Author: LFN
නැගෙනහිර සහ ඌව පළාත්වලත, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 371කි. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363කි. ලංකා භූමිතෙල් මිල ද රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262කි. මේ අතර ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 08කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 456කි. එසේම ලංකා සුපිරි ඩීසල් 4ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල ද රුපියල්…
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව අදාළ නිවස ලබාදීම සඳහා 2019 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ. මෛත්‍රිපාල…
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2023 දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 4% ලෙසයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කළේය. මේ අතර, ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී 3.3%ක් දක්වා ඉහළ ගොස් ඇත. එම අගය 2023 දෙසැම්බර් මාසයේදී 0.3%ක් ලෙස සඳහන් විය.
පසුගියදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් ද්විත්වයක් සඳහා අද (31) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය. සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත සහ නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායකවරයාගේ සහතිකය හිමිවිය. ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 5 දරන සමථකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත සහ 2024 අංක 6 දරන නොතාරිස් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
ගිහි ඇඳුමින් සැරසී තවත් කාන්තාවන් තිදෙනෙකු සමග විනෝද චාරිකාවක නිරත වූ බව පවසමින් වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබේ. ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා වැලිපැන්න පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එම විහාරය වෙත ගොස් ඇති අතර අනතුරුව සිද්ධියට සම්බන්ධ බවට සඳහන් විහාරාධිපති හිමිනම එම විහාරයෙන් පිටව ගොස් තිබේ. අදාළ හිමිනම පසුගිය දිනක කතරගම, ලුණුගම්වෙහෙර සහ මහනුවර ප්‍රදේශවල මෙලෙස ගිහි ඇඳුමින් සැරසී චාරිකාවක නිරතව ඇති බව ප්‍රදේශවාසීන් එහිදී චෝදනා කර ඇත. එම විහාරාධිපති හිමි ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී කාන්තාවන් තිදෙනා සමග ගිහි ඇඳුමින් සැරසී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් කිසියම් අයෙකු විසින් සමාජ මාධ්‍ය ගිණුමට එක්කිරීමත් සමග ප්‍රදේශවාසීන් විශාල පිරිසක්…
අමෙරිකාවෙන් එල්ල වන තර්ජන සඳහා ප්‍රතිචාර දක්වන බව ඉරානය අනතුරු අඟවයි. ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදාවේ ප්‍රධානී, හොසේන් සලාමි ඒ බව පවසා තිබුණි. ජෝර්දාන – සිරියා දේශසීමාවේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට පසුගියදා එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් හමුදා සාමාජිකයින් තිදෙනෙක් මියගිය අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ ඊට ඉරානය සම්බන්ධ බවය. ඊට දැනෙන ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින ලෙසත් ඔහු පැවසීය. “අමෙරිකානු නිලධාරීන් ගේ තර්ජන ගර්ජන අපිට ඇහෙනවා. අපි කියන්න කැමතියි ඔවුන් දැනටමත් අපිව පරීක්ෂා කරලා තියෙන්නේ. අපි එකිනෙකාව හොඳින් දන්නවා. එම කිසිදු තර්ජනයක් ප්‍රතිචාරයකින් තොරව ඉවතලන්නේ නෑ…” යනුවෙන් සලාමි පැවසීය.
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම දිවුරුම් දීම සිදුකළ බවය.
T-56 වර්ගයේ ගිනි අවියක් රැගෙන මෝටර් රථයකින් ගමන්කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන වැටලීම් ඒකකය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙල්ගොඩ වීරප්පන් සහ බාජා නැමැති අන්වර්ථ නම්වලින් හඳුන්වන 46 සහ 29 වියැති පුද්ගලයන් දෙදෙනෙකු බව පොලීසිය කීය. යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිස් කණ්ඩායම දෙල්ගොඩ සිට අඟුරුවාතොට දෙසට ගමන්කළ මෝටර් රථය නාර්තුපාන පාළම ආසන්නයේ දී නවතා පරීක්ෂා කිරීමේදී එහි තිබී වෙඩි උණ්ඩ 28 ක් සහිත මැගසීනයක් සහිත T-56 ගිනි අවියක් , කඩු 2 ක්, අත්බෝම්බ 2 ක් සහ හෙරෝයින් ග්‍රෑම් 11ක් හමුවී තිබේ. තවදුරටත් ප්‍රධාන සැකකරු ගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් කඩු 5 ක්, වායු රයිෆලයක්, ගල්කටස්…
නිදහස් සැමරුම් උත්සවයේ පුහුණුවීම් කටයුතු අතරතුර අනතුරට පත්වූ පැරෂුට්කරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ගුවන් හමුදාව පවසයි. අද (30) පෙරවරුවේ නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගත කළේය. අනතුරෙන් යුද හමුදාවේ පැරෂුට්කරුවන් දෙදෙනෙකු සහ ගුවන් හමුදාවේ පැරෂුට්කරුවන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. ඔවුන්ගෙන් දෙදෙනෙකු කොළඹ පිහිටි උස් ගොඩනැගිල්ලක් මතට වැටෙන අයුරු වීඩියෝවල සඳහන්ව තිබුණි.