Author: LFN
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වල දී යතුරුපැදියක් හා වෑන් රථයක් හක්මන පොලීසිය විසින් සොයාගෙන තිබේ. පොලීසිය සැක කරන්නේ, ප්‍රහාරය සඳහා යොදාගත් ටී 56 වර්ගයේ ගිනි අවි දෙක බැහැර කිරීමට අදාළ යතුරුපැදිය යොදාගෙන ඇති බවයි. අපරාධයෙන් පසු ව සැකකරුවන්ට සැඟවී ගමන් කිරීමට අදාළ වෑන් රථය භාවිත කිරීම සඳහා සූදානම් කර තිබූ බවට ද පොලීසිය සැක පහළ කරයි. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව සඳහන්ය.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පතිවරයා විසින් ඊයේ (24) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ අනුව ප්‍රවාහන හා සංදේශ දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති කේ.කඩුපිටිය මහතා බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත. යාපනය දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.එම්.සෙනරත් මහතා ප්‍රවාහන හා සංදේශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ.ජයසිංහ මහතා යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් මාරු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කර තිබේ.
ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙඩිතබා ඝාතනය කර තිබේ. පොලීසිය පවසන්නේ ටී 56 ගිනි අවියක් යොදාගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට පාර්ලිමේන්තුව තීරණය කළේය. එම ඡන්ද විමසීමේදී අදාළ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83ක් සහ විපක්ෂව ඡන්ද 50ක් හිමිවිය. ඒ අනුව එම පනත් කෙටුම්පත විවාදයට ගැනීම වැඩි ඡන්ද 33කින් සම්මත වීමත් සමග විවාදය ආරම්භ කෙරුණි.
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, මේ වසරේ ගත වූ පළමු දින 20 තුළ මෙම මරණ වාර්තා වන බවය. මේ වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 7,507 දෙනෙකු වාර්තා වී තිබේ. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1,602කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,536ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 637ක් වාර්තා වී තිබේ. මේ අතර ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවගෙන් ලැබෙන සහය ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ 2024 වර්ෂය සඳහා ලබාදී ඇති ස්ථානමාරුවීම් වහාම ක්‍රියාත්මක කරන ලෙස සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ. රාජ්‍යසේවා කොමිෂන් සේවා සභාවේ ලේකම්වරයා විසින් ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වේ. 2024 වර්ෂය සඳහා වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අදාළව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලැබී ඇති අභියාචනා සම්බන්ධයෙන් ද කොමිෂන් සභාවේ තීරණ මේ වන විට දැනුම් දී තිබුණ ද තවදුරටත් විවිධ පාර්ශව වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වන බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි. මේ හේතුවෙන් වාර්ෂිත ස්ථාන මාරුවීම් යටතේ ලබා දී ඇති ඇතැම් ස්ථානමාරු චක්‍ර ක්‍රියාවට නැංවිය නොහැකි වී ඇති අතර…
ව්‍යාජ ප්‍රතිදේහ නිෂ්පාදනය කළ සීදූව අමන්දොළුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාව ඊයේ (21) විමර්ශන නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ. අදාළ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ අයිතිකරු ද බන්ධනාගාර නිලධාරීන් විසින් එම ස්ථානයට කැඳවා සිටි බව වාර්තාවේ. එහිදී සිදුකළ ස්ථානීය පරීක්ෂාවේ දී පරිගණක දත්ත ගබඩා 08ක්, ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත ගබඩාව සහ ශීතකරණයක් තුළ තිබූ ප්‍රතිදේහ අඩංගු කුප්පි 10ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ. මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ තවත් ව්‍යාජ ලිපි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි. එහිදී ඔහු සඳහන් කළේ ඖෂධ ගෙන්වීම…
වැඩිමල් සොහොයුරා විසින් එල්ලකළ කතුරු ප්‍රහාරයකින් ඔහුගේ බාල සොහොයුරා මියගොස් තිබේ. මෙම ඝාතනය සිදුව ඇත්තේ බොරැල්ල සර්පන්ටයින් පාරේ නිවසකදීය. සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු මත්පැන් පානය කරමින් සිටියදී සිය වැඩිමහල් සොහොයුරා සමඟ ඇති වූ බහින් බස් වීමත් දුරදිග යාමෙන් අනතුරුව සැකකාර වැඩිමල් සොහොයුරා විසින් කතුරකින් මෙලෙස ඔහුගේ පපු ප්‍රදේශයට පහරදී තිබේ. කතුරු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මොවුන් දෙදෙනාම මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය සඳහා ඇබ්බැහි වූවන් බවද පොලීසිය පවසයි. 59 හැවිරිදි සැකකාර සොයුරා ඝාතනයට යොදා ගත් කතුරත් සමග පොලීසිය විසින්…
දැනට ක්‍රියාත්මක වෙමින් පවතින යුක්තිය මෙහෙයුම වහාම තාවකාලිව අත්හිටුවා එය සමාලෝචනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂඥන් පිරිසක් ඉල්ලා සිටී. ඔවුන් පවසන්නේ බලධාරීන් සෞඛ්‍ය සහ මානව හිමිකම් වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි. ඔවුන් විසින් නිකුත් කර තිබූ සම්පූර්ණ නිවේදනය පහතින්, GENEVA (22 January 2024) – UN experts* expressed alarm at the heavy security-driven approach of Sri Lanka’s drug response. They called on authorities to immediately suspend and review so-called Operation ‘Yukthiya’ and to focus on policies based on health and human rights. “Drug users have human rights,” the experts said. “They deserve to live a life with dignity without…
සමෘද්ධි වැඩසටහන යටතේ මෙතෙක් ප්‍රතිලාභ ලැබූ ආයතනගත පුද්ගලයින් 16,146ක් වෙත ජනවාරි මාසයේ සිට රුපියල් 2,000ක දීමනාවක් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමට රජය තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත. ඒ අනුව පිරිවෙන් වල වැඩසිටින හිමිවරුන්, ළමානිවාස, වැඩිහිටි නිවාස, රැකබලා ගැනීමේ නිවාස වල සිටින අබාධිත පුද්ගලයන් සඳහා මෙම දීමනාව හිමිවනු ඇත.