Author: LFN
76 වන ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 1,450ක පිරිසකට උසස් වීම් ලබා දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ උසස්වීම් ලබා දී ඇති බව සඳහන් ය. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බල සේනාවල නිලධාරීන් 211 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,239 දෙනෙකු වෙත එම උසස් වීම් ලබා දී තිබේ. එහි දී බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු මේජර් ජෙනරාල් නිලයට, කර්නල් නිලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 12 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 13 දෙනෙකු කර්නල් නිලයටත් උසස් කර තිබේ. මේ අතර…
තලාතුඔය පොලිස් වසමේ තැන්නේකුඹුර – රාගල මාර්ගයේ හරාගම ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (03) දහවල් කාලයේ දී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. තැන්නේකුඹුර දෙස සිට රාගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයකට හැරවීමට මාර්ගයේ දකුණු පසට ගැනීමේ දී රාගල දෙස සිට තැන්නේකුඹුරු දෙසට ධාවනය වූ වෑන් රථයේ ගැටී එම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකාරිය මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනාම මිය ගොස් තිබේ. මිය ගොස් ඇත්තේ, කවුඩුල්ල, මැදිරිගිරිය ලිපිනයේ පදිංචි 68 හැවිරිදි හා 62 හැවිරිදි අඹුසැමි යුවළකි. අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර,…
මරණීය තර්ජන එල්ල කර කප්පම් ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කොට්ටාව බස් නැවතුම්පොළේ නවතා තිබූ බස්රථයක රියදුරෙකුට කිසියම් පුද්ගලයෙකු රුපියල් 20,000ක මුදලක් ලබා දෙන ලෙස තර්ජනය කර ඇති බව පොලීසිය පවසයි. අනතුරුව ඔවුන් පිටකොටුව බස් නැවතුමට පැමිණ රථය නවතා තිබිය දී බස් රථයට නැගි පුද්ගලයෙකු රියදුරුගේ ඡායාරූපයක් ලබාගෙන තිබේ. ඒ පිළිබඳ සැක සිතූ රියදුරු ඇතුළු පුද්ගලයින් අදාළ පුද්ගලයා අල්ලා දුරකථනය පරීක්ෂා කිරීමේ දී රියදුරුගෙන් ලබාගත් ඡායාරූපය වට්ස්ඇප් ඔස්සේ විදේශීය දුරකථන අංකයට යොමු කර ඇති බව අනාවරණය කරගෙන ඇත. පසුව විදේශීය දුරකථන අංකයකින් අදාළ රියදුරුට රුපියල් 25,000ක කප්පමක් ගෙවන ලෙසට තර්ජනාත්මක ඇමතුමක් ලැබී තිබේ.…
76 වැනි ජාතික නිදහස් දිනයට සමගාමිව රටට සහ සියළු ජනතාවට ආශිර්වාද කරමින් රටේ යහපත වෙනුවෙන් කිසිඳු ජාතී භේදයකින් තොරව සියළුදෙනා එක්ව නැගී සිටීමට මහඟු ආදර්ශයක් එක්කරමින් මුලතිව් ප්‍රදේශයේ පිහිටි වට්ටප්පලේ කන්නගි අම්මාන් කෝවිල, කිලිනොච්චි මුරුකන්ඩි පුල්ලේයාර් කෝවිල, මුලතිව් කාලි කෝවිල, වට්ටප්පලේ ශ්‍රි වෙම්බඩි මුත්තුමාරි අම්මාන් කෝවිල, කේපාපිලව් කාලි අම්මාන් කෝවිල යන කෝවිල් පරිශ්‍රයන් තුල ඉතා විචිත්‍රවත් අන්දමින් ඊයේ ( 03)දින විශේෂ ආශිර්වාද පුජාවන් සිදුකර ඇති බවට වාර්තාවේ. සිවිල් සංවිධානයන් හා දමිළ දේශපාලන නියෝජිතයින් තම පටු දේශපාලන අරමුණ වෙනුවෙන් සාමාන්‍ය ජනතාවගේ සැබෑ නිදහස වළක්වාලමින් විවිධ විරෝධතා, උද්ඝෝෂණයන්, පා ගමන් හා කිළිනොච්චිය, මුලතිව් ප්‍රදේශයන්හි කළු දිනයක් නම් කර ගනිමින් සිදු කිරීමට සුදානම්…
රුපියල් 10,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාතලේ, යටවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදී එම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පැවසීය. පොලිස් නිලධාරීන් භාරයට ගෙන තිබු පැමිණිලිකරුගේ යතුරුපැදියේ බලපත්‍රය කල් ඉකුත්වීම හා වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම වෙනුවෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබු බව සඳහන් ය. කෙසේවෙතත් පසුව එය රු 50,000ස දක්වා අඩුකර ඉන් රුපියල් 10,000ක මුදලක් ලබාගන්නා අවස්ථාවේදී අදාළ පොලිස් සැරයන්වරු දෙදෙනා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පැවසීය. සැකකරුවන් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය…
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 410ක් රැස් කරගෙන සිටී. ඊයේ දිනයේ ඇන්ජලෝ මැතිව්ස් සිය 16වෙනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර දිනේෂ් චන්දිමාල් 15වෙනි ටෙස්ට් ශතකය රැස්කිරීමට සමත් විය. දිනේෂ් චන්දිමාල් ලකුණු 107ක් රැස් කරගෙන සිටියදී දැවී ගියේය. එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 141ක් රැස්කරගෙන සිටියදී දැවී ගියේය. ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කර ගනු ලැබුවේ ලකුණු 198ක් පමණි. ඒ අනුව ඇෆ්ගනිස්තාන පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව ලකුණු 212ක් ඉදිරියෙන් පසුවෙයි.
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය වැඩ තහනමට ලක්වී සිටින උපපොලිස් පරීක්ෂකවරයෙකු මහනුවර ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 24කට මිලදී ගෙන ඇතැයි තොරතුරු අනාවරණවූ බව පොලීසිය පවසයි. කෙසේ වෙතත් එම පුද්ගලයා දැනටමත් දිවයිනෙන් පළා ගොස් ඇතැයි සැක මතුවී තිබේ. මේ අතර ඝාතනයට සම්බන්ධවූ වෙඩික්කරුවන් දෙදෙනාගෙන් අයෙක් කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැත. අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා හෙවත් රෝයල් බීච් සමන් ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු පසුගිය 22වනදා බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කෙරුණි. ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් විමර්ශන සිදුකළ අතර එහිදී අනාවරණ කරගෙන තිබුණේ ප්‍රහාරය සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනාගෙන් අයෙක් චම්පික ප්‍රසන්න කුමාර නම් නාවික හමුදාවේ විශ්‍රාමික සෙබළෙක් බවය. ඔහු…
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට දැනට පනවා ඇති සිර දඩුවම්වලට අමතරව තවත් සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, විවාහ නීතිය උල්ලංඝනය කිරීමේ වරදට ය. එම වරද වෙනුවෙන් ඔවුන්ට තවත් වසර 7ක සිරදඬුවමක් අධිකරණයෙන් නියම කර තිබේ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ 09ක් නොසලකා හරිමින් කථානායකවරයා ක්‍රියාකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ හේතුවෙන් ඔහු පිළිබඳව විශ්වාසභංගයකට යාමට ඉදිරියේදී සිදුවිය හැකි බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි. ගාල්ලේ පැවති වැඩසටහනකදී ඔහු මේ බව කියා සිටියේය. එමෙන්ම සමගි ජන බලවේගය පක්ෂයේ සිටිමින් පක්ෂය විවේචනය කරන සාමාජිකයින්ට තරාතිරම නොබලා විනය පරීක්ෂණ පවත්වන බවටද මෙහිදී විපක්ෂ නායකවරයා අනතුරු අඟවා සිටියේය.. එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, “කථානායක අනීතිකව මාර්ගගත පනතට අනුමැතිය දුන්නා. මේ ගැන අපි විශ්ලේෂණයක් කළා .අවස්ථා 9කදී ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ අමතක කරලා. කථානායක ගැන අපිට විශ්වාසයක් නැහැ. කථානායක ගැන…
ශ්‍රී ලංකා – තායිලන්ත ආර්ථික සබඳතාව යළි පණ ගැන්වීමට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරටේ ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටී. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (03) පස්වරුවේ කොළඹදී පැවැති ශ්‍රී ලංකා – තායිලන්ත ව්‍යාපාරික හමුව අමතමිනි. මෙම අවස්ථාවට තායිලන්ත අගමැති ප්‍රමුඛ එරට දූත පිරිස ද එක්විය. ආහාර, ආහාර හා සැකසුම්, සෞඛ්‍ය, බලශක්ති, ආගන්තුක සත්කාර, සංචාරක, ධීවර, කෘෂිකර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍ර නියෝජනය කරමින් තායිලන්තයේ ඉහළ පෙළේ සමාගම් රැසක ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් මේ සඳහා එක්විය. ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ආසියාන් රටක් සමග එළැඹි දෙවන නිදහස් වෙළෙඳ ගිවිසුම ලෙස ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට (FTA) අත්සන් තැබූ බවය. රටවල් දෙකෙහිම…