Author: LFN

නිවසක් තුළ සැකසහිත ලෙස මියගිය යුවළකගේ සිරුරු හමුවූ බව පොලීසිය පවසයි. ඒ ඊයේ (08) දිනයේ මිරිහාන ජුබිලි මාවත ප්‍රදේශයේ නිවසකිනි. පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක ඇඳක් මත දින කිහිපයකට පෙර මියගිය පිරිමි මළසිරුර හමුවී තිබේ. නිවසේ මුළුතැන්ගෙයි බිම නිරුවත් කාන්තා මළසිරුරක් ද තිබූ බව පොලීසිය වැඩිදුරටත් පැවසීය. දින කිහිපයක් තිස්සේ එම නිවස පරිශ්‍රයෙන් දැඩි දුගදක් හමන බවට අසල්වැසියෙකු මිරිහාන පොලීසියට කළ දැනුම්දීමකට අනුව මෙම නිවස පරීක්ෂා කර තිබුණි. මෙලෙස මියගොස් ඇත්තේ 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 96 හැවිරිදි කාන්තාවකි. ඔවුන් එම නිවසේ පදිංචිව සිටි අඹු සැමි යුවළක් බව පොලීසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

Read More

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් අද එළිදැක්වීය. ඒ සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණි. මෙම සෙල්ලිපියේ පිටපත් අනුව එය ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේ මුල් භාගයට හෝ ඊට පෙර සමයකට අයත් එකක් බවට තීරණය කළ බව එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය. මේ අතර එම සෙල්ලිපියේ බ්‍රාහ්මීය අක්ෂර පේළි 10ක් ඇති බවත් මෙරට ඉතිහාසයේ මෙතෙක් ශිලා ලේඛනවල දැකගත නොහැකි අතිශය දුර්ලභ සංකේත 6ක් හමුවී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය. එසේම අදාළ ශිලා ලේඛනයේ සැලකියයුතු ප්‍රමාණයක් ගෙවී ගොස් ඇති බවත් එය…

Read More

ගයාන් සූරියආරච්චි) පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් පුද්ගලයකුට ඊයේ(8) සවස ආනමඩුව තත්තෑව ප්‍රදේශයේදී වෙඩි තබා පලා ගොස් ඇතැයි ආනමඩුව පොලිසිය පවසයි. වෙඩි වදුනු පුද්ගලයා තුවාල ලබා ආනමඩුව රෝහලට අතුලත් කිරේමෙන් අනතුරුව පුත්තලම රෝහලට මාරු කර යවා තිබේ.

Read More

76 වෙනි නිදහස් දිනයට සමගාමීව “හදමු අලුත් රටක්” යන තේමාව මුල් කර ගනිමින් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මනීෂා ගුණසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා තානාපති කාර්ය මණ්ඩලයද, සියලුම ආගම් හී පූජ්‍ය පක්ෂයේත්, පැරීසියේ ක්‍රියාශීලී සංවිධානයන් හී නිලධාරීන් ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් නිදහස් දින උත්සවයක් පවත්වා ඇත. සර්ව ආගමික නායකයින්ගේ ආගමික වතාවත් වලින් අනතුරුව පොල්තෙල් පහන දැල්වීම, ජාතික ධජය එසවීම, විරුවන් සැමරීමෙන් පසු ජය මංගල ගාථා හා ජාතික ගී හඬ මැද ඇරඹුනු ජාතික නිදහස් උත්සව සභාවට ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපති තුමාගේ, අගමැති තුමාගේ, විදේශ ඇමති තුමාගේ නිදහස් දින පනිවුඩයන් ශ්‍රී ලාංකික සියලුම…

Read More

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ යම් අඩුපාඩු පවතින බවට නිරීක්ෂණය වී ඇති බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්නේනම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සුදානම් බවද ඔහු පැවසීය. අද (08) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම පනත සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් ගෙවිදු කුමාරතුංග මන්ත්‍රීවරයා මෙවන් අදහසක් පළ කළා.

Read More

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500ක් දක්වා ද, රුපියල් 2,000ක්ව පැවැති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා ද ඉහළ නංවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර දැනට අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුස්සන් මෙම වසරේ පළමු කාර්තුව තුළ හඳුනාගැනීමට නියමිත අතර ඉන් පසු ඔවුන්ට ද මෙම වැඩිකළ දීමනාව අප්‍රේල් මස 01 සිට ලබාදීමට නියමිතය.

Read More

දරුණු කැපුම් තුවාල සහිතව කුරුණෑගල බස් නැවතුම්පොළ තුළ වැටී සිටි අයෙකු රෝහල්ගතකර තිබේ. මෙලෙස රෝහල්ගතකර ඇත්තේ කුරුණෑගල සුමංගල මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවත් මත්ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් මෙලෙස පිහියකින් සිය සිරුරට තුවාල සිදුකරගෙන ඇති බවට පොලීසිය සැකපළ කරයි. මෙලෙස තුවාල සිදුකරගෙන ඇති පුද්ගලයාට මීට පෙර විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා 13කට ආසන්න ප්‍රමාණයක් එල්ලවී ඇති බවද පොලීසිය පවසයි. මත්ද්‍රව්‍ය සොයාගැනීමට නොහැකි වීමත් සමග සැකකරු විසින් පිහිතලයක් ගෙන සිය ගෙල සහ පපුව ප්‍රදේශයට හානි සිදුකරගෙන ඇති බවට වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත. කුරුණෑගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

අමෙරිකානු මැරීන් භටයින් රැගත් හෙලිකොප්ටර් යානයක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අමෙරිකාවේ ලාස් වේගාස් ආසන්නයේ පිහිටි කඳවුරක සිට කැලිෆෝනියාව බලා පියාසර කරමින් තිබියදී එම හෙලිකොප්ටර් යානය අතුරුදන්ව ඇත. අතුදුරුදන්වන අවස්ථාවේ එහි මැරීන් භටයින් පස්දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ CH-53E Super Stallion වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙලෙස අතුරුදන්ව ඇති බවය. මේ වනවිට මුදාගැනීමේ කණ්ඩායම් හෙලිකොප්ටර් යානය සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණයේ සැක සහිත තැන් ඇති බව සඳහන් කරමින් ඒ මහත්මිය මෙම පැමිණිල්ල සිදු කර ඇත. සිය පැමිණිල්ල මගින් ඒ මහත්මිය වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ එම සැක සහිත තැන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසටය.

Read More

ඉන්දියාවේ විශේෂ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස ඊයේ (07) ගුජරාට් ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවේ දී ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය බූපෙන්ද්‍රභායි පටෙල් මහතා හමු විය. එහි දී ප්‍රාන්තය තුළ දිළිඳුකම පිටුදැකීම සහ සංවර්ධනය සඳහා අනුගමනය කර ඇති උපායමාර්ග පිළිබඳ සාකච්ඡා කර තිබේ. අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස ගුජරාට් ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය බල්වාන්සිං රාජ්පුට් මහතා හමු වී ගුජරාට් ආදර්ශය සැලැස්ම පිළිබඳ සාකච්චා කර ඇති අතර, අහමදාබාද්හි කෘෂිකාර්මික ප්‍රදේශය හා කෘෂිපාදක කර්මාන්ත නිරීක්ෂණයට ද එක් වී ඇත.

Read More