Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව පළමු ජය හිමිකරගනී
    Sport

    යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව පළමු ජය හිමිකරගනී

    By LFNJanuary 22, 2024No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ ප්‍රථම තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 39කින් ශ්‍රී ලංකා යෞවන කණ්ඩායම ජයගත්තේය.

    ලකුණු 204ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ ඉනිම අතරතුර තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.

    ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා ඔවුන්ට හිමිවූ ඉලක්කය පන්දුවාර 22කදී ලකුණු 129කි.

    එහෙත් ශ්‍රී ලංකා යෞවන කණ්ඩායමේ ප්‍රබල පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ යෞවන කණ්ඩායමට පන්දුවාර 21යි පන්දු 1කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 89ක් පමණි.

    මෙහිදී අගනා පන්දු යැවීමක නිරත වූ මල්ෂ තරුපති පන්දුවාර 4කදී ලකුණු 17කට කඩුලු 4ක් දවාගත්තේය.

    ඔහුට අගනා සහායක් ලබාදුන් විශ්ව ලහිරු සහ රුවිශාන් පෙරේරා කඩුලු 2 බැගින් දවාගත්තේය.

    ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යෞවන කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස්කරගැනීමට සමත්විය.

    එහිදී අගනා පිතිහරඹයක නියැලුණු දිනුර කළුපහන පන්දු 55කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමග ලකුණු 60ක් රැස්කරගත්තේය.

    නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ෂන්මුගනාදන් හතරේ පහර 3ක් සමග ලකුණු 41ක් රැස්කරගත්තේය.

    මීට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් රවිශාන් ද සිල්වා සහ රුසඳ ගමගේ ලකුණු 31 බැගින් රැස්කරගත්තේය.

    ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිම්බාබ්වේ පන්දුවයන්නන් විසින් ප්‍රබල බලපෑමක් එල්ලකළේය.

    එහිදී Kohl Eksteen කඩුලු 3ක් දවාගත් අතර Newman Nyamhuri සහ Matthew Schonken කඩුලු 2 බැගින් දවාගත්තේය.

    මුල්පෙළ පිතිකරුවන්ට එල්ලවූ දැඩි පීඩනය හමුවේ ශ්‍රී ලංකා යෞවන කණ්ඩායමේ ලකුණු පුවරුව පන්දුවාර 5ක් අවසානයේදී දැක්වුණේ ලකුණු 13කට කඩුලු 3ක් ලෙසටය.

    එහෙත් කළුපහන, ෂන්මුගනාදන්, රවිශාන් සහ රුසඳ එක්ව ගොඩනැගූ සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 204ක් දක්වා වර්ධනය විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.