නායකයෙකු ලෙස ඔහු ප්‍රකටව සිටී. ඔහු තායිවානයේ වත්මන් ජනාධිපති සාන් ඉන් වේන්ටත් වඩා චීන විරෝධී දැඩි බේදුම්වාදී මතදාරියෙකු බව චීනයේ මතය යි.

Read More

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ දත්ත ඇතුළත් වාර්තාව තම කොමිසම වෙත ලැබුණු බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් සඳහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ඊයේ දිනයේ කොමිෂන් සභාවට ලැබුණු බවය. එය මහජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත්කරන බවද එම කොමිෂන් සභාව සඳහන් කළේය. කෙසේවෙතත් නව විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි මාසයේ සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මේ අතර විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය සම්බන්ධයෙන් බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා අදහස් පළ කළේය. “ඉතාම සරල අන්දමට කළ ගණන් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට යම්කිසි මිල අඩුකිරීම් වගයක් යෝජනා කරලා තියෙනවා. යෝජනා කරලා තියෙන මිල දෙස බලපුවාම එහි…

Read More

කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය හෙවත් LRT ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ වියදම ගෙවන්නේ නම් පමණක් මෙරට සිදුකරන ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ජපානය දැනුම්දී තිබේ. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා හමුවී මේ බව අවධාරණය කර ඇති බව වාර්තා වෙයි. ඩොලර් බිලියන 1.5ක ජපාන සහනදායි ණය ක්‍රමයකින් නිම කිරීමට සැලසුම් කළ කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය හෙවත් LRT ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී අහෝසි කෙරුණේ එය අගනුවර තදබදයට “ලාභදායී විසඳුමක්” නොවන බව සඳහන් කරමිනි. එය කිලෝමීටර් 15.7 ක දුරක් දුම්රිය ස්ථාන 16 ක් ඇතුළත්ව සැලසුම්…

Read More