Author: LFN

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව එළඹෙන සඳුදා රැස්වීමට නියමිතය. ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනාව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදී තිබුණි. එහිදී යෝජනාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ඊට උපයෝගීතා කොමිසම ද සිය අදහස් එක් කරනු ඇත. අනතුරුව සති 03 ක කාලයක් එම යෝජනාවලිය මහජනතාවට ප්‍රසිද්ධ කිරීමට නියමිතය. එම කාලයෙන් පසු මහජන අදහස් විමසීමේ සැසිය පවත්වනු ඇත. අනතුරුව සියලු යෝජනා එක් කර නව යෝජනාවලිය ලංකා විදුලි බල මණ්ඩලයට ලබාදීමට නියමිතය. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මහජන…

Read More

ගාල්ල ප්‍රදේශයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක ඊයේ (20) පැවති ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රය සඳහා ගණක යන්ත්‍ර භාවිත කිරීමේදී ගැටලුවක් මතුවී ඇති බව වාර්තා වෙයි. දරුවන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමින් සිටියදී ඔවුන්ගේ ගණක යන්ත්‍ර ශාලාධිපතිනිය විසින් ලබාගෙන ඇති බව සඳහන්ය. ඊට හේතුව වී ඇත්තේ අපේක්ෂකයින් කිහිපදෙනෙකු විසින් අනුමත නොකරන ලද ගණක යන්ත්‍ර විභාග ශාලාව තුළට ගෙනඒම බව වාර්තා වෙයි. කෙසේවෙතත් ශාලාධිපතිනිය විසින් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව පැයකට පමණ ආසන්න කාලයකට පසු යළිත් වරක් ගණක යන්ත්‍ර විභාග අපේක්ෂකයින්ට ලබාදී ඇත. එහෙත් ගණක යන්ත්‍ර යළි තෝරා ගැනීම සඳහා කාලයක් ගතවී ඇතත් පිළිතුරු ලිවීම සඳහා අමතර කාලයක් ශාලාධිපතිනිය විසින්…

Read More

මාතර තෙලිජ්ජවිල මංසන්ධියේ ඊයේ (20) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් 24 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇත. වෙඩිවැදී ඇත්තේ ජංගම දුරකථන අලෙවිසැලක් තුළ සිටි පුද්ගලයෙකුටය. ඔහු වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනයට හේතුව හෝ වෙඩික්කරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

Read More

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදුවී 05 වසරක් සපරෙන අප්‍රේල් මස 21 වනදා ඉන් මියගිය සියලුදෙනා ශාන්තුවරුන් ලෙස ඔසවා තබන්නට ඔවුන්ගේ නම් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසති. උන්වහන්සේ ඒ බව සඳහන් කළේ (19) කඳාන, ශුද්ධ වූ සෙබස්තියන් මුනිදුන්ගේ සිද්ධස්ථානයේ පැවති සන්ධ්‍යා මෙහෙය පැවති අතරතුරදීය. කඳාන, ශුද්ධවූ සෙබස්තියන් මුනිදුන්ගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පැවැත්වෙන සන්ධ්‍යා මෙහෙය කොළඹ අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණි. එහිදී අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමි, “අප්‍රේල් මස 21 වනදාට පාස්කු ප්‍රහාරයට වසර 5යි. ඒ නිසා අපි තීරණයක් ගත්තා. ප්‍රහාරයෙන් මියගිය 273 දෙනා ශුද්ධාසනයට ඉදිරිපත් කරන්නට. මියගිය පිරිස ශාන්තුවරුන් ලෙස ඔසවා…

