Author: LFN

උස්වැටකෙයියාව තල්දියවත්ත මුහුදු තීරයේ දිය නෑමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු දියේ ගිලී මියගොස් තිබේ. පොලීසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවූ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකු බවය. එම පොලිස් කොස්තාපල්වරයා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව ඇත. ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ සේවයේ නිරත තවත් නිලධාරීන් පිරිසක් සමග දිය නාමින් සිටියදී මියගොස් ඇති කොස්තාපල්වරයා දියේ ගිලී ඇති බවට වාර්තාවෙයි. අනතුරුව කොස්තාපල්වරයා ගොඩට ගෙන ප්‍රතිකාර සඳහා රෝහල්ගතකිරීමේදී ඔහු මියගොස් තිබේ. රාගම රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මියගිය කොස්තාපල්වරයාගේ දේහය ඥාතීන් වෙත භාරදී තිබේ. පමුණුගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Read More

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළ පිහිටුවා ඇති පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි. අද අලුයම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවූ කොල්ලකෑමේ සිදුවීමට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළව පොලීසිය මෙම තීරණය ගෙන ඇත.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණු, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත…

Read More

ෂෙල්-ආර් එම් පාක්ස් සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඛනිජතෙල් තොග ගබඩා හා බෙදාහැරීමේ ගිවිසුමට එළැඹ තිබේ. එම ගිවිසුමට එළැඹීම අද (12) කොලොන්නාව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේදී සිදුකර ඇත. මේ අනුව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට, ෂෙල්-ආර් එම් පාක්ස් සමාගමට අයත් ඉන්ධන තොග මෙරට තුළ ගබඩා කිරීම හා බෙදාහැරීම ආශ්‍රිත කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසෙනු ඇත. පසුගිය වසරේ ජුලි මස 08 වනදා මීට අදාළව පූර්ව එකඟතා ගිවිසුමකට අත්සන් තැබූ අතර එම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනමින් ඇරඹීම සඳහා මෙම ගිවිසුම්ගතවීම සිදුකර ඇත.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්කළ සුඛෝපභෝගී රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ට පැමිණ ප්‍රකාශයක් ලබාදුනි. හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ මරණ සම්බන්ධයෙන් මේ වනවිට එම කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි. අප වාර්තාකරු පැවසුවේ කන්ටේනර් රථයේ රියදුරා පැය 5ක පමණ ප්‍රකාශයක් ලබාදුන් බවයි. එම රිය අනතුර සිදුව ඇති ආකාරය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සනත් නිශාන්ත මහතාගේ බිරිඳ, නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරාපත් කළාය.

Read More

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. එම වැඩ වර්ජනය සඳහා වෛද්‍යවරුන් එක් නොවන බවද සඳහන් වෙයි. මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හෙතුවෙන් මෙම තීරණය ගත් බව එම වෘත්තීය සමිති පවසයි.

Read More

2023 වර්ෂයේ 5 ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට දැන් යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව, 2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා 2024. 02. 13 දින සිට 2024. 02. 29 දින දක්වා මාර්ගගත ක්‍රමයට යොමු කිරීමට දැන් හැකියාව තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම වශයෙන් පාසල් තුනක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජු ව ම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද පවතී.

Read More

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ඊට අදාළ සංශෝධන 47ක් අද (12) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. විවිධ පාර්ශව මඟින් එල්ලවන විරෝධතා හමුවේ මෙම වගන්ති සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය. කෙසේවෙතත් මෙම සංශෝධන අද දිනයේ දී ම සම්මත වනු ඇති බව වාර්තා වේ. ඒ අනුව සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව පළමු වර කියවීම එළඹෙන පාර්ලිමේන්තු දිනයන්වලදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මේ අතර ඔන්ලයින් පනතේ බොහෝ වගන්ති සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු පාර්ශවවල දැඩි…

Read More

උග්‍ර විෂ සහිත කුහුඹු විශේෂයක් හේතුවෙන් ඌව පරණගම බඹරපාන, කන්දේකුඹුර, හළාඹ ඇතුළු ගම්මාන කිහිපයක ගම්වැසියන් දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තා වේ. ගම්වාසීන් පෙන්වාදෙන්නේ, මෙම කුහුඹු විශේෂයේ දෂ්ඨ කිරීම් හේතුවෙන් චර්ම රෝග පවා හටගන්නා බවය. ‘කොඩයා’ නමින් හඳුන්වන මෙම කුහුඹු විශේෂ ගම්මිරිස්, පොල්, පුවක් වැනි ශාකවල රංචු වශයෙන් ජීවත් වන වාර්තා වේ. මෙම කුහුඹු විශේෂය වසංගතයක් තෙක් වර්ධනය වීමට ප්‍රථම එය මර්දනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Read More

දේශිය වෛද්‍යරු ඉල්ලා සිටින්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කංසා අඩංගු නිෂ්පාදන යුක්තිය මෙහෙයුම යටතේ පොලිස් භාරයට නොගන්නා ලෙසය. මාධ්‍ය හමුවක් පවත්වමින් ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා මහතා එම ඉල්ලීම කළේය. “නීත්‍යනුකූල බලය ලත් ඖෂධ වන මදනමෝදකය සහ කාමේෂ්වර මෝදකය වගේ ඖෂධ පවා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සේ සළකා අත්අඩංගුවට ගන්නවා. නීත්‍යනුකූලව පිළිගත් දෙයක් මත්ද්‍රව්‍ය ලෙස තීරණය කිරීමෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට කරන යම්කිසි හානියක් වෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල අනුමැතිය ඇති කණ්ඩායම්වලට අගතියක් නොවන පරිදි නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. එසේ නොමැතිනම් ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා වැඩපිළිවෙළක් හදන්න කංසා අඩංගු ඖෂධ අත්අඩංගුවට ගැනීම සිදුකරනවානම්.”

Read More