Author: LFN
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 05 දෙනෙකු ඇතුළුව 07 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා තිබේ. ඒ ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාසනය නොකළ මෝටර් රථ විශාල ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම හරහා රජයට විශාල පාදුවීමක් සිදුවීම සම්බන්ධයෙනි. නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන්නේ මෙලෙස නිෂ්කාසනය නොකළ මෝටර් රථ 400කට ආසන්න ප්‍රමාණයක් එම දෙපාර්තමේන්තුව ලියාපදිංචි කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවය. ඉන් වාහන 156ක් පිළිබඳව නිශ්චිත තොරතුරු කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත. ඉන් බොහෝමයක් වාහන සුඛෝපභෝගී වාහන කාණ්ඩයට අයත් වන බවද අදාළ නිවේදනයේ දැක්වෙයි. එසේම මෙම…
කසකස්තානය සහ උස්බෙකිස්තානය අතර පිහිටි අරල් මුහුද මේ වන විට ඉතා සීග්‍රයෙන් සිඳී යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මත්ස්‍යයින්ගෙන් සහ නිල් පැහැති ජලයෙන් පිරී තිබෙන මෙම අරල් මුහුද, ලොව විශාලතම අභ්‍යන්තර ජල මූලාශ්‍රවලින් එකක් ලෙස සැලකෙයි. කෙසේ වෙතත් මේ වනවිට දේශගුණික විපර්යාස සහ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති හේතුවෙන් අරල් මුහුද, පෙර තිබූ විශාලත්වයෙන් හතරෙන් එකකට වඩා අඩු වී ඇති බව සඳහන් වෙයි. ප්‍රධාන වශයෙන් අරල් මුහුද සිඳීයාම ආරම්භ වී ඇත්තේ 1960 වසරේ අරල් මුහුද අවට කාන්තාර කලාපය සංවර්ධනය කිරීම අරමුණු කරගත් ජල බෙදීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් බව පැවසෙයි. අරල් මුහුද නිර්මාණය වී ඇත්තේ ග්ලැසියර දියවීමෙන් ඇතිවූ “Syr Darya” සහ…
ගසක බැඳ තිබූ රෙදි පටියක ගෙල සිරවීමෙන් වයස අවුරුදු 12ක පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළිය මාගස්තොට පදිංචි පාසල් සිසුවෙකි. සිය නිවස අසළ පිහිටි ගසක රෙදි කැබැල්ලක් බැඳ මෙම දරුවා සෙල්ලම් කරමින් සිට ඇති අතර දරුවාගේ ගෙල අවාසනාවන්ත ලෙස එහි පැටලී ඇති බවට පොලීසිය සැකපළ කරයි. දරුවා නිවස තුළට පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් කළ සෝදිසි කිරීමකදී දරුවාගේ සිරුර ගසෙහි එල්ලෙමින් තිබියදී සොයාගෙන තිබේ. දරුවාගේ පියා මීට වසර කිහිපයකට පෙර රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති අතර එම දරුවාට වැඩිමල් සොහොයුරියන් දෙදෙනෙක් සිටී. ඔවුන් සිය මව සමග එම නිවසේ වාසය කර ඇති අතර අද පස්වරු 1ට පමණ දරුවා…
රත්නපුර නව නගරය ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතකර තිබේ. අධික වේගයකින් පැමිණි මෝටර් රථයක් යතුරුපැදි කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. කුරුවිට සිට රත්නපුරය දෙසට අධික වේගයෙන් ධාවනය වූ එම මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදි තුනක ගැටී ඇති බවට මේ වනවිට අනාවරණය වී තිබේ. තුවාල ලැබූ පුද්ගලයින් එම ස්ථානයේ සිටි පිරිස එක්ව කඩිනමින් රත්නපුර රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
දෙවන එක්දින තරගය ලකුණු 155කින් ජයගත් ශ්‍රී ලංකාව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය තහවුරු කරගත්තේය. ලකුණු 309ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට පන්දුවාර 33යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 153ක් පමණි. එහිදී ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් සාර්ථක ආරම්භයක් ලබාගෙන සිටියද අසිත ප්‍රනාන්දු ක්‍රියාත්මක වී එම සම්බන්ධතාවය බිඳහෙළීමත් සමග තරගයේ වැඩි වාසිය ශ්‍රී ලංකාවට හිමිවිය. අසිත ප්‍රනාන්දු ලකුණු 23කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය. අනතුරුව ක්‍රියාත්මක වූ වනිඳු හසරංග ලකුණු 27කට කඩුලු 4ක් දවාගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාවට ගෙන ආවේය. ඩිල්ශාන් මදුශංක ලකුණු 28කට කඩුලු 2ක් දවාගත් අතර ප්‍රමෝද් මදුශාන් එක් කඩුල්ලක් දවාගත්තේය. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ඉබ්‍රහීම් සද්‍රාන් ලකුණු 54ක් රැස්කරගත් අටහ්ර…
කොස්ගොඩ ප්‍රදේශයේ වෙල්යායක අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. පොලීසිය සැකපළකරන්නේ මියගිය පුද්ගලයාම ඌරන් දඩයම් කිරිමට ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී ඔහු මෙලෙස මියයන්නට ඇති බවටය. කොස්ගොඩ පස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙක් මෙලෙස මියගොස් ඇත. එම පුද්ගලයා කුරුඳු තැලීමේ රැකියාවේ නිරතව සිටින අයෙකු බවට මේ වනවිට තොරතුරු වාර්තා වී තිබේ. මේ අතර ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙලෙස අනවසර විදුලි රැහැන් ඇදතිබීම හේතුවෙන් තම ජීවිත ද අවදානම් තත්ත්වයක පවතින බවය.
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණු, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.
බම්බලපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ හින්දු විද්‍යාලය ආසන්නයේදී බස් රථ දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. කොළඹ සිට අලුත්ගම බලා ධාවනය වූ බස් රථයක් කොළඹ සිට ගල්කිස්ස දෙසට ධාවනය වූ බස් රථයක පසුපස ගැටී අනතුර සිදුව තිබුණි. මාර්ගය අසළ නවතා තිබූ ලොරි රථයක් එක්වරම මාර්ගයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැකපළ කරයි. අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර බම්බලපිටිය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මියන්මාරයේ සියලු තරුණ තරුණියන් සඳහා හමුදා සේවය අනිවාර්ය කර තිබේ. මියන්මාරයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. ඒ අනුව අවුරුදු 18ත් 35ත් අතර වයසැති සියලු පිරිමි පුද්ගලයන් සහ අවුරුදු 18ත් -27ත් අතර වයසැති තරුණියන් අවම වශයෙන් වසර 02ක් හමුදා අණ යටතේ සේවය කළ යුතු වේ. 2021 වසරේ දී කුමන්ත්‍රණයකින් හමුදාව විසින් එරට බලය අත්පත් කර ගනු ලැබුව ද යළිත් මෑත කාලයේ දී මිලීෂීයා සහ හමුදා විරෝධී කැරලිකරුවන් සමඟ පැවති සටන්වල දී පරාජයට පත් විය.
මිනුවන්ගොඩ – යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණි කොල්ලකරුවෙකු එම නිවසේ සිටි පුද්ගලයින් සිදු කළ පහරදීමකින් මිය ගොස් තිබේ. අද (11) අලුයම 04ට පමණ දේපොළ කොල්ල කෑමේ අරමුණින් කොල්ලකරුවන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ නිවසට ඇතුළු වී ඇති බව පොලීසිය පැවසීය. එහි දී ඉන් එක් කොල්ලකරුවෙකුට නිවසේ රැඳී සිටි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී ඇති බව සඳහන් ය. බරපතළ තුවාල ලැබූ ඔහු එම ස්ථානයේ දී ම මිය ගොස් තිබේ. සෙසු කොල්ලකරුවන් දෙදෙනා පළා ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.