Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපතිගේ කාර්යයන් සහ ඊට බාධා කිරීම් ගැන දැනුම්දීමක්
    Featured

    ජනපතිගේ කාර්යයන් සහ ඊට බාධා කිරීම් ගැන දැනුම්දීමක්

    By LFNFebruary 2, 2024No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    ජනාධිපතිවරයා යම් හෙයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තම බලතල ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා තිබෙන ප්‍රතිකර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇති බවද ඉන් පෙන්වා දෙයි.

    එබැවින් ජනාධිපතිවරයාට කිසිඳු බාධාවකින් හෝ මැදිහත්වීමකින් තොරව ව්‍යවස්ථානුකූල රාජකාරි ඉටු කිරීමට සිදුවෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීම සිදු කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් පසුව බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට ඇති පාර්ලිමේන්තුවේ කථානායකවරයා සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන අතර, ජනාධිපතිවරයාට තම ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමට අවශ්‍ය සහයෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ලබා දෙනු ලබයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තම කාර්යයන් ඉටු කිරීමට බැඳී සිටින අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව සිය කාර්යයන් ඉටු කිරීමෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවද ඉන් පෙන්වා දෙයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තමන්ට පැවරී ඇති බලය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රතිකර්ම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    කථානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසින් අධිකරණය හරහා ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරයි.
    එබැවින් පාර්ලිමේන්තුව වගකිව යුත්තේ ජනතාවට පමණි.

    ජනාධිපතිවරයා විසින් මෙම කරුණු තවදුරටත් පැහැදිලි කිරීම සඳහා පාර්ලිමේන්තුවට යොමු කරනු ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.