Author: LFN

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනෙකුත් පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවූ බව එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා සඳහන් කළේය. ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීමට නම් පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය. “මොන දේ වුණත් සාකච්ඡා කරන්න අවශ්‍යයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන්න කියලා අපි කිව්වා. අපි ඒ්ක පැහැදිලිව ජනාධිපතිතුමාට පෙන්වා දුන්නා.”

Read More

දීර්ඝ කාලයක් තිස්සේ සත්‍ය විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන විවිධ අපහාස කිරීම් පාලනය කිරීම සඳහා නීති හඳුන්වාදීම වරදක් නොවන බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන නා හිමි පවසයි. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (01) මහා නායක හිමි බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහා නායක හිමි පැවසුවේ කිසිදු පදනමකින් තොරව පසුගිය කාලයේදී තමන් වහන්සේට ද ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බවය. සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින්ට බාධාවකින් තොරව එය භාවිත කිරීමේ හැකියාව තිබිය යුතු බවද මහා නායක හිමි වැඩිදුරටත් පැවසුවේය. එසේම දේශපාලන අරමුණුවලින් තොරව සමාජ මාධ්‍ය නියාමනයට…

Read More

එළඹෙන මාර්තු මාසයේ සිට මෙරට පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5වන ශ්‍රේණිවල සියලු‍ දරුවන් සඳහා දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් ලක්ෂ 16ක් පමණ සිටින බවත් ඔවුන් වෙත පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම 2024 වසර වෙනුවෙන් අවශ්‍ය පාසල් පෙළ පොත් සියල්ල මේ වනවිට මුද්‍රණය කර අවසන් බවත් පාසල් ආරම්භයෙන් පසු තෙවැනි වාරය අවසන් වූ වහාම එම පෙළ පොත් ද නිල ඇදුම් රෙදි ද පාසල් දරුවන් වෙත ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික පාසල්වල විදේශ භාෂා…

Read More

ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිවරයා යම් හෙයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තම බලතල ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා තිබෙන ප්‍රතිකර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇති බවද ඉන් පෙන්වා දෙයි. එබැවින් ජනාධිපතිවරයාට කිසිඳු බාධාවකින් හෝ මැදිහත්වීමකින් තොරව ව්‍යවස්ථානුකූල රාජකාරි ඉටු කිරීමට සිදුවෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීම සිදු කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් පසුව බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට ඇති පාර්ලිමේන්තුවේ කථානායකවරයා සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක්…

Read More

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා සුවිශේෂී වීඩියෝවක් ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සිලයේ විසින් එහි ෆේස්බුක් ගිණුමේ පළකර තිබේ. එසේම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ අවස්ථාවට පිවිසීමට දැන් ක්‍රීඩාලෝලීන්ට හිමිව තිබේ. ඒ අනුව tickets.t20worldcup.com වෙබ් අඩවියට පිවිසීමෙන් මෙවර අමෙරිකාවේ සහ කොදෙව් දූපත් සත්කාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සියැසින් දැකගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට හිමිවෙයි.

Read More

උතුරු මැද පළාතේ ගව සොරකම් වැළැක්වීම සඳහා පොලීසිය නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව එම වැඩපිළිවෙල සඳහා ප්‍රජා පොලිස් කමිටු සහ සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට නියමිතය. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සැලසුමක අනුව මෙම නව වැඩසටහන පෙබරවාරි දෙවන සතිය වනවිට ආරම්භ කිරීමට නියමිතය. 2023.01.01 දින සිට 2024.01.24 දක්වා කාලය තුළ උතුරුමැද පළාතේ ගව සොරකම් අපරාධ 335ක් වාර්තා වී ඇති අතර එහිදී ගවයින් 572 කට ආසන්න ප්‍රමාණයක් සොරකම් කර ඇති බවට වාර්තාවෙයි.

Read More

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සමාගම් දෙකක් වශයෙන් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා පොදු සේවකයින්ගේ වෘත්තීය සමිතියේ මහ ලේකම් උදයංග රත්න දිවාකර මහතා විසින් ඊයේ (01) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත. නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකළ එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු 56 දෙනෙකු නම් කර තිබේ. පෙත්සම්කරු පවසන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සමාගම් දෙකකට වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණයක කර ඇති බව තමාට දැන ගැනීමට ලැබුණු බවය. රක්ෂණ…

Read More

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (02) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කරයි. එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල අද ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් අභිලාෂයන් කැඳවීමේ යෝජනා ඉදිරිපත් කිරීමේ කාලසීමාව නැවත වරක් දීර්ඝ කිරීමට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රීලංකන් පෞද්ගලීකරණය ක්‍රියාවලිය ඇරඹු දින සිට අභිලාෂයන් කැඳවීමේ සීමාව දීර්ඝ කළ තුන් වැනි අවස්ථාව මෙය වෙයි. ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පමාවන බව සලකුණු කරමින් ඒ සඳහා ආයෝජකයන්ට යෝජනා ඉදිරිපත් කළ හැකි කාලසීමාව තුන් වන වරටත් දීර්ඝ කර තිබේ. රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වැදගත් ඉදිරි පියවරක් ලෙසින් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා අභිලාෂයන් කැඳවීම පසුගිය වසරේ ඔක්තෝබර් 31වැනිදා සිදුකෙරුණු අතර එහිදී අභිලාෂයන් කැඳවීමේ අවසන් දිනය දැක්වුණේ පසුගිය වසරේ දෙසැම්බර් මස 05…

Read More