Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආර්ථික නීතිරීති දැඩි කළොත් රජය කඩාවැටීමට පුළුවන් – ජනපති
    Featured

    ආර්ථික නීතිරීති දැඩි කළොත් රජය කඩාවැටීමට පුළුවන් – ජනපති

    By LFNJanuary 18, 2024No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි නීතිරීති අනුගමනය කිරීම තුළින් රජයන් සම්පූර්ණයෙන් කඩාවැටීමට ලක්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ස්විට්සර්ලන්තයේ පැවැති සංවාද මණ්ඩපයකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ දැඩි නීතිරීති මැද ජනතාව තෘප්තිමත් කිරීමටත් සිදුවීම අභියෝගයක් බවය.

    ස්විට්සර්ලන්තයේ, ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ සංවාදයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද එක්වුණි.

    ණය අර්බුද නිසා බිඳවැටීමේ අවදානමට ලක්වූ ආර්ථිකයන් ප්‍රකෘතිමත් කිරීම මැයෙන් එම සංවාදය පැවැත්වුණි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “මම කිවයුතුයි අපි ද්විපාර්ශ්වික ණය සාකච්ඡා සම්බන්ධයෙන් හොඳ ස්ථාවරයක සිටින බව. පළමුවරට අපට ධනාත්මක වර්ධනයක් ළඟා කරගැනීමේ අවස්ථාවද උදාවුණා. මම මේ වසරේ 2%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වනවා. ඒ වගේම ලබන වසරේදී 4%ක හෝ 5%ක වර්ධනයක්ද අපේක්ෂා කරනවා.”

    “අපිට ඇති ප්‍රධාන ගැටලුව මෙය නැවත පියවීම පිළිබඳයි. අපගේ ගෙවුම් ශේෂයේ ප්‍රශ්න පවතිනවා. ඒ වගේම ආදායමත් වියදම් සඳහා ප්‍රමාණවත් නැහැ.”

    “අපි අපගේ ආදායම ඉහළ දැමීමට අපේක්ෂා කරන අතර අපි අපගේ සමස්ත වියදම එකතු කිරිමේ පද්ධති ප්‍රතිසංස්කරණයට ලක්කරමින් එක් එක් දෙපාර්තමේන්තු වෙනුවට ආදායම් අධිකාරියක් පිහිටුවීමට බලාපොරොත්තු වනවා.”

    “ගෙවුම් ශේෂ සම්බන්ධයෙන්, අපි නව ආයෝජන අවස්ථා ආකර්ෂණය කරගැනීමට සොයා බලනවා.”

    “පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් සූර්ය බලශක්තිය සහ සුළං බලය අපගේ අවශ්‍යතාවන්ට වඩා වැඩි ප්‍රමාණයක් අප සතුව පවතිනවා.”

    “එම ශක්තීන් භාවිත කිරීම වගේම අතිරික්තය ඉන්දියාව වෙත විකිණීම සඳහාද අප අදහස් කරගෙන සිටිනවා.”

    “සාම්ප්‍රාදායිකව බැලුවොත් බොහෝ දෙනෙකු තමන්ගේ ආදායමට වඩා වියදම් දරනවා. ඒ වගේම බැඳුම්කර වෙළෙඳපොළට සාම්ප්‍රදායික නීති මත කටයුතු කිරීමට සිදුවනවා.”

    “මේ දෙක තුලිතව පවත්වාගෙන යන්නේ කොහොමද? දැඩිව නීතිරීති අනුගමනය කිරීම තුළින් සම්පූර්ණයෙන්ම රජය කඩාවැටීමකට ලක්වීමටද හැකියාව පවතිනවා.”

    “ඒ වගේම නිවාස, අධ්‍යාපනය හා සෞඛ්‍ය සම්බන්ධයෙන්ද දැඩි ඉල්ලුමක් පවතිනවා.”

    “ඒ නිසා මගේ මතය තමයි… මෙම ප්‍රශ්න පිළිබඳ ඉතා හොඳින් විචක්ෂණශීලීව බැලිය යුතු බව. අපි මේ ගැටලුවට මුහුණ පෑවේ ආපසු ගෙවීමේ සැලැස්මක් නොමැතිව වෙළෙඳාම් කළ නොහැකි භාණ්ඩ වෙනුවෙන් ණය ලබාගැනීම නිසයි.”

    “කෙසේවෙතත් මෙම මූල්‍ය ගැටලුව විසඳීම ඊයේ ප්‍රමුඛතාවක් ලෙස පවතිනවා. ශ්‍රී ලංකාවේ අපට මෙය කළමනාකරණය කළ හැකි බවයි මගේ විශ්වාසය.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.