Author: LFN
මුල්ලේරියාව, වෑකන්ද ප්‍රදේශයේ දී 38 හැවිරිදි දෙදරු පියෙක් ඝාතනය කර තිබේ. ගෙල කපා මෙම ඝාතනය සිදු කර තිබූ අතර, ඝාතනය සිදු කළේ කවුරුන් ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසයි. අදාළ පුද්ගලයාගේ නිවසේ ඊයේ (09) රාත්‍රියේ මත්පැන් සාදයක් ද පවත්වා ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරගැනීම සඳහා වහාම මැදිහත් ව එම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්. කේ ස්ටාලින් විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර තිබේ. ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස ස්ටාලින් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත. ඔහු පවසා ඇත්තේ, සිය ධීවර ප්‍රජාවට මුහුණ දීමට සිදු වන අපහසුතා සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බවය. දෙමළ ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම් ඉහළ ගොස් ඇති බවත් එය ඔවුන්ගේ ජීවනෝපායට දැඩි…
ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) රාත්‍රියේ යාපනය ‘මුට්‍රවෙලි’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ එම ප්‍රදේශයේ අධික තදබදයක් ඇති වූ බව වාර්තා වේ. ‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේ, ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස පොලිස් රැකවල් නොතකා ප්‍රසංග භූමියට ඇතුළු වීමට උත්සාහ කර ඇති බවයි. ඒ හේතුවෙන් ඇති වූ තදබදයත් සමග පුද්ගලයින් කිහිපදෙනෙකුට තුවාල සිදු වී ඇති බවද වාර්තාකරු පැවසීය. පසු ව පොලීසිය මැදිහත් ව එම තත්ත්වය නිරාකරණය කර තිබේ. දකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා, රම්බා ඇතුළු සිනමා නිළියන් හා නළුවන් රැසක් ද ප්‍රසංගයට සහභාගි වූ බව සඳහන් ය.
මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක දී භික්ෂූන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සතු ව තිබී අත් බෝම්බයක් සහ පිස්තෝලයක් සොයාගෙන තිබේ. බස්නාහිර – උතුරු අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු සතු ව මෙම අත් බෝම්බය සහ පිස්තෝලය තිබූ බව සඳහන් ය.
පාකිස්තානයේ දූෂිතම මහමැතිවරණය ලෙස විශේෂඥයන් අර්ථකථනය කළ එරට මෙවර මහමැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතියි. දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අතුරින් මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ, ස්වාධීන ව මැතිවරණයට ඉදිරිපත් වූ දැනට සිරගත ව සිටින එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ අපේක්ෂකයින් වීම විශේෂත්වයකි. දුරකථන සබඳතා, අන්තර්ජාල සබඳතා පවා විසන්ධි කොට (08) පැවති පාකිස්තාන මහමැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතියි. මැතිවරණ ආසන 265න් 122ක ප්‍රතිඵල දැනට නිකුත් කර ඇති අතර, ඉන් ආසන 49ක ජය තහවුරු කර ගැනීමට, සිරගත ව සිටින ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට සහාය දක්වන අපේක්ෂකයන් සමත් වී තිබීම විශේෂත්වයකි. එරට හිටපු අගමැතිවරයෙකු වන නවාස්…
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු හර්ෂ ද සිල්වා මහතා යළි පත්කර තිබේ. තේරීම් කාරක සභාව විසින් නව සභාවාරය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරයන් පත් කිරීම සිදුවූ අතර එහිදී සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර ඇත. මෙසේ පත්කළ සාමාජික මන්ත්‍රීවරයන්ගේ නම් කථානායකවරයා විසින් ඊයේ (09) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ඒ අනුව මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත්කළ සෙසු සාමාජිකයින් මෙසේ දැක්වේ. ශෙහාන් සේමසිංහ වෛද්‍ය සීතා අරඹේපොල, ආචාර්ය සුරේන් රාඝවන් අනුප පස්කුවල් ජොන්ස්ටන් ප්‍රනාන්දු නීතිඥ රවුෆ් හකීම් වජිර අබේවර්ධන විජිත හේරත් මහින්දානන්ද අලුත්ගමගේ දුමින්ද දිසානායක නීතිඥ චන්දිම වීරක්කොඩි ආචාර්ය නාලක ගොඩහේවා ආචාර්ය…
ලොව ප්‍රබල රාජ්‍යයන්ගේ බල සමතුලිතතාව මත ඉන්දියන් සාගරයේ හමුදාකරණය ඉහළ යමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඇරඹුණු 7 වැනි ඉන්දිය සාගර සමුළුව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඉන්දීය සාගර කලාපයේ ස්ථාවරභාවය ඇතිකිරීම සඳහා ගාසා තීරයේ යුද්ධය කඩිනමින් නිමා කිරීම අත්‍යවශ්‍ය බවය. 7 වැනි ඉන්දිය සාගර සමුළුව ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අද ඇරඹුණි. එහි ප්‍රධාන ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර්, ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් සහ සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් යන මහත්ම මහත්මීන් සහභාගී වේ. සමුළුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ඔස්ට්‍රේලියානු…
කොළඹ කොටුවේ සිට ගම්පහ දක්වා දුම්රියෙන් ගමන් කළ තරුණියකට කොටුව දුම්රිය ස්ථානයෙන් හුණුපිටිය දක්වා පමණක් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කර තිබීම නිසා ඇය ව ගම්පහ දී පරීක්ෂාවට ලක් කළ පරීක්ෂකවරුන් දඩමුදලක් බව පවසා මුදලක් අයකිරීමට උත්සාහ කර තිබේ. එහි දී ඇතිවූ ගැටුමකින් තරුණියගේ සහෝදරයකු සහ ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන් දෙදෙනෙකු තුවාල ලබා ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළ බව අප කළ විමසීමක දී දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඉඳිපොලගේ මහතා වැඩිදුරටත් පවසා ඇත.
මදුරන්කුලිය, 10 කණුව ප්‍රදේශයේ දී තම පුතු පාසල් බස් රථයට නැංවීමට මාර්ගය අසල රැඳී සිටි පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස රිය අනතුරකට ලක්වීමෙන් ජීවිතයෙන් සමුගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ, ඊයේ (09) උදෑසන අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මාර්ගය අසල සිටි එම පුද්ගලයාගේ ගැටී අනතුර සිදුව ඇති බවය. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වර්ණකුලසුරිය ජානත තිසේරා නම් එක්දරු පියෙකි. හලාවත ප්‍රධාන පෙලේ පාසලක 9 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන එකම පුතුව පාසැල් යැවීම සඳහා නිවසේ සිට රැගෙන විත් මාර්ගය මාරුවී පාසැල් බස් රථය පැමිණෙන තුරු අනතුරට පත්වූ පුද්ගලයා මාර්ගය අසල රැඳී සිට ඇත. එකවරම වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක් අධික…
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (09) පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 381ක් රැස් කළේ ය. එහි දී පැතුම් නිස්සංක වාර්තා කළ ද්විත්ව ශතකය වාර්තා අතරට එක් වුණේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක වාර්තා වූ පළමු ද්විත්ව ශතකය ලෙසයි. කෙසේ වෙතත් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ඇෆ්ගනිස්තානයට ලබා ගත හැකි වුණේ, ලකුණු 339ක් පමණි. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ මොහොමඩ් නබී පන්දු 130කින් ලකුණු 136ක් රැස් කළේ ය. ඔහුට අනගි සහායක් ලබා දුන්…