Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විල්පත්තුවේ තවත් වන විනාශයක් සොයන්න ගිය පාහියන්ගල හිමිට ජනතා විරෝධය
    Featured

    විල්පත්තුවේ තවත් වන විනාශයක් සොයන්න ගිය පාහියන්ගල හිමිට ජනතා විරෝධය

    By LFNFebruary 7, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමි ඇතුලු පිරිසක් සහ රාජාංගනය යාය 18 ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් අතර ඊයේ (06) ගැටුම්කාරී තත්වයක් හටගෙන තිබුණි.

    ඒ, කෝමාරිකා වගාවක් සිදුකරන මුවාවෙන් විල්පත්තුව වන රක්ෂිතය අනවසරයෙන් හෙළිපෙහෙලි කරන බවට ලැබුණු තොරතුරක් ගැන විමසා බැලීම සඳහා ගිය අවස්ථාවේදීය.

    ඒ අනුව පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමි ඇතුලු පිරිසක් පළමුවෙන් කලා ඔය අඩවි ආරක්ෂක කාර්යාලය වෙත පැමිණ තිබුණි.

    කෙසේවෙතත් තම ගැටලුවට විසඳුමක් නොලැබීම හේතුවෙන් ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස කෝමාරිකා වගා කළ භූමිය නිරීක්ෂණ කිරීම සඳහා පසුව පිටත්වී තිබුණි.

    එහිදී කෝමාරිකා වගා භූමියට පිවිසෙන මාර්ගයේ රැඳීසිටි ගම්වාසින් උන්වහන්සේ ගමන් කළ රථය අවහිර කරමින් දැඩි විරෝධයක් පළ කළේය.

    එහිදී ගැටුම්කාරී තත්ත්වයක් ද ඇතිවුණි.

    එහිදී ගම්වාසීන්ගෙන් එම පිරිසට පහරදීමක් සිදුවූ අතර ස්වාමීන් වහන්සේ සමග මාධ්‍යවේදීන් ගමන් ගත් මෝටර් රථයකට ද පහරදීමක් සිදුවී තිබේ.

    ඒ අනුව ස්වාමීන් වහන්සේ ගම්වාසීන් සමග සාකච්ඡාවක නිරතවීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටත්ව ගිය අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන රාජාංගනය පොලීසිය විසින් සිදුකරනු ලබයි.

    ඉන් අනතුරුව පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමි ඇතුළු පිරිස මිහින්තලේ පොලිස් ස්ථානයට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් කළහ.

    එම අවස්ථාවට මිහින්තලේ නායක හිමි වලවාහැන්ගුණු වැවේ ධම්මරතන හිමිද සහභාගි වූයේ පාහියන්ගල හිමියන්ගේ ඉල්ලීම පරිදිය.

    එම අවස්ථාවේදී මිහින්තලේ නායක හිමි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ට දුරකථන ඇමතුමක් දී සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.