Author: LFN

නාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් ඊයේ (18) පස්වරුවේ පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස් අන නොතකා ධාවනය කළ ලොරි රථයක් නවතා පරීක්ෂා කිරීමට යාමේදී මෙම වෙඩිවැදීම සිදුවී ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වෙඩිවැදීම සිදුවී තිබුණේ අද පස්වරු 06.30 ට පමණය. වෙඩිවැදීමට ලක්වූ පුද්ගලයා ඔහුට අයත් කුඩා ලොරි රථයෙන් කටුපොත ප්‍රදේශයේ සිට දම්පැලැස්ස ප්‍රදේශය ඔස්සේ සිය නිවස බලා ගමන් කරමින් සිට තිබුණි. පොලීසිය පැවසුවේ නාරම්මල ප්‍රදේශයේදී මාර්ගයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලොරි රථය නවත්වන ලෙස කළ දැනුම්දීම නොතකා රියදුරු එය ඉදිරියට ධාවනය කර ඇති බවය. ඒ අනුව…

Read More

අද (19) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2න් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වෙයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ කනිෂ්ඨ කාර්යමණ්ඩල සේවිකාවකට පහරදුන් බවට චෝදනා එල්ලවූ විශේෂඥ වෛද්‍යවරයෙක් මෙම මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත්වරයා ඊයේ (18) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ රෝහලේ පිළිකා අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ 61 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරයෙකි. සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් සිදුකළ සංකේත වර්ජනය අවසන් වීමෙන් පසුව පසුගිය (17) පෙරවරුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයන් යළි සේවයට වාර්තාකර තිබුණි. එහිදී වර්ජනයෙන් රෝහලේ කටයුතුවලට බාධා එල්ලවූ බවට චෝදනා කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරයා එහි කනිෂ්ඨ කාර්යමණ්ඩලයට බැණවැදී ඇති බව වාර්තා විය. සිදුවීම ඒ අසල සිටි අයෙක් රූගත කර තිබුණි. අනතුරුව…

Read More

2024 අයවැය මඟින් රාජ්‍ය සේවකයින් සඳහා යෝජිත රු 10,000ක වැටුප් වැඩිවීමේ පළමු අදියර ලෙස රුපියල් 5,000ක දීමනාවට අදාළ මුදල් භාණ්ඩාගාරය මඟින් නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 95ක පමණ මුදලක් වැය වන බවය. ජනවාරි මස සිට එම මුදල් තවත් රුපියල් බිලියන 7කින් ඉහළ යන අතර අප්‍රේල් මස සිට යෝජිත රුපියල් 10,000ක වැටුප් වැඩිවීමෙන් පසුව අතිරේකව රුපියල් බිලියන 14ක් පමණ රජයට වැය වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුනි. මුදල් මුද්‍රණය සහ ණය ගැනීම නවතා ඇති තත්ත්වයක් තුළ, වියදම් කළමනාකරණය කිරීම තුළින් පමණක් අදාළ මුදල ඉතිරි ගත…

Read More

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්විවිද්‍යාලය ආසන්නයේ සංවිධානය කර තිබු විරෝධතාවකට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. අද (18) දහවල් එම විරෝධතාවය සංවිධානය කර තිබු අතර විරෝධතාව විසුරුවා හැරීම සඳහා මෙලෙස පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත. විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩලය සඳහා සිදුකළ වැටුප් වැඩිකිරීමට සමගාමීව තම වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා දිවයින පුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩලය අද දිනයේ ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනයට සමගාමීව මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. වැටුප් විෂමතා ගැටලුව නිරාකරණය කිරීම සඳහා බලධාරීන් පියවර නොගන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවීමට සිදුවන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

Read More

කොළඹ නගරය තුළ ඇති ඇළ මාර්ග අවහිර වන ලෙස පවතින නිවාස හා ඉදිකිරීම් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ මහ නගර සභාවේ, අධ්‍යක්ෂ ඉංජිනේරු, ආර්. ඒ. ටී. පී. රණවක මහතා පවසා සිටියේ, පසුගිය කාලයේ ඇති වූ තද වැසි හේතුවෙන් කොළඹ නගරය යට වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය. අදාළ නිවෙස්වල ජීවත් වන ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි නාගරික සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කර එවැනි ඇළ මාර්ග ආශ්‍රිතව නිවාස ඉදිරි කළ ජනතාව ඉන් ඉවත් කිරීමේ කටයුතු සුදානම් කර ඇතැයි ද ඒ මහතා පැවසීය. මට්ටක්කුලිය, ජේතවනය ආදි බොහෝ ස්ථානවල මෙවැනි…

Read More

කරාපිටිය රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක පිරිසක් සමග ඊයේ (17) සිදුවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් කරාපිටිය පිළිකා අංශයේ විශේෂඥ වෛද්‍යවරයා ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වෛද්‍යවරයා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් කිහිපදෙනකුට පහරදුන් බවට එල්ලවන චෝදනා හමුවේය. සැකකාර වෛද්‍යවරයා මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

Read More

කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති CCTV පද්ධතිය හරහා මාර්ග නීති කඩ කරන රියදුරන් හඳුනා ගැනීමේ වැඩසටහන ජනවාරි 22 වැනි දා සිට ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. එම වැරැදි සඳහා අදාළ දඩ පත්‍රිකා, වාහනය ලියාපදිංචි හිමිකරුගේ ආසන්නතම පොලිස් ස්ථානයට ලැබීමට සලස්වන බව ද ඔහු පැවසීය.

Read More

කළුතර පොලිස් කොට්ඨාස තුළ බහුලව මත්ද්‍රව්‍ය භාවිතා කරන ළමුන් ඉගෙනුම ලබන පාසල් හයක් කළුතර බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති බව කළුතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ, කළුතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී අදහස් දක්වමිනි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය. “එම හදුනාගත් පාසල් අතර ජනප්‍රිය පාසල්ද ඇතුළත්, ඒවායේ නම් සඳහන් කිරීම පාසල්වල කීර්ති නාමයට හානියක්. විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් දැනුවත් කළා. මේ වනවිට පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට පෙළඹිලා. මේ මත් උවඳුරෙන් පාසල් ළමුන් ගලවාගැනීමට අපි විශේෂ දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.” කළුතර කොට්ඨාසයේ 2023 වර්ෂයේ හෙරෝයින් සම්බන්ධ නඩු 1,334ක්, අයිස් පිළිබඳ නඩු 904ක්,…

Read More

ගාස්තු නොගෙවීම් හේතුවෙන් ජල පාරිභෝගිකයින් 80,000කට අධික පිරිසකගේ පසුගිය වසර තුළ ජල සැපයුම විසන්ධි කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව ලක්ෂ 30ක් පමණ වන ජල පාරිභෝගිකයින්ගෙන් 80,970 දෙනෙකුගේ ජල සැපයුම් විසන්ධි කර ඇති බව එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ඒ අතර ගෘහස්ත පාරිභෝගිකයින් 63,150 දෙනෙකු සිටින අතර ගෘහස්ථ නොවන පාරිභෝගිකයින් සංඛ්‍යාව 17,820ක් බව වාර්තා වේ. ජල සැපයුම් විසන්ධි කළ පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 1,909ක් ජලාපවහන මණ්ඩලයට අයකරගත යුතුව පවතී. එමෙන්ම ජල ගාස්තු නොගෙවීම හේතුවෙන් රුපියල් මිලියන 6,118ක් මණ්ඩලයට අය කරගත යුතුව පවතින බව ද සඳහන්ය. ඒ අතර රෝහල් මඟින් රුපියල් මිලියන 182ක් ද පාසල් මඟින්…

Read More