Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇමති මණ්ඩල තීරණයකට එරෙහිව පෙත්සමක්
    Featured

    ඇමති මණ්ඩල තීරණයකට එරෙහිව පෙත්සමක්

    By LFNFebruary 2, 2024No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සමාගම් දෙකක් වශයෙන් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා පොදු සේවකයින්ගේ වෘත්තීය සමිතියේ මහ ලේකම් උදයංග රත්න දිවාකර මහතා විසින් ඊයේ (01) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

    නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකළ එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු 56 දෙනෙකු නම් කර තිබේ.

    පෙත්සම්කරු පවසන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සමාගම් දෙකකට වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණයක කර ඇති බව තමාට දැන ගැනීමට ලැබුණු බවය.

    රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ඉකුත් අප්‍රේල් මස 25 වනදා නිකුත් කළ ලිපියක ද ඒ බව සඳහන් කර ඇති බවත් ඔහු පවසයි.

    එම තීරණය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොමැති බවත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව මෙවැනි තීන්දුවක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවත් එමගින් ජනතාවට විශාල සුබසිද්ධියක් සැලසෙන බවත් ඔහු පවසයි.

    ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සමාගම් දෙකක් වශයෙන් වෙන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

    ඊට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්කම් සහ දේපළ අලුතින් ස්ථාපිත කිරීමට යෝජිත සමාගම් දෙකකට වෙන් කර ලබාදීම වළක්වාලමින් එහි අධ්‍යයක්ෂ මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

    එමෙන්ම අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් අයැද සිටි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.