Author: LFN

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අනුරාධපුර, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…

Read More

ලබන ජුනි මස අවසන් වීමට පෙර මෙරට පාතාල කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයන් සියල්ල ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, කුමන බලපෑම් එල්ල වුව ද යුක්තිය මෙහෙයුම නතර නොකරන බවය. මීගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එම අදහස් පළ කළේය. එහි දී අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, මේ වනවිට රට තුළ මත්ද්‍රව්‍ය මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව ද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහි දී සඳහන් කළේය.

Read More

19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද (28) පැවැත්වෙයි. ඔස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වෙන එම තරගය අද (28) පස්වරු 01.30ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ ‘සී’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව සහභාගි වූ තරග දෙකම ජය ගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව සිටින අතර, ඕස්ට්‍රේලියාව එහි පළමු ස්ථානයේ පසු වෙයි.

Read More

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ අද (29) අලුයම අවසන් වූ පැය 24 තුළ සැකකරුවන් 803 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙහෙයුම්වල දී හෙරොයින් ග්‍රෑම් 212ක්, අයිස් ග්‍රෑම් 101ක් සහ මත්පෙති 169ක් පොලිස් භාරයට ගෙන ඇත. මීට අමතර ව අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් සැකකරුවන් 05 දෙනෙකුට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බව පොලීසිය පවසයි.

Read More

ලෝකයේ විශාලතම සංචාරක නෞකාව වන ‘අයිකන් ඔෆ් ද සීස්’ සිය මංගල ගමන ආරම්භ කර තිබේ. අමෙරිකාවේ ෆ්ලොරීඩාවේ මියාමි සිට අදාළ නෞකාව ගමන් ආරම්භ කර ඇති අතර, දින 07ක් කැරබියන් දූපත් ආශ්‍රිත ව සිය මංගල ගමන සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත. රෝයල් කැරබියන් ආයතනය සතු මෙම නෞකාව මීටර් 365ක දිගින් සහ තට්ටු 20කින් සමන්විත වන අතර, උපරිම වශයෙන් මගීන් 7,600කට එහි ගමන් කළ හැකි බව සඳහන්ය. ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක විශාලත්වයකින් යුත් මෙම නෞකාවේ පිහිනුම් තටාක 07ක් පවතින බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම නෞකාව මගින් අහිතකර මීතේන් වායුවක් මුදාහැරෙන බවට පරිසරවේදීන් විසින් අනතුරු ඇඟවීමක් ද…

Read More

ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු තුනකින් පොලිස් කාන්තාවක්, තරුණයෙක් සහ තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබේ. ඊයේ (27) එම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි. මීරිගම – පස්යාල මාර්ගයේ දුමුන්නේගෙදර ප්‍රදේශයේ දී සිදු වූ යතුරපැදි අනතුරකින් පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට පත් ව තිබේ. මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම, ඊට ඉදිරියෙන් ධාවනය වූ තවත් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කන්ටේනර් රථයකට ඉඩ ලබා දී නැවත වම් පැත්තට ගැනීමේ දී ඉදිරියෙන් ගිය යතුරුපැදියේ ගැටී ඇත. පසු ව යතුරුපැදිය මාර්ගයේ වැටී ඇති අතර, යතුරුපැදියේ ගමන් කළ පසුපැදිකාරිය ඉදිරියෙන් පැමණි කන්ටේනර් රථයට යට වී ඇත.…

Read More

‍රාජ්‍ය සේවය තවදුරටත් ප්‍රසාරණය කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ජන අනුපාතයට අනුව ලෝකයේ වැඩිම රාජ්‍ය සේවකයින් සංඛ්‍යාවක් සිටින රට ශ්‍රී ලංකාව බවයි. ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සදහන් කළේ ය.

Read More

ලෝක ලාදුරු දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම ජනවාරි මස අවසන් ඉරිදා දිනය ලෝක ලාදුරු දිනය ලෙස නම්කර ඇති අතර, ලෝකයේ රටවල් 120කින් පමණ වාර්ෂික ව ලාදුරු රෝගීන් වාර්තා වන බව සඳහන් ය. ශ්‍රී ලංකාව ද වාර්ෂිකව එම දිනය සැමරීම සිදු කරන අතර, ලාදුරු රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම මෙහි ප්‍රධානතම අරමුණ බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසීය. පෙර වර්ෂවලට සාපේක්ෂ ව පසුගිය වර්ෂයේ මෙරට තුළින් වාර්තා වූ ලාදුරු රෝගීන් සංඛ්‍යාවේ යම් වැඩි වීමක් පෙන්නුම් කරන බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ ය. ළමුන්ට ලාදුරු රෝගය වැළඳීම පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්…

Read More

කුරුණෑගල – ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ කිවුල්ගල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි.

Read More

පනත් කෙටුම්පත් එක පිට එක පැමිණි කාලයක් උදා විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පැමිණි දා සිට පෙරට එන පනත් කෙටුම්පත් පිළිබඳ සංවාදය සමාජයේ බරපතළ තිගැස්මක් ඇති කළේ ය. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත, දූෂණ විරෝධී පනත් කෙටුම්පත, මහබැංකු පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ආදිය, සමාජය තුළ ප්‍රමුඛ සංවාදයක් ඇති කළ පනත් කෙටුම්පත් ය. මෙම කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සභාගත කළ විගසම සමාජය තුළ බරපතළ කැලඹීම් ඇති විය. විශේෂයෙන් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත (ATA) පිළිබඳ සාකච්ඡා කිරීමේ දී එය සමාජය තුළ දරුණු විවේචනයන්ට භාජනය වූ හැටි බව අපට සිහි කළ හැකි ය. නීතිඥ ප්‍රජාව, සමාජ ක්‍රියාකාරිකයන්, වෘත්තීය සමිති, විපක්ෂ දේශපාලන…

Read More