Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගහලා හිරේ ගියත් මම බයේ එන්නේ නැහැ – සනත් නිශාන්ත
    Featured

    ගහලා හිරේ ගියත් මම බයේ එන්නේ නැහැ – සනත් නිශාන්ත

    By LFNJanuary 21, 2024No Comments2 Mins Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශවාසීන්ගේ විරෝධය හේතුවෙන් රැස්වීමකට සහභාගී වීමට ගිය තමන්ට නැවත හැරී පැමිණීමට සිදුවූ බවට පළවන වාර්තා අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

    පුත්තලම, දළුව ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ජනතාවගේ විරෝධතාව එල්ලවූ බවට පළවූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

    පුත්තලම දළුව ප්‍රදේශයේ පිහිටි නිර්මලපුර – නාවක්කාඩු මාර්ගය ලෝක බැංකු ආධාර මත මාර්ගය කාපට් යොදා සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව මූලික අදියරේ සාකච්ඡාවක් ඊයේ දළුව ප්‍රදේශයේදී පැවති අතර ඊට රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක්ද පැමිණීමට නියමිතව තිබුණි.

    කෙසේ වෙතත් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා දේශපාලඥයින් මැදිහත් වීමට ගම්වාසීන් එහිදී විරෝධය පළකර තිබුණි.

    ඒ ගංවතුරින් තම ගම්මානයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වූ අවස්ථාවේදී කිසිඳු දේශපාලඥයෙකු තමන් පිළිබඳව සෙයා නොබැලූ බවට චෝදනා කරමිනි.

    ගම්වාසීන්ගේ විරෝධය පිළිබඳව සැලවූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා එම ස්ථානයට නොපැමිණ නැවත හැරී ගොස් ඇති බවට වාර්තා විය.

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

    “ලෝක බැංකු ආධාර ව්‍යාපෘති නතරකිරීමට අරමුණු වුණේ මොකක්ද කියලා මම නිලධාරීන්ගෙන් ඇහුවා. කාපට් කරන කොටස පිළිබඳ වූ සාකච්ඡාවට ජවිපෙට සම්බන්ධ පිරිසක් ඇවිත් වෙනත් පාරක බෝක්කුවක් හදන්න කියලා. පළාත් සභා පාරවල් හදන්න බැහැ කියලා තේරෙන්නේ නැහැනේ. අදාළ ව්‍යාපෘතිය පමණයි ක්‍රියාත්මක කරන්නේ. මාව එලවනවාද නැද්ද කියලා බලන්න මම එතනට ගියේ නැහැ… එය සම්පූර්ණ බොරුවක්.”

    “චණ්ඩි එලෙව්වාට අපි බයේ හැරිලා එන්නේ නැහැ. මම ගුටි කාලා එන්නේ නැහැ… ගහලා හිරේ යනවා. මම බෙම්පි සිඤ්ඤො නෙමෙයි… මම සනත් නිශාන්ත මිසක් වෙන කවුරුත් නෙවෙයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.