Author: LFN
ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (31) පැය 10ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. හදිසි මිලදීගැනීම්වලට මුවාවී ව්‍යාජ ලේඛන සකස්කරමින් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මාත්‍රා සැපයීම, මිලදීගැනීම සහ මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. මේ අතර මෙම නඩුවට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ පෙනී සිටින ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැනුම් දී තිබුණද ඔහු ඊයේ අපරාධ…
අපොස උසස් පෙළ උත්තරපත්‍ර සමීක්ෂණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. මෙවර ද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්‍රමාණයම ඒ ආකාරයට උත්තරපත්‍ර පරීක්ෂා කරන ප්‍රධාන පරීක්ෂකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට ගෙවීමට කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමේ ක්‍රමවේදයන් සිදුකිරීම මැඩලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විශේෂ වැටලීමක් සිදුකර තිබේ. දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම විශේෂ මෙහෙයුම ඊයේ (31) සවස 4 සිට රාත්‍රී 8 දක්වා සිදුකර තිබිණි. එහිදී එවැනි ජංගම දුරකථන ඔස්සේ මුදල් ලබාදෙන මධ්‍යස්ථාන 1,964ක්, අවසරලත් පුද්ගලික සන්නිවේදන මධ්‍යස්ථාන 2,131ක්, Reload and bill payment ජංගම යන්ත්‍ර පිහිටි ස්ථාන 1,074ක් සහ හඳුනාගත් වාණිජ බැංකු ශාඛා සහිත ස්ථාන 1,202ක් ආශ්‍රිතව මෙම මෙහෙයුම සිදුකර තිබේ. එහිදී පුද්ගලයින් 316 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 20ක් සහ අපරාධවලට සම්බන්ධ…
රෝහල්වල වැඩකටයුතු සිදුකිරීම සඳහා සහාය වීමට ත්‍රිවිධ හමුදාව කැඳවූ බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි. සිය ඉල්ලීම්වලට මේ දක්වාත් විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01) උදෑසන 6.30 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතව සිටී. මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර, එම අපහසුතාවය මඟ හැරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට තීරණය කර ඇත. ඒ අනුව මේ වනවිට බටහිර, නැගෙනහිර, මධ්‍යම සහ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් කළුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් ද මාතර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොළ, මීරිගම, හෝමාගම සහ කෑගල්ල ඇතුළුව රෝහල් 26ක දෛනික කටයුතු බාධාවකින්…
මොණරාගල දොඹගහවෙල ප්‍රදේශයේ නිවසකදී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් 10 හැවිරිදි වියේ පසුවූ කුඩා දරුවෙකු මියගොස් තිබේ. අදාළ නිවසේ කොන්ක්‍රීට් කණු දෙකක් අතර බැඳ තිබූ ඔන්චිල්ලාවක සෙල්ලම් කරමින් සිටියදී ඉන් එක් කණුවක් කඩා වැටී මෙම අනතුර සිදුව තිබුණි. එම කොන්ක්‍රීට් කණුව පපුව මතට වැටිමෙන් බරපතළ තුවාල ලැබූ දරුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. මෙම දරුවා අම්බලන්තොට රිදීගම ප්‍රදේශයේ පදිංචි අතර අනතුර සිදුවූ නිවසේ තිබූ ඥාති නිවසේ කොටහළු මංගල උත්සවයක් හේතුවෙන් එහි පැමිණ සිටියදී මෙම අනතුරට මුහුණපා තිබේ. මොණරාගල රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව දේහය අම්බලන්තොට ප්‍රදේශයේ පිහිටි දරුවාගේ නිවස වෙත ගෙනගොස් ඇත. දොඹගහවෙල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඉන්දීය නාවික හමුදාව විසින් මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ගෙන තිබූ යාත්‍රාවක් මුදාගෙන තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ සෝමාලියාවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී එම යාත්‍රාව කොල්ලකරුවන් විසින් සිය ග්‍රහණයට ගෙන තිබූ බවය. ඉරාන ධජය සහිත එම ධීවර යාත්‍රාව තුළ ධීවරයින් 11 දෙනෙකු සිට ඇත. ඉන්දීය මුහුදු සීමාවේ හා අරාබි මුහුදු සීමාවේ අඛණ්ඩව මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතවී සිටින බවද ඉන්දීය නාවික හමුදාව පවසයි.
ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසා තිබේ. ඔහු මෙම සහතිකය ලබාදුන්නේ ඉන්දීය කළමනාකරණ ආයතනයේ දේශනයකට එක්වෙමිනි. ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි ඉන්දියානු කළමනාකරණ ආයතනයේ දේශනයක් සඳහා එක්වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ශ්‍රී ලංකාව සමග ඇති සමීපත්වය පිළිබඳව අදහස් පළකරමින් මෙම අදහස් දක්වා තිබුණි. මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු වාණිජ මණ්ඩලය සංවිධානය කළ “75 වසරකින් එහා අමෙරිකානු – ශ්‍රී ලංකා ව්‍යාපාර සබඳතා 2024” උත්සවය අද පැවැත්වුණේ මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
පෙබරවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමා තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. ඒ අනුව මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 10,000ක් දක්වා සංශෝධනය කර තිබේ.
ආධුනික නීතිඥවරයෙකුට මහමගදී පහරදුන් තවත් නීතිඥවරුන් සහ නීතිඥවරියන් ඇතුළු 5 දෙනෙකු ඊයේ අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ. සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අත්තනගල්ල මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන්ව මුදාහරින ලෙසටය. සැකකරුවන් විසින් මෙලෙස පහරදී ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණ නීතිඥවරයෙකුට බව පොලීසිය පවසයි. මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ පහරකෑමට ලක්ව ඇති ආධුනික නීතිඥවරයා සහ ජ්‍යේෂ්ඨ නීතිඥවරියක් අතර බහින් බස්වීමක් සිදුව ඇති බවය. අනතුරුව වෙනත් ජ්‍යේෂ්ඨ නීතිඥවරයෙකු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ පහරකෑමට ලක්ව ඇති තරුණ නීතිඥවරයා කළගෙඩිහේන ප්‍රදේශයට කැඳවාගෙන ගොස් තිබේ. අනතුරුව බහින්බස්වීම සිදුවූ ජ්‍යේෂ්ඨ නීතිඥවරියගේ නිවස ආසන්නයේදී…
මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ සැකකරුවන් කිහිපදෙනෙකු නිදහස් කරන ලෙසට පොලිස් කොස්තාපල්වරයෙකුට බලපෑම් කළ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ලක්ෂ 20ක වන්දියක් අගතියට පත් නිලධාරියට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය කර තිබේ. මෙම නියෝගය සිදුකර ඇත්තේ 2021 වසරේ නොවැම්බර් මස 02 වනදා අදාළ සිදුවීම වන අවස්ථාවේ අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ යූ.එම්.අමරසිරි, එවක කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති මංගල ද සොයිසා අමරසේකර, එහි අපරාධ අංශය භාර ස්ථානාධිපති අසේල ප්‍රේමනාත් ද සිල්වා සහ පොලිස් සැරයන් ඉන්දික ද සිල්වා යන නිලධාරීන් පිරිසකටය. ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් එම වන්දිය ඊයේ දින සිට මාස හයක කාල සීමාවක් තුළ ගෙවා අවසන් කරන…