Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මැද පෙරදිග ගැටුම් අවසන් වනතෙක් ආසියාව අස්ථාවරයි -ජනපති
    Hot News

    මැද පෙරදිග ගැටුම් අවසන් වනතෙක් ආසියාව අස්ථාවරයි -ජනපති

    By LFNFebruary 10, 2024No Comments3 Mins Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලොව ප්‍රබල රාජ්‍යයන්ගේ බල සමතුලිතතාව මත ඉන්දියන් සාගරයේ හමුදාකරණය ඉහළ යමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඇරඹුණු 7 වැනි ඉන්දිය සාගර සමුළුව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඉන්දීය සාගර කලාපයේ ස්ථාවරභාවය ඇතිකිරීම සඳහා ගාසා තීරයේ යුද්ධය කඩිනමින් නිමා කිරීම අත්‍යවශ්‍ය බවය.

    7 වැනි ඉන්දිය සාගර සමුළුව ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අද ඇරඹුණි.

    එහි ප්‍රධාන ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර්, ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් සහ සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් යන මහත්ම මහත්මීන් සහභාගී වේ.

    සමුළුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු ඇමති පෙනී වොන්ග් මහත්මිය විසිනි.

    සමුළුව අමතා සිය ප්‍රධාන දේශනය සිදුකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ඉන්දියන් සාගරය තුළ පවතින තීරණාත්මක ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට පුළුල් කලාපීය සැලැස්මක් අවශ්‍ය බවය.

    එය ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA)නායකයන්ට පමණක් කළ හැකි කාර්යයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    නාවික හා ගුවන් ගමනාගමනයේ නිදහසට බාධාවක් සිදුනොවන වාණිජ්‍යමය කටයුතු පිළිබඳ චර්යාධර්ම සංග්‍රහයක් මෙන්ම දේශගුණ අර්බුදය සමඟ කටයුතු කිරීම හා ඉන්දියන් සාගරයේ තිරසර භාවිතය සම්බන්ධයෙන් සමාන මාර්ගෝපදේශ මූලධර්ම අවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    සූවස් ඇළ වැනි දැනට පවතින නාවික ප්‍රවාහන මාර්ග අනාගතය සඳහා ප්‍රමාණවත් විය නොහැකි බැවින්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩබිම් සම්බන්ධතාව සඳහා නව මුලපිරීම් සහ ශක්‍යතා අධ්‍යයන සිදු කරමින්, දකුණු ඉන්දියාව සමඟ වෙළෙඳාම සඳහා පහසුකම් සලසන කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමට උත්සාහ දරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    එසේම ඉන්දියන් සාගර කලාපයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම පිළිබඳව ද ඒ හා සමාන අවධානයක් යොමු කළ යුතු බව ද අවධාරණය කළේය.

    ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය වෙනුවෙන්, වසර 5ක් තුළ නිදහස් ස්වාධීන පලස්තීන රාජ්‍යය පිහිටුවීම සහ ඊශ්‍රායල් රාජ්‍යයේ ආරක්ෂාව සහතික කිරීම යන ක්‍රියාමාර්ග ඔස්සේ ගාසා තීරයේ යුද ගැටුම් කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    එහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “බල සමතුලිතතාව සහ සන්ධානයන් නැවත සකසමින් ඉන්දියන් සාගරයේ හමුදාකරණය ඉහළ යමින් පවතිනවා. මහ බලවතුන්ගේ පසමිතුරුකම් අතර සාමාන්තරව සිටීම දුෂ්කර අභියෝගයක් වී තිබෙනවා. යුක්‍රේන යුද්ධය සහ ඒ නිසා රුසියාව මත පැනවුණු බටහිර සම්බාධක හේතුවෙන් සම්පත්වලින් පොහොසත් ඔවුන් චීනයේ සහ ඉන්දියන් සාගරයේ බටහිර කලාපයේ නව වෙළෙඳපොළ සොයා ගියා. ඊශ්‍රායල – ගාසා යුද්ධයට සහාය පළකිරීම හේතුවෙන් කලාපය තුළ අමෙරිකානු බලපෑම වියැකීයමින් පවතිනවා. ඉන්දීය සාගර කලාපයේ ඉස්ලාමීය රටවල් මේ නිසා කාලයක් යනතුරු අමෙරිකාව සමඟ සමීප සබඳතාවලට එක්නොවනු ඇති.රුසියානු, චීන සහ ඉරාන ක්‍රමෝපාය එහි අමෙරිකානු ආධිපත්‍යය තවදුරටත් දුර්වල කරනවා. මේ නිසා ඉන්දීය සාගර කලාපයේ ස්ථාවරභාවට ගාසා තීරයේ යුද්ධය කඩිනම් නිමාවක් අවශ්‍යවනවා. ඉන් අනතුරුව පස්වසරක් තුළ ස්වාධීන පලස්තීන දේශයක් බිහිකිරීම ඊශ්‍රායල රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කරනු ඇත. එමෙන්ම යේමනයේ හවුති සටන්කාමීන් විසින් වාණිජ නෙෘකාවලට ප්‍රහාර එල්ල කිරීම නෞකා ගමනාගමනයේ නිදහසට අභියෝග කරනවා. ඉන්දීය සාගරයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ මිනිස් ජාවාරම්ද ඉහළ ගොස් තිබෙනවා. නීතිවිරෝධි, වාර්තා නොවන සහ නියාමනයකින් තොර ධීවර කටයුතුද තවදුරටත් සිදුවෙමින් පවතිනවා. ඉන්දීය සාගරයේ නෞකා ගමනාගමන නිදහස තහවුරු කිරීමේ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව ආරාධනා කරනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගොඩබිම් සම්බන්ධතාවයන් ඇතිකරලීම සඳහා ශක්‍යතා අධ්‍යයන යළි ආරම්භ කර තිබෙනවා. එවිට කොළඹ සහ ත්‍රීකුණාමල වරායන් දකුණු ඉන්දියාවට විවෘත වන කලාපීය මධ්‍යස්ථානයක් බවට පත්වේවි.”

    මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පර්ත් නුවර ශ්‍රී ලාංකික ඩයස්පෝරාව අතර හමුවක්ද පවත්වා තිබේ.

    මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ එහිදී ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ජනාධිපතිවරයා රට යළි ගොඩනැගීමට සක්‍රියව එක්වන ලෙසද ඔවුන්ට ඇරියුම් කළේය.

    ඔවුන් මතු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ දියුණුව වෙනුවෙන් දීර්ඝ කාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තම රජය කැපවී සිටින බවය.

    රට යළි ගොඩනැඟීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ මෙහිදී අගය කළ ශ්‍රී ලාංකිකයෝ දේශගුණික විපර්යාස, සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍රවල සංවර්ධනයට රජයට සහාය ලබාදීමට කැමැත්ත පළකළ බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.