Author: LFN

පාන්වල නියමිත බර සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් කිරිමෙන් පසුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඒ සඳහා දිවයින පුරා වැටලීම් පසුගිය (05) දිනයේ දී ආරම්භ කළේය. එහිදී බේකරි සහ වෙළෙඳසල් පරික්ෂා කිරිමේ දී නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 50ක් පමණ වැටලීම් සිදුකර ඉදිරියේදී එම ආයතනවලට නඩු පැවරිමට කටයුතු කර ලැබේ.

Read More

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාව ඊයේ (06) පස්වරුවේ අවසන් වී තිබේ. වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 35,000ක DAT දීමනාව තමන්ටද ලබාදෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 72 සාමාජිකයින් මෙම සාකච්ඡාව ඉල්ලා තිබුණි. එහිදී සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව කඩිනමින් සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යංශ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහ වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් කමිටුවක් පත්කර ඇත. ඒ අනුව ඉදිරි සතිය තුළ ස්ථාවර පිළිතුරක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට තීරණය වී තිබේ. මෙම තත්ත්වය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව අද (07) දිනයේ සිට යෝජනා කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය තවත් එක් සතියකින් කල් දැමීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කළ බව…

Read More

පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමි ඇතුලු පිරිසක් සහ රාජාංගනය යාය 18 ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් අතර ඊයේ (06) ගැටුම්කාරී තත්වයක් හටගෙන තිබුණි. ඒ, කෝමාරිකා වගාවක් සිදුකරන මුවාවෙන් විල්පත්තුව වන රක්ෂිතය අනවසරයෙන් හෙළිපෙහෙලි කරන බවට ලැබුණු තොරතුරක් ගැන විමසා බැලීම සඳහා ගිය අවස්ථාවේදීය. ඒ අනුව පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමි ඇතුලු පිරිසක් පළමුවෙන් කලා ඔය අඩවි ආරක්ෂක කාර්යාලය වෙත පැමිණ තිබුණි. කෙසේවෙතත් තම ගැටලුවට විසඳුමක් නොලැබීම හේතුවෙන් ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස කෝමාරිකා වගා කළ භූමිය නිරීක්ෂණ කිරීම සඳහා පසුව පිටත්වී තිබුණි. එහිදී කෝමාරිකා වගා භූමියට පිවිසෙන මාර්ගයේ රැඳීසිටි ගම්වාසින් උන්වහන්සේ ගමන් කළ රථය අවහිර කරමින් දැඩි විරෝධයක් පළ කළේය. එහිදී ගැටුම්කාරී තත්ත්වයක් ද ඇතිවුණි.…

Read More

මැතිවරණ කොමිසම විසින් ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීතිවිරෝධී බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබේ. විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවකු මහතා විසින් මෙම මෝසම ඉදිරිපත් කර ඇත. විනිවිද පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සමකට අදාළව නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබේ. එම මෝසම තුළින් නාගානන්ද කොඩිතුවක්කු මහතා කියා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103(2) වගන්තිය ප්‍රකාරව එකම පක්ෂයක විවිධ…

Read More

වාද්දුව මුහුදු වෙරළ ප්‍රදේශයේ තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් හමුවී තිබේ. වාද්දුව පොලීසිය සඳහන් කළේ වාද්දුව දුම්රියපොළ ආසන්න මුහුදු වෙරළ ප්‍රදේශයේ තිබී මෙම මළසිරුර ඊයේ (06) පස්වරුවේ හමුවී ඇති බවය. මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 40ත් 50ත් අතර වියේ පසුවන පුද්ගලයෙකු බවට සැක කෙරෙයි. මූලික පරීක්ෂණවලින් පසුව සිරුර පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇත. වාද්දුව පොලීසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ජනවාරි මස 22 වනදා මෙම පංච පුද්ගල ඝාතනය සිදුකර තිබුණි. ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඊයේ (06) දින බෙලිඅත්ත පොලීසියට නීතිඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් වූ පුද්ගලයෙකු මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු 24 හැවිරිදි ඉඹුල්ගොඩ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

අද (07) දිනයේ දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අලුයම් කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් ද පවතී. මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරයි.

Read More

මොණරාගල, යාල රක්ෂිතයේ කුබුක්කන් ඔය අසල දිගු කාලීනව පවත්වාගෙන යනු ලැබු ගංජා වගාවක් හමුදා බුද්ධි තොරතුරු මත වැටලීමට සමත්ව ඇත. ඒ යුධ හමුදා බුද්ධි අංශය හා මොණරාගල කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිළධාරීන් සමග ඒකාබද්ධව පසුගිය පෙබරවාරී 04 වනදා සිදු කරන ලද වැටලීමකදීය. මෙම වැටලීමේදී කප්පාදු කිරීමට සුදානම්ව තිබු ගංජා පැල 16800 ක්‌ හා විකිණීමට සුදානම්ව තිබු වියලි ගංජා කිලෝ ග්‍රෑම් 1658.40ක්, මෙරට නිෂ්පාදිත කොටන තුවක්කු දෙකක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ සියඹලාන්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර යුද්ද හමුදා බුද්ධි තොරතුරු මත කතරගම ප්‍රදේශයේ අක්කර භාගයක ප්‍රදේශයක වගා කර තිබු තවත්…

Read More

කොළඹ ගාලුමුවදොර පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක් අසළ ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ පැමිණි දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇත.

Read More

එළඹෙන ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නියත වශයෙන් ඔක්තෝබර් 14 වනවිට මෙරට නව ජනාධිපතිවරයෙකු පත්විය යුතු බවය. එසේම ඉදිරි ජනාධිපතිවරණය සඳහා නියත වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More