Author: LFN

වත්මන් ජනාධිපතිවරයාගේ කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකි.

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව දඟ පන්දු පුහුණුකරුවෙක් පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඔස්ට්‍රේලියානු හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙකු වන Craig Howard මෙලෙස ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කර තිබේ.

Read More

ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මාධ්‍ය කළ විමසීමකදී සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඒ බව පැවසුවාය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ ඒ සඳහා විදෙස් ආයෝජකයින් කැඳවීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඉදිරියේදී සිදුකරන බවය. එසේම මේ සඳහා දේශීය ආයෝජකයින්ට ද අවස්ථාව හිමිවන අතර ඒ සඳහා සිදුකරනු ලබන ආයෝජනයන් ඩොලර් මගින් සිදුකිරීම කළයුතු බව රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Read More

දඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය’ ජනාධිපතිවරයා විසින් ඊයේ (05) විවෘත කළේය. සහජ දක්ෂතාවන්ගෙන් හෙබි මෙරට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික කණ්ඩායම නියෝජනය සඳහා සමාන අවස්ථා ලබා දීමේ අරමුණින් දියත් කළ”ජාතික ක්‍රිකට් සංවර්ධන ගමන් මඟ” ජාතික වැඩසටහනට සමගාමීව ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය’ නිර්මාණය කෙරුණි. එමෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදිකළ නව පිහිණුම් තටාකය විවෘත කළ ජනාධිපතිවරයා එහිදී පිහිණුම් තටාකයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ද එක්ව තිබුණි. නව්‍යකරණය කරන ලද ක්‍රීඩාංගණ විදුලි ආලෝක පද්ධතිය විවෘත කෙරුණේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි. මේ අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” මාධ්‍ය මධ්‍යස්ථානයට, නව ප්‍රේක්ෂකාගාරයට සහ ගෘහස්ත ක්‍රීඩාගාරය ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීමද ජනාධිපතිවරයා…

Read More

පාර්ලිමේන්තුව පමණක් නොව විධායක ජනාධිපතිවරයාද ජනතාවට වගකිවයුතු බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තු ව්‍යස්ථා සභාව සහ ජනාධිපතිවරයා අතර ගොඩනැගෙමින් පවතින ගැටළුකාරීත්වය පිළිබඳව වාර්තා වූ කරුණු පදනම් කරමින් එම ලිපිය ජනපති වෙත යොමුකර ඇත.

Read More

3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. මේ වනවිට රජුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත් ඔහු සහභාගි වීමට නියමිතව තිබූ සියලු වැඩ කටයුතු කල්දමා ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (06) වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයන් අපේක්ෂා කරන බවය.

Read More

මව පියා හා තුන් හැවිරිදි දියණියක ගමන් ගත් තීරෝද රථයක් හොරණ පානදුර මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගැටීමෙන් මව මියගොස් දැරිය හා පියා තුවාල ලබා ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම කොස්වත්තපාර පදිංචිව සිටි ආර් ඒ තනූජා ප්‍රියදර්ශනී (40) එක්දරු මවකි. ත්‍රී රෝද රථය හොරණ සිට බණ්ඩාරගම දෙසට ගමන් කිරීමේදී මාර්ගයේ පිටුපස සිටි මියගිය කාන්තාවක් සැමියා අමතා ඔන්න බස් එකක් එනවා යැයි පැවසීමත් සමඟම ඔහු එකවරම තීරෝද රථය වමට හැරවීමේදී ත්‍රී රෝද රථය මාර්ගයේ වට දෙකක් පෙරළී මීටර් කීපයක් ඉදිරියට ඇදී ගොස් පානදුර සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් ඇඹිලිපිටිය ඩිපෝවට අයත් බස් රථයේ ඉදිරි දකුණු…

Read More

ඉන්දියාවේ සංචාරයක නිරතවන ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා අද (05) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සමග සාකච්ඡා පවත්වා තිබේ. ජයිශංකර් මහතා සිය X ගිණුමෙහි සටහනක් තබමින් පවසන්නේ, ද්විපාර්ශික සම්බන්ධතා සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බවය.

Read More

ගම්පොළ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටීමෙන් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. එහිදී තවත් දරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

Read More