Author: LFN
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන බව ඊයේ (15) අධිකරණයේදී ඔහුගේ නීතීඥයා කරුණු ඉදිරිපත් කළේය. ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා එහිදී සඳහන් කළේ එම සුවිශේෂී රෝගී තත්ත්වයෙන් පෙළෙන තම සේවාදායකයාට එවැනි අවස්ථාවකදී කෘතිම ව ඔක්සිජන් ලබාදිය යුතු බවය. ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇප ඉල්ලීම් ඉදිරිපත් කළේය. “මගේ සේවාදායකයා මේ වෙද්දී රෝග ගණනාවකින් පෙළෙනවා. විශේෂයෙන්ම ස්වාමීනි… ඔහුව බන්ධනාගාරගත කළාට පස්සේ.. ඔහුගේ රුධිර පීඩනය විචලනය වෙලා. උදරයේ බඩවැල්වල ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙනවා. ඔහුට වකුගඩුවල රෝගී තත්ත්වයකුත් තිබෙනවා. ඒ වගේම ඔහු දියවැඩියා රෝගයෙන් පීඩා විඳින්නෙක්.” “ස්වාමීනි, ඔහුට තිබෙන රෝග අතර ඔහුට…
ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත. දේශපාලන බෙදීම් රටේ ප්‍රගතිය සඳහා බාධාවක් බව ප්‍රකාශ කරන ජනාධිපතිවරයා, ජාතික සංවර්ධනය සඳහා එකමුතුකමේ අවශ්‍යතාව අවධාරණය කරයි. දේශපාලන හිතවත්කම් සඳහා නොව, ජාතියේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඔහු සඳහන් කර තිබේ.
කළුතර උතුර පොලිස් වසමේ මහදූවේගම උග්ගල්බඩ ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙක් විදුලි කණුවක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, ඊයේ (14) රාත්‍රී 11.30ට පමණ අනතුර සිදුව ඇති බවය. අදාළ තරුණයා ඔහුගේ නිවසේ සිට ඔහු වැඩකරන වෙළෙඳසැලට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී අධික පල්ලමක් සහිත මාර්ගයක තිබූ විදුලි කණුවේ ගැටී බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත. පොලීසිය සඳහන් කළේ, යතුරුපැදිකරුට වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ, 25 හැවිරිදි ගිහාන් මධුසංක ලක්මාල් නැමති විවාහකයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා බවට සැලකෙන “පියුමා” නැමැත්තාගේ පෙර වැරදි සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. සැකකරු පළමුව 2018 වර්ෂයේදී හෙරොයින් මිලිග්‍රෑම් 20ක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී අධිකරණය විසින් ඔහුව 2018 වර්ෂයේ අගෝස්තු මස 31 වනදා සිට මාස තුනක කාලසීමාවක් පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇත. අනතුරුව සැකකාර “පියුමා” නැමැත්තා යළිත් 2019 වර්ෂයේ ගංජා සුරුට්ටුවක් ළඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය. 2019 වර්ෂයේ දෙසැම්බර් මස 12 වනදා එළෙස අත්අඩංගුවට ගෙන ඇති “පියුමා” නැමැත්තාව පසුදින (2019.12.13) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 10,000ක දඩයක් පනවා තිබේ. මේ අතර 2021 වර්ෂයේ ජනවාරි මස…
පාතාල සහ මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ ව මෙරටින් පැන ගිය අපරාධකරුවන් සඳහා ජාත්‍යන්තර රතු නිවේදන 42ක් මේ වන විට නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. කොළඹ ජාතික රෝහල ඉදිරිපිට නව පොලිස් මුරපොළක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. ඉදිරියේ දී ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇති ව මෙම රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් මෙරටට ගෙන්වීමට නියමිත බව ද ඔහු පැවසීය. අද (15) උදෑසන මෙරටට රැගෙන ආ කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයාගෙන් ද මෙරට කුඩු ජාවාරම පිළිබඳ ප්‍රශ්න කර තොරතුරු ලබා ගැනීමට නියමිත බව වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේ ය. එසේම පාතාල නායක නදුන් චින්තක හෙවත් හරක් කටා…
නව පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල්වාරය 16 වන සිකුරාදා දින අවසන් වේ. 2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන සඳුදා ආරම්භ වීමට නියමිතය.
ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 10,000කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය වසරේ දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ. එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, පසුගිය වසරේ ජනවාරි පළමු දින සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 9,434ක් ලැබී ඇති බවය. ළමයින් ක්‍රෑරත්වයට භාජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2,242, ලිංගික අතවරයට ලක් කිරීම් සම්බන්ධ පැමිණිලි 472ක්, බරපතළ ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 404ක්, ගැහැනු ළමුන් දූෂණය කිරීම් සම්බන්ධ පැමිණිලි 51ක් සහ අසභ්‍ය පළ කිරීම්වලට ළමුන් යොදා ගැනීම් සම්බන්ධ පැමිණිලි 06ක් ඒ අතර වන බව සඳහන්ය. ඊට අමතරව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමුන් යොදා ගැනීම, ශ්‍රමිකයින් ලෙස…
පෙබරවාරි 15ට යෙදෙන ළමා පිළිකා දිනය හා සමගාමී ව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. එහි දී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, 2021 වර්ෂයේ දී පිරිමි දරුවන් 578ක් සහ ගැහැණු දරුවන් 454ක් වාර්තා වී ඇති බවයි. මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර මහතා සඳහන් කරන්නේ, වසරකට පිළිකා රෝගී දරුවන් 250 – 300 අතර ප්‍රමාණයක් මිය යන බවයි. පිළිකා සහිත දරුවන් මුල් අවස්ථාවේ දී ම අඳුනා ගැනීම ඉතා වැදගත් බව හා නිසි ප්‍රතිකාර ලබාදීම ද වැදගත් බව ඔහු අවධාරණය කර ඇත. දරුවන් අතර බහුල ව වාර්තා වන පිළිකා වර්ගය ලේ…
2009-05-06 වැනි දින වැලිකන්ද පොලිස් වසමේ සෙවණපිටිය දුම්රිය හරස් මාරගයේ දී ආරක්ෂිත දුම්රිය වැට බිඳගෙන ධාවනය කිරීමෙන් බස් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදු ව තිබිණි. අනතුරෙන් මඟීන් 15 දෙනෙකු මිය ගිය අතර, 40 දෙනෙක් තුවාල ලැබූ හ. මෙම චෝදනාවලට වරදකරු වූ බස් රථයේ රියදුරