Author: LFN
ලංකා ගමනාගමන මණ්ඩලය විසින් “කොලොම්පුර චාරිකා” නමින් විශේෂ මගී බස් රථ සේවාවක් ආරම්භ කර ඇත. මෙම බස් රථ සඳහා විශේෂ පුහුණුවක් ලද රියදුරු මහතෙකු, කොන්දොස්තර මහතෙකු හා සේවා සපයන්නෙක් යොදාගැනීමට නියමිතය. මුල් අදියරේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන සංචාරක වළලු හතරක් හඳුන්වාදී මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත. නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත දිවයින පුරා සංචාරක කලාප මුල් කරගෙන බස් රථ සේවාව ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පාලන අධිකාරිය බලාපොරොත්තු වෙයි. ලංකාව තුළ බහු ආගමික, බහු වාර්ගික ජනතාව ජීවත්වන බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ ඇති වැදගත් ආගමික ස්ථාන කිහිපයකුත් මෙම සංචාරක වළලු අතරට එක්කර ඒවායේ ඇති ඓතිහාසික දේ ගැන සංචාරකයින්ට දැකබලා…
අඛණ්ඩව දෙවන වසරටත් චීන ජනගහනයේ අඩු වීමක් පෙන්නුම් කර තිබේ. ඊයේ (17) දිනයේ නිකුත් වූ නවතම දත්ත වාර්තාවට අනුව 2023 වසර අවසන් වන විට චීන ජනගහනය බිලියන එකයි දශම 4යි බින්දුවයි 9ක් ලෙස සටහන්ව ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව මිලියන 2යි දශම බින්දුවයි අටක අඩු වීමක් බව වාර්තා වේ. වසර 60කට පසු පළමු වරට චීන ජනගහනයේ අඩු වීමක් 2022 වසරේ දී පෙන්නුම් කළ අතර, 2023 වසරේ දී එම අඩු වීම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඉහළ යන ජනගහනය පාලනය කිරීම සඳහා එක් පවුලකට එක් දරුවෙකු ලෙස 1980 වසරේ දී චීන රජය විසින් හඳුන්වාදුන් මතභේදාත්මක ප්‍රතිපත්තිය හේතුවෙන් දශක…
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මේ වනවිට මතුවී තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝබර් මාසය වනවිට විසඳන බව රජය පවසයි. ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන දිස්ත්‍රික් කාර්යාල සියල්ල මේ වසර අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත…
ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි නීතිරීති අනුගමනය කිරීම තුළින් රජයන් සම්පූර්ණයෙන් කඩාවැටීමට ලක්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ස්විට්සර්ලන්තයේ පැවැති සංවාද මණ්ඩපයකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ දැඩි නීතිරීති මැද ජනතාව තෘප්තිමත් කිරීමටත් සිදුවීම අභියෝගයක් බවය. ස්විට්සර්ලන්තයේ, ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ සංවාදයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද එක්වුණි. ණය අර්බුද නිසා බිඳවැටීමේ අවදානමට ලක්වූ ආර්ථිකයන් ප්‍රකෘතිමත් කිරීම මැයෙන් එම සංවාදය පැවැත්වුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “මම කිවයුතුයි අපි ද්විපාර්ශ්වික ණය සාකච්ඡා සම්බන්ධයෙන් හොඳ ස්ථාවරයක සිටින බව. පළමුවරට අපට ධනාත්මක වර්ධනයක් ළඟා කරගැනීමේ අවස්ථාවද උදාවුණා. මම මේ වසරේ 2%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වනවා. ඒ…
ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නුවරඑළියේ එළවළු වගාබිම් රැසකට හානි වී තිබීම නිසා එළවළු මිල ගණන් ඉදිරි කාලයේ දීත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසයි. වෙළෙඳපොළේ කැරට් කිලෝග්‍රෑමයක තොග මිල අද වන විට රුපියල් දෙදහස් පන්සීය දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක නුවරඑළියේ ගොවීන් තම අස්වනු ගොවි බිම්වල සිටම අඩු මිලට අලෙවි කරනු දක්නට ලැබිණි. පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ, නාරාහේන්පිට, තඹුත්තේගම, නුවරඑළිය හා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග මිල අධික ලෙස ඉහළ ගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් අද දෙරණ ඊයේ වාර්තා කළේය. අද වන විට එම මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, ඊයේ රුපියල් 1,500ත්…
යුක්තිය මෙහෙයුම අතරමඟ නතර කිරීම සඳහා කිසිදු පාර්ශ්වයකින් තමන්ට බලපෑමක් එල්ල වී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. යුක්තිය මෙහෙයුම සඳහා තමන්ට මහ සංඝරත්නයේ ආශිර්වාදය ද හිමි ව ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊයේ (17) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරු ව මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. එහි දී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය වෙඩරුවේ උපාලි හිමියෝ අමාත්‍යවරයා වෙත අනුශාසනාවක් ද සිදු කළහ.
කැලණි ගඟේ දිය නෑමට ගොස් සිටියදී කිඹුලෙකුට ගොදුරුවූ දරුවාගේ සිරුර පොලීසිය විසින් සොයාගෙන තිබේ. දරුවා සොයා පොලිස් නාවික කොට්ඨාසය සහ නාවික හමුදා කිමිඳුම් නිලධාරීන් ආරම්භ කළ මෙහෙයුමේදී ඊයේ පස්වරුවේ එම දරුවාගේ සිරුර සොයාගෙන ඇත. පොලීසිය පැවසුවේ දරුවා කිඹුලාට ගොදුරු වූ ස්ථානයේ සිට මීටර් 500ක් පමණ ගඟ පහළින් මෙම දරුවාගේ සිරුර සොයාගෙන ඇත. සොයාගත් සිරුර කොළඹ අධිකරණ වෛද්‍යනිලධාරී වෙත යොමුකිරීමෙන් අනතුර හෙට පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබේ. මෙලෙස අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණේ කඩුවෙල, වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචි දිස්න ප්‍රබෝද් නම් 09 හැවිරිදි දරුවෙකි. දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ දිස්න,කඩුවෙල වැලිවිට ශාන්ත මරියා විද්‍යාලයේ පස්වන ශ්‍රේණියේ ඉගෙණුම ලැබීය. ඔහු…
ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ පැවැත්වුණු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය පැරදුම තීරණය කිරීමට සුපිරි පන්දුවාර 2ක් යොමුකිරීමට සිදුවිය. කෙසේ වෙතත් තරගයේ දෙවන සුපිරි පන්දුවාරයේ කඩුලු දෙකක් දැවී ඉන්දීය කණ්ඩායම ලකුණු 11ක් රැස්කරගත්තේය. සිය දෙවන සුපිරි පන්දුවාරයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 2ක් දැවී රැස්කරගත්තේ ලකුණු 1ක් පමණි. ඒ අනුව තරගයේ ජය දෙවන සුපිරි පන්දුවාරයෙන් තමන් සතු කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඇෆ්ගනිස්තානය සිය පළමු සුපිරි පන්දුවාරය තුළදී එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් රැස්කළේය. එහිදී සුපිරි පන්දුවාරයේ Mukesh Kumar යොමුකළ පළමු පන්දුවට Gulbadin Naib දුවද්දී දැවී ගියේය. අනතුරුව Mohammad Nabi සහ Rahmanullah Gurbaz එක්ව සුපිරි පන්දුවාර ලකුණු ප්‍රමාණය 16ක් දක්වා ඉහළට එසැවීය. සුපිරි…
උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.
ප්‍රමිතියෙන් තොර බාල එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත ඇතුළු 7ක් ජනවාරි මස 24 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.