Author: LFN
2009.05.19 දිනට පෙර මෙරට පැවති යුද්ධයට සක්‍රිය ව දායකත්වය ලබා දී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මිය ගිය, ආබාධිත ව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පූර්ණ වැටුප හා දීමනා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. ඔවුන්ගේ වයස අවුරුදු 55 එළැඹීමට පෙර මිය ගිය අවස්ථාවක දී අදාළ හමුදා සාමාජිකයාගේ වයස අවුරුදු 55 එළඹෙන දිනය දක්වා ඔවුන්ගේ යැපෙන්නන් වෙත මෙම වැටුප් හා දීමනා ලබා දීමට නියමිත ව තිබේ.
නාරම්මලදී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ලොරි රථ රියදුරෙකු මියයෑමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් ගමන්ගත් යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු සවිකර භාවිත කළ එකක් බව හෙළි වී ඇත. කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට ඒ බව වාර්තා කර තිබේ. 2007 වසරේදී අලෙවිසලකින් මිලදී ගෙන ඇති එම යතුරුපැදිය මේ වන තෙක් ලියාපදිංචි කර නොමැති බව වැඩිදුරටත් අනාවරණ වී ඇත. සිද්ධියට සම්බන්ධ සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා ලබන 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අනෙක් පොලිස් නිලධාරියාගේ විදෙස් ගමන් තහනම් කෙරිණි.
සම්මත වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මානව හිමිකම් සඳහා සෘණාත්මක බලපෑමක් එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි. එම කවුන්සිලය පෙන්වා දෙන්නේ, සිවිල් සමාජයට සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමේ දී මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වන බව සහතික කිරීම සඳහා එම නීතිය සංශෝධනය කිරීම සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.
ජනප්‍රිය ද්‍රවිඩ නළු, විජේ දේශපාලන ට පිවිස තිබේ. එසේම ඔහු සිය දේශපාලන පක්ෂය ‘ටැමිලගා වෙට්‍රි කලගම්’ ලෙස නම් කර ඇති බව වාර්තා වේ. දැනට වැඩ අවසන් වෙමින් පවතින සිනමා පට දෙකෙහි කටයුතු අවසන් වූ පසු ඔහු සිනමා වෘත්තීයෙන් සමුගෙන පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වීමට අදහස් කරයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 02.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පැය 10කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.
මිනුවන්ගොඩ – නිල්පනාගොඩ ප්‍රදේශයේ දී දෙදෙනෙක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇති වූ පහරදීමක දී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ තියුණු ආයුධයකින් සිදුකළ කළ පහරදීමක් හේතුවෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවය. ඊයේ (01) පෙරවරුවේ මෙය සිදුව ඇති අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි එක් දරු පියෙකි. ඔහු යුද හමුදා සෙබළෙකු ලෙස සේවය කර ඇති බව පොලීසිය පවසයි. මීට පෙර දිනයක දී මෙම යුද හමුදා සෙබළාගේ නිවසට පැන ඔහුගේ බිරිඳගේ රත්‍රං මාලයක් සොරෙකු විසින් සොරකම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සැක සිතී මෙම පුද්ගලයාගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට ගිය අවස්ථාවේ දී සැකකරු විසින් මෙලෙස…
සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (03) පෙරවරු 06.30න් පසු ව අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව අවධාරණය කර ඇත. අද පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළැඹුණ බව අද පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් එළැඹෙන අඟහරුවාදා දිනයේ නැවත සාකච්ඡාවක් සිදු කර බදාදා දිනයේ සිට වැඩවර්ජනය යළි ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න තීරණය කරන බව ද වෘත්තීය සමිති සමාජිකයෝ වැඩිදුරටත් පවසති.
පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අනුව පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකිය. පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් වියයුතු අතර එහි වෙසන්වීම ග්‍රෑම් 09කට නොවැඩි විය යුතුය. විකිණීමට තබා ඇති පාන් ප්‍රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් විය යුතු බවද පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව වාර්තාවේ. ඒ, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවය. අද පෙරවරු 09 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස අධිකරණය ඊයේ නියෝග කර තිබුණි. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධියට අදාළ නඩුව ඊයේ කැඳවු අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය. මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැනුම් දී තිබුණ ද ඔහු එය සිතාමතාම මගහැර තිබූ බවට අධිකරණයේදී කරුණු ඉදිරිපත් වුණි.