Author: LFN

රාජ්‍ය සේවා කොමිසම විසින් අනුමැතිය ලබා නොදීම හේතුවෙන් ජාතික පාසැල් සඳහා විදුහල්පතිවරුන් 54 දෙනෙකු බඳවා ගැනීමට නොහැකි වී ඇති බව සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, ස්වාධින කොමිෂන් සඳහා විශාම ගිය පුද්ගලයින් පත් කිරීම මඟින් එහි කටයුතු ආකාර්යක්ෂම වී ඇති බවය. “දැන් මාස 6ක් තිස්සේ අපි උත්සාහ කරනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමැතිය දීලා නෑ ඒවා ගැසට් කරන්න. ඉතින් මේ ස්වාධීන කොමිෂන් සභා හැදුවට මේවට ඔය විශ්‍රාම ගිය අය දාලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඒ නිසා මම ළඟදීම පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරනවා. අවසරය ඉල්ලලා දැන් මාස 6ක්. හැම සතියක් පාසාම අවසර දෙන්න කියනවා. අවසර දෙන්නේ නෑ. ඉතින් බලන්න ස්වාධීන…

Read More

මෙවර වී මිලදී ගැනීම මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිදුකරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, වී මිල සම්බන්ධයෙන් ගොවීන් තුළ ගැටලුකාරී තත්ත්වයක් පවතින බවය. “අපි තීන්දු ගන්න කලින් ගොවි සංවිධානවල අදහස් විමසීම අවශ්‍යයි. ඒ වගේම මේ වෙලාවේ අපි යෝජනා කරේ මුලින්ම වගා කටයුතු පටන් ගන්න. ගියවතාවේ තිබුණ අත්දැකීම් එක්ක අවුරුද්දට පෙර සියලු වගාවන් කරන්න කියලා අපි යෝජනා කරනවා. වී මිල ගැන ප්‍රශ්නයක් තියෙනවා. වී මිලදී ගැනීමේ කටයුත්ත සිදුවෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ. ඒ අය මුල්‍ය ප්‍රතිපදාන ලබාදෙනවා බැංකු හරහා. අපි ඒකට මැදිහත් වීමක් කරනවා.”

Read More

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකු සිවිල් ඇඳුමින් සැරසී අලුත්කඩේ ලොකට් ලේන් වත්ත ප්‍රදේශයට පසුගිය (12) අලුයම පැමිණ තිබූ අතර එහිදී තරුණයින් දෙදෙනෙකු එම නිලධාරීන්ට පහරදී තිබුණි. පසුව එම නිලධාරීන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබූ අතර අනතුරුව ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණීමත් සමඟ නොසන්සුන් තත්ත්වයක් උද්ගත විය. කෙසේවෙතත් එම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් 40කට ආසන්න පිරිසක් යතුරුපැදිවලින් සහ ත්‍රීරෝද රථවලින් ලොකට් ලේන් වත්තට පැමිණ තමන්ට පහරදී දේපොළවලටද හානි කළ බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

Read More

2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට පහත පහසුකම් ඔස්සේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබාගත හැකි බවය.

Read More

යුක්‍රේනය, ඊශ්‍රායලය සහ තායිවානය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 95ක ආධාර පැකේජයක් ලබාදීමට අදාළ යෝජනාවට අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. ඒ මාස ගණනාවක් පුරා පැවැති තියුණු මත ගැටුම්වලින් පසුවය. නමුත් එම යෝජනාව ඊළඟ අදියරේදී අභියෝගයට ලක්විය හැකි බවද පැවසෙයි.

Read More

සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ අණ පරිදි එය නිකුත් කර ඇති බවය. ඒ අනුව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇත.

Read More

පසුගිය ජනවාරි 10 වනදා නවගමුවේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ලෙස පෙනීසිටිමින් බුද්ධික ප්‍රසාද් හෙවත් ‘පැට්ටා’ නමැත්තා ඝාතනය කිරීමට අදාළ සැකකරුවෙකු ඊයේ (13) උදෑසන තඹුත්තේගමදී අත්අඩංගුවට ගැනුණි. විමර්ශන මෙහෙයවන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අදාළ ඝාතන සිද්ධියේ යතුරුපැදිකරු වන අතර ඝාතනය සඳහා යොදාගත් රිවෝල්වරයද සොයාගෙන ඇත. ඝාතනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් සැකකරුට ලබාදෙන බවට ඝාතනය මෙහෙය වූ ඩුබායිහි සැඟව සිටින ධනුක අමරසිංහ හෙවත් ‘කයිවාරු මුතූ’ නමැත්තා පොරොන්දු වුවත් එම මුදල ලබාදී නොමැති බවද පොලීසිය සඳහන් කළේය. කෙසේවෙතත් ඝාතනයේ වෙඩික්කරු බවට සැකකෙරෙන තිළිණ සම්පත් නමැත්තා ධනුක අමරසිංහ විසින් පසුගිය 7 වනදා ඩුබායි රාජ්‍යයට ගෙන්වාගෙන ඇති අතර…

Read More

මැලේසියාවේ සිට මෙරටට ආනයනය කර තිබූ සැකසහිත බහාලුම් 4ක් රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබුණි. රෙදි බවට සඳහන් කරමින් ගෙන්වා තිබූ එම අඩි 40 බහාලුම් තුළ නිමි ඇඳුම් 44,000ස බැගින් තිබී ඇත. රේගු නිලධාරීන් සඳහන් කළේ මෙමගින් රජයට අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 60ක් බවය. මෙහි සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 150කට ආසන්න බවද එම නිලධාරීන් පැවසීය. වත්තල, කොළඹ සහ පානදුර ප්‍රදේශවල පිහිටි ඇඟලුම් ආයතන 03ක් විසින් මෙම බහාලුම් මෙරටට ආනයනය කර තිබේ. එසේම තවත් බහාලුම් 02ක සහල් බවට සඳහන් කරමින් රේගු නිලධාරින් නොමග යවමින් උඳු ගෙන්වීමට කටයුතු කර තිබුණි. ඒ අනුව නීතිවිරෝධිව මෙරටට ආනයනය කරන ලද උඳු කිලෝග්‍රෑම් 12,688ක…

Read More

සෞඛ්‍ය වෘත්තීය සමිති අද (14) දිනයේත් වැඩවර්ජනයේ නිරත වන බව දැනුම්දෙයි. සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ (13) උදෑසන 06.30 සිට වැඩවර්ජනයක නිරත වුණි. වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා මෙම වර්ජනයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේය. මේ අතර හෙද සේවාවේ ඉල්ලීම් කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් අද (14) කොළඹ දී විරෝධතාවක් පවත්වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත මහතා පැවසීය.

Read More