Author: LFN

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

Read More

දැනට ත්‍රීරෝදරථ රියැදුරන් ලෙස කටයුතු කරනු ලබන සියලුදෙනා ලියාපිදිංචි කරමින් දත්ත පද්ධතියක් සකස්කිරීමට අදාළව QR කේතයක් හඳුන්වා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව සලකා බලමින් ඉතා කෙටි කාලයක් තුළදී නව කේතය හඳුන්වාදීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය කවුන්සිල පිහිටුවීමේ පළමු අදියර ලෙස අන්තර්වාර ආංශික මෙහෙයුම් කමිටුව අද (16) දින පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත. එමෙන්ම ත්‍රීරෝද රථ රියදුරන් සඳහා වූ පිහිටුවන ලබන වෘත්තීය සංවිධානය මගින් අන්තර්ජාලය හරහා ත්‍රිරෝද රථ රියදුරන්ට ගමන්වාර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබේ. මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනා හට වෘත්තීය…

Read More

යාපනය, පුන්ගුඩුතිව් දූපතේ ඉරුප්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ළදු කැළැවක සඟවා තිබූ මිලියන 13 ක් වටිනා කේරළ ගංජා කිලෝ 34 ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් මහින්ද කොඩිතුවක්කු නැමැත්තා එළඹෙන 24 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. සැකකරු අද (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත. සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය. අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් මහින්ද කොඩිතුවක්කු නැමැත්තෙක් පසුගිය 01 වනදා ඊජිප්තුවේ සිට මෙරටට පැමිණ තිබු අතර පසුව ඔහු විවිධ ස්ථානවලට යමින් දේශන සිදුකරන අයුරුද අනුගාමිකයින් ඔහුට වැඳුම් පිඳුම් කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. අදාළ තැනැත්තාගේ දේශන තුළින් බුද්ධ චරිතයට සහ බෞද්ධ ආගමික ඉගැන්වීම්වලට නිගාවන…

Read More

රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ ඉල්ලීමක් මත මෙලෙස ත්‍රිවිධ හමුදාව රෝහල් සඳහා කැඳවා ඇති බව වාර්තා වේ. අද උදෑසන 06.30 සිට ‍සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරු හැර වෘත්තීය සමිති 72ක් පැය 24ක කාලයක් සඳහා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේය. වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන අතර අත්‍යාවශ්‍ය කටයුතු පමණක් සිදුකිරීමට ද සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ. කෙසේවෙතත් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් වර්ජනයේ නිරත වෘත්තීය සමිති සඳහා සාකච්ඡාවකට ද ආරාධනා කර ඇති බව සඳහන්ය.

Read More

‍සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරු හැර වෘත්තීය සමිති 72ක් අද (16) දිනයේ දී සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව අද උදෑසන 06.30 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කළේය. වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන අතර අත්‍යාවශ්‍ය කටයුතු පමණක් සිදුකිරීමට ද සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ. කෙසේවෙතත් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් වර්ජනයේ නිරත වෘත්තීය සමිති සඳහා සාකච්ඡාවකට ද ආරාධනා කර ඇති බව සඳහන්ය. කෙසේවෙතත් අනවශ්‍ය පරිදි සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට බලපෑම් සිදුකළහොත් මෙම වර්ජනය අඛණ්ඩව ඉදිරියට සිදුකරන බව…

Read More

මේ වසරේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරනු ඇති බවට විශ්වාසදායක සමීක්ෂන වාර්තා ලැබී ඇතැයි, එම පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය. එකී මහජන කැමත්තේ අගය පසුගිය නොවැමබර් මාසයවනවිට සීයට පනහක පමන තිබු බවට මහතා ඒ බව පැවසුවේ ෆින්ලන්තයේ නගර කිහිපයක සංවිධානය කරතිබු විශේෂ ජනහමු කිහිපයක් අමතමිනි. ජනවාරි 14 දින ෆින්ලන්තයේ අධ්‍යාපන කේන්ද්‍රීය නගරය ලෙස සැලකෙන යුවස්කුලා නගරයේ (jyväskylä) උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකය ශිෂ්‍ය සහ පුරවැසි ප්‍රජාවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් සදහන්කලේ ජාතික ජනබලවේගයේ දේශපාලන වැඩපිලිවෙල කෙරෙහි ජාතික වශයෙන් මෙන්ම විදෙස්ගත ශ්‍රීලාංකීය ප්‍රජාවේද බහුතරයක් විශ්වාසය තබා ඇතිබවයි. දේශපාලන නායක්තවය වෙනස් කිරීමකින් තොරව ශ්‍රී ලංකාව…

Read More

හිටපු ක්‍රිකට් තේරීම් කමිටුව පෞද්ගලික න්‍යායපත්‍රයක් යටතේ කටයුතු කිරීම හේතුවෙන් තමන්ට හිමිවීමට තිබූ අවස්ථා අහිමිව ගිය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. ඔහු මේ බව පැවසුවේ පසුගිය (14) පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ ප්‍රකාශය ඉහතින්,

Read More

බාලවයස්කාර දරුවෙකුට කඩුවකින් පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු එළඹෙන 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. සැකකරු දින 11ක් තිස්සේ සැඟව සිට ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ 14 හැවිරිදි වියේ පසුවන දරුවා රෝහලෙන් මුදාහැරීමෙන් අනතුරුව සැකකරු පොලීසිය වෙත පැමිණ භාරවී තිබේ. එහිදී සැකකරු අත්අඩංගුවට ගත් පොලීසිය අද ඔහුව වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදානන මහතා මෙම නියෝගය ලබාදී ඇත. එහිදී පොලීසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ සැකකරු විසින් කුඩා දරුවාට පහරදීමට යොදාගත් කඩුව සොයා තවදුරටත් විමර්ශන සිදුකරන බවය. මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ රාගම පොඩිවීකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙකි. පසුගිය ජනවාරි මස…

Read More

අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටි මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15)අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු ප්‍රශ්න කිරීම්වලින් පසු අද (16) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අත්අඩංගුවට ගත් අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටින තැනැත්තාව පසුව පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් ඔහු නවාතැන් ගෙන සිටි කැස්බෑව, මාකන්දන සර්වෝදය පාරේ පිහිටි දෙමහල් නිවස වෙත රැගෙන එනු ලැබීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සැකකරු භාවිතා කළ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථන සිය භාරයට ගත්තේය. විමර්ශන නිලධාරින් පවසන්නේ සැකකරු රැඳී සිටී මෙම නිවස ඔහුගේ ඔස්ට්‍රේලියාවේ සිටින අනුගාමිකයෙකු විසින් ඔහුට…

Read More