Author: LFN
නාරම්මලදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ රොෂාන් කුමාරතිලක වෙනුවෙන් පොලීසියෙන් ලබාදුන් වන්දි මුදල පිළිබඳව පවුලේ සාමාජිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. වෙඩි වැදීමෙන් මියගිය රොෂාන් කුමාරතිලකගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (21) එම නිවසට පැමිණි අවස්ථාවේ දී පොලීසියෙන් ලබාදුන් රුපියල් මිලියනයක වන්දිය පිළිබඳ මියගිය රොෂාන්ගේ බිරිඳ ද මෙලෙස සිය විරෝධය පළ කර ඇත. ඇය පවසා ඇත්තේ සිය සැමියා වෙනුවෙන් සාධාරණයක් ඉටු කරනවා නම් එය ලිඛිතව තමාට ලබා දිය යුතු බවය. සිය සැමියාගේ ජීවිතය මිල කළ නොහැකි බවත් සිය දරුවන් වෙනුවෙන් හෝ සාධාරණයක් ඉටු කරන ලෙසටද ඇය එහිදී ඉල්ලා සිට ඇත. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන්…
හෙරොයින් තොගයක් සමග කොටුවූ සැකකරුවන් 11ක් පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය විසින් කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන ඇත. දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්රා දෙකකින් ප්රවාහනය කරමින් තිබූ මෙම හෙරොයින් මත්ද්රව්ය තොගය සමග සැකකරුවන් 11ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී අදාළ බහුදින ධීවර යාත්රාවල තිබී මත්ද්රව්ය කිලෝග්රෑම් 65යි ග්රෑම් 76ක් සොයාගත් අතර නාවික හමුදාව විසින් අදාළ මත්ද්රව්ය සමග සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය වෙත භාරදෙනු ලැබීය.
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ ප්රථම තරගය ඩක්වත් ලුවිස් න්යායට අනුව ලකුණු 39කින් ශ්රී ලංකා යෞවන කණ්ඩායම ජයගත්තේය. ලකුණු 204ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ ඉනිම අතරතුර තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය. ඒ අනුව ඩක්වත් ලුවිස් න්යායට අනුව ජයග්රහණය සඳහා ඔවුන්ට හිමිවූ ඉලක්කය පන්දුවාර 22කදී ලකුණු 129කි. එහෙත් ශ්රී ලංකා යෞවන කණ්ඩායමේ ප්රබල පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ යෞවන කණ්ඩායමට පන්දුවාර 21යි පන්දු 1කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 89ක් පමණි. මෙහිදී අගනා පන්දු යැවීමක නිරත වූ මල්ෂ තරුපති පන්දුවාර 4කදී ලකුණු 17කට කඩුලු 4ක් දවාගත්තේය. ඔහුට අගනා සහායක් ලබාදුන් විශ්ව ලහිරු සහ රුවිශාන් පෙරේරා…
ගෝලීය මූල්ය ව්යුහය ප්රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරයි. උගන්ඩාවේ කම්පාලා නුවරදි ආරම්භ කෙරුණු “G77 සහ චීනය” කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China) අමතමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ නූතන ජාත්යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ගෝලීය ණය විසඳුම් පිළිබඳ ආධිපත්යය දැරූ ලෝකය සඳහා බවය. අද වන විට, ගෝලීය ණය මෙන්ම විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ණය, පැරිස් සමාජයේ සාමාජිකයින් නොවන ණය හිමියන් සහ ජාත්යන්තර බැඳුම්කර වෙළඳපොළ විසින්…
ගංගොඩවිල මහෙස්ත්රාත් අධිකරණය විසින් විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. සැකකාර චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම චීවරධාරියා ව කළගෙඩිහේන ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. බුදු දහම පිළිබඳ ආන්දෝලනාත්මක ප්රකාශ නිකුත් කරමින් සහ සමාජ මාධ්යය තුළ ආන්දෝලනාත්මක හැසිරීම් සිදු කළ විශ්ව බුද්ධ නම් පුද්ගලයා මීට පෙර ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි. නමුත් මොහු අධිකරණයේ අවවාද නොතකමින් සුපුරුදු ලෙස හැසිරෙන බව පවසා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කෙරිණි.
මෙරට ශ්රම බළකායෙන් වැඩි පිරිසක් මේ වන විට මත්ද්රව්යවලට ඇබ්බැහි වී ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි. මත්ද්රව්ය නිවාරණය පිළිබඳ ප්රජාව දැනුම්වත් කිරිම වෙනුවෙන් මහරගම දී පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. ප්රජා පොලිස් පිහිටුවීමේ පස් වැනි අදියර ලෙස කොළඹ මධ්යම කොට්ඨාසයේ ප්රජා පොලිස් නිලධාරින් දැනුම්වත් කිරීමේ උත්සවයක් මාලිගාවත්ත පීඩී සිරිසේන ක්රීඩාංගනයේ දී ඊයේ (20) පැවැත්විණි. ඒ, මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ප්රධානත්වයෙනි. පොලිස් වසම් 08ක් නියෝජනය කරමින් ප්රජා පොලිස් සාමාජිකයන් 2,100ක් එම වැඩසටහනට සහභාගි වී සිටියේය.
මේ වසරේ පළමු කාර්තුව තුළදීම මෙරට ක්ෂුද්ර මූල්ය ක්ෂේත්රය නියාමනය කරන බව වැඩබලන මුදල් අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ප්රකාශ කළේ, ක්ෂුද්ර මූල්ය ක්ෂේත්රය තුළ වැඩිම ප්රතිලාභ ගෙන කටයුතු කරනු ලබන්නේ කාන්තාවන් බවයි. සුළු හා මධ්ය පරිමාණ ව්යාපාරිකයින්ගේ මූල්ය අවශ්යතා සපුරා ගැනීම සඳහා ඇපකර ක්රමවේදයක් ඉදිරියේ දී හදුන්වාදෙන බව ද වැඩබලන මුදල් අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. මේ අතර, ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය ප්රතිව්යුහගතකරණය සඳහා රුපියල් බිලියන 1.3ක් වෙන් කරනු ලැබුවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සතු කොටස් භාණ්ඩාගාරය සතු කරගැනීමට පමණක් බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර තිබේ. ඔහු ප්රකාශ කළේ,…
චීනයේ සිට ඉන්දියාවට පැමිණෙන පුද්ගලයින් සඳහා ඉන්දියාව සාමාන්ය වීසා මාර්ග නැවත ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසයි. ඉන්දියාවට යන චීන පුරවැසියන් සඳහා එය මහත් පහසුවක් වනු ඇතැයි ඉන්දියාවේ චීන තානාපති කාර්යාලය පෙන්වා දී තිබේ. ඔන්ලයින් හමුවීම් ඉවත් කිරීම, ඇඟිලි සලකුණු නිදහස් කිරීම සහ තාවකාලික ගාස්තු අඩු කිරීම වැනි සහන සැලසීම ඒ අතරින් ප්රමුඛය. 2023 වසරේදී චීනය විසින් ඉන්දියානු පුරවැසියන් සඳහා වීසා 180,000කට වැඩි ප්රමාණයක් නිකුත් කර ඇතැයි ද ඉන්දියාවේ චීන තානාපති කාර්යාලය පවසා තිබේ. එහි මාධ්ය ප්රකාශකයා පවසා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ චීන තානාපති කාර්යාලය විසින් ඉන්දියානු පුරවැසියන්ට චීනයට ගමන් කිරීමට පහසුකම් සැලසීමට පියවර රැසක් ගෙන ඇති බවය.
සතොස හරහා අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල අද (21) සිට රුපියල් 43ක් දක්වා ඉහළ නංවන බව වෙළෙඳ අමාත්ය නලින් ප්රනාන්දු මහතා පවසයි. වැට් වැඩිවීමත් සමග ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරයක් රුපියල් 35කට අලෙවි කිරීමට නොහැකි බැවින් සතොස අලෙවිසැල් බිත්තර අලෙවි කිරීම සීමා කර ඇත. ඒ අනුව මේ වනවිට සතොස අලෙවිසැල්වල මතුවී ඇත්තේ බිත්තර හිඟයකි. එවන් වාතාවරණයක යළිත් වෙළෙඳපොළේ දේශීය බිත්තර මිල ඉහළ ගොස් ඇති අයුරු දක්නට ලැබේ. ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු ද පැවසුවේ වැට් වැඩිකිරීම නිසා ඉන්දියාවෙන් රුපියල් 35කට ආනයන කළ බිත්තරයක රුපියල් 42කට අලෙවි කිරීමට සිදුවන බවය. මෙරට වෙළෙඳපොළේ බිත්තරයක්ද රුපියල් 42ක්…
ප්රදේශවාසීන්ගේ විරෝධය හේතුවෙන් රැස්වීමකට සහභාගී වීමට ගිය තමන්ට නැවත හැරී පැමිණීමට සිදුවූ බවට පළවන වාර්තා අසත්ය බව රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතා පවසයි. පුත්තලම, දළුව ප්රදේශයේදී රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතාට ජනතාවගේ විරෝධතාව එල්ලවූ බවට පළවූ වාර්තාවලට ප්රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. පුත්තලම දළුව ප්රදේශයේ පිහිටි නිර්මලපුර – නාවක්කාඩු මාර්ගය ලෝක බැංකු ආධාර මත මාර්ගය කාපට් යොදා සංවර්ධන කිරීමේ ව්යාපෘතිය පිළිබඳව මූලික අදියරේ සාකච්ඡාවක් ඊයේ දළුව ප්රදේශයේදී පැවති අතර ඊට රාජ්ය ඇමති සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක්ද පැමිණීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් සංවර්ධන ව්යාපෘතිය සඳහා දේශපාලඥයින් මැදිහත් වීමට ගම්වාසීන් එහිදී විරෝධය පළකර තිබුණි. ඒ ගංවතුරින් තම ගම්මානයේ ජනතාව…