Read More

මුල්ලේරියාව පොලිස් වසමේ නිවෙස් බිඳ දේපොළ සොරකම් කිරීමේ අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු බස්නාහිර පළාත, දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු ඊයේ (20) දහවල් කාලයේ දී අත්අඩංගුවට ගෙන තිබුණේ, අංගොඩ ප්‍රදේශයෙනි. අත්අඩංගුවට ගත් සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරිම්වල දී පසුගිය 18 වනදා සහ 19 වනදා මුල්ලේරියාව පොලිස් වසමේ දෙල්ගහවත්ත පාර ප්‍රදේශයේ දී නිවෙස් 02ක තිබූ පස් තලන යන්ත්‍රයක්, ඉරන ලද කොස් දැව ඇතුළු දේපොළ සොරාගෙන ඇති බවට අනාවරණය වී තිබේ. සැකකරු විසින් සොරකම් කරන ලද කොස් දැව හා පස් තලන යන්ත්‍රය සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංවර්ධනය වෙමින් පවතින රටවල් 77 හා චීනය සමුළුව ඇමතීමට නියමිත ව තිබෙනවා. උගන්ඩාවේ කම්පාලානුවරදී එම සමුළුව අද පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය ලෙස 77 කණ්ඩායම හැදින්විය හැකියි. එහි නව සභාපතිත්වය කියුබාවට මෙවර හිමිවීමට නියමිතව තිබෙනවා. උගන්ඩා ජනාධිපති යෝවේරි මුසවේනි මහතාගේ ආරාධනයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට කම්පාලා නුවරට ගොස් සිටිනවා.

Read More

උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

රාත්‍රී හෝටලයකට කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙක් හෝටලයේ හිමිකාර යුවළට අමානුෂික ලෙස පහර දී හෝටලයට දැඩි අලාභහානි කිරීමේ පුවතක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා විය. පාදුක්ක – අංගම්පිටිය ප්‍රදේශයේ පිහිටි මෙම රාත්‍රී හෝටලය පවත්වාගෙන යනු ලබන්නේ යුවළක් විසිනි. පසුගිය (18) රාත්‍රි 10.45ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු එහි පැමිණ කොත්තුවක් ඇණවුම් කර තිබේ. කොත්තුව පිසින අතරවාරයේ දී ඔවුන් යළි පවසා ඇත්තේ, තමන්ට අවශ්‍ය කොත්තුවක් නොව පරාටා බවය. එහි දී හෝටලයේ හිමිකරුවන්, පරාටා නොමැති බව පැවසීමත් සමඟ එම පුද්ගලයින් දෙදෙනා ඔවුන්ට පහර දී කලහකාරී ලෙස හැසිරී ඇත. හෝටලයේ යුවළ සිය දරුවන් ද රැගෙන එම ස්ථානයෙන් වහා පළා ගොස් ඇත්තේ දිවි බේරාගැනීමටය. පසු ව ඔවුන් පාදුක්ක පොලීසියට ගොස්…

Read More

බෞද්ධ දර්ශනයට අපහාස වන අයුරින් කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති, ‘විශ්ව බුද්ධ’ නමින් පෙනී සිටි පුද්ගලයා එළැඹෙන 24 වැනි දා යළි අධිකරණයට කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (19) නියෝග කළේය. ඒ, ඇප මත මුදාහැරීමෙන් පසුවත් එම පුද්ගලයා අධිකරණයේ අවවාද නොතකා පෙර පරිදිම හැසිරෙන බවට තොරතුරු ලැබී ඇති බැවින් යළි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි. මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අදාළව කරුණු දැක්වීමට ශාක්‍යපුත්‍ර ජාතික සංවිධානයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණ තිබිණි.

Read More

නොබැඳි ජාතීන්ගේ 19 වැනි රාජ්‍ය නායක සමුළුවට උගන්ඩාවේ කම්පාලාහී දි අද (19) ආරම්භ විය. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද සහභාගි විය. සමුළුවේ මෙවර තේමාව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන්නයි. සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ඩිජිටල් වශයෙන් මෙන්ම මහා විනාශකාරී ආයුධ මගින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ රටවල් අතර ගැඹුරු අසමානතාවක් නිර්මාණය කර ඇති බැවින් යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා කඩිනමින් විසඳුම් සොයාගත යුතු බවය. එමෙන්ම ගෝලීය දකුණේ රටවල පවතින දේශපාලන, ආර්ථික, සමාජීය සහ දේශගුණික විපර්යාස අවම කිරීමේ අභිලාෂ සපුරාලන, බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීමට නොබැඳි ජාතීන්ගේ සංවිධානය දායක විය යුතු බව ද ජනාධිපතිවරයා…

Read More