Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ රහස් රැසක් හෙළිවෙයි
    Featured

    බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ රහස් රැසක් හෙළිවෙයි

    By LFNFebruary 4, 2024No Comments2 Mins Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි ජීප් රථය වැඩ තහනමට ලක්වී සිටින උපපොලිස් පරීක්ෂකවරයෙකු මහනුවර ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 24කට මිලදී ගෙන ඇතැයි තොරතුරු අනාවරණවූ බව පොලීසිය පවසයි.

    කෙසේ වෙතත් එම පුද්ගලයා දැනටමත් දිවයිනෙන් පළා ගොස් ඇතැයි සැක මතුවී තිබේ.

    මේ අතර ඝාතනයට සම්බන්ධවූ වෙඩික්කරුවන් දෙදෙනාගෙන් අයෙක් කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැත.

    අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා හෙවත් රෝයල් බීච් සමන් ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු පසුගිය 22වනදා බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කෙරුණි.

    ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් විමර්ශන සිදුකළ අතර එහිදී අනාවරණ කරගෙන තිබුණේ ප්‍රහාරය සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනාගෙන් අයෙක් චම්පික ප්‍රසන්න කුමාර නම් නාවික හමුදාවේ විශ්‍රාමික සෙබළෙක් බවය.

    ඔහු ඝාතනයෙන් අනතුරුව කඹුරුපිටිය බස්නැවතුම්පොළ අසලින් පැජෙරෝ රථයෙන් බැස යන පුද්ගලයා බව විමර්ශන නිලධාරීන් පසුව අනාවරණ කරගත්තේය.

    ඝාතනයෙන් අනතුරුව ඔහු විවිධ ප්‍රදේශවලට ගොස් ඇති අතර පසුගිය 29 වනදා උදෑසන 8.11ට කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන්ගේ පරීක්ෂාවෙන් අනතුරුව අබුඩාබි රාජ්‍ය බලා පිටව ගොස් ඇති බව තහවුරු කරගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    ඔහු විදෙස්ගතවී ඇත්තේ තමන්ගේ සැබෑ විස්තර ඇතුළත් විදෙස්ගමන් බලපත්‍රය භාවිත කර බවද වාර්තා වෙයි.

    පොලීසිය පැවසුවේ, ඊට අදාළ දර්ශන සීසීටීවී කැමරාවල ද සටහන්වී තිබෙන බවය.

    මේ අතර ඝාතකයන් පැමිණි පැජෙරෝ රථය නුවරින් රුපියල් ලක්ෂ 24ක පමණ මුදලකට මිලදීගෙන ඇත්තේ මංකොල්ලයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී මේ වනවිට වැඩ තහනමට ලක්වී සිටින උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ නමින් බව පොලීසිය සඳහන් කරයි.

    ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කලක් සේවය කර අනතුරුව ඇමති ආරක්ෂක අංශයේද සේවය කර ඇති බව සඳහන් ය.

    මහේෂ් සිල්වා නම් අදාළ පුද්ගලයා කොල්ලුපිටියේ පිහිටි මූල්‍ය ආයතනයකද සේවය කර ඇති අතර ඔහු ඌරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ඔහු මේ වනවිට සැඟව සිටින අතර ආරක්ෂක අංශ සැක කරන්නේ ඔහු මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට පළාගොස් ඇති බවය.

    මේ අතර අදාළ පැජෙරෝ රථය ඝාතනය වූ දින පදවා ඇත්තේ යුද හමුදාවෙන් ඉවත් කරන ලද හිටපු මේජර්වරයෙක් බවද පොලීසිය සඳහන් කරයි.

    එම පුද්ගලයාත් මේ වනවිට අතුරුදන් ය.

    කෙසේවෙතත් ඝාතනය සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

    සිද්ධිය සම්න්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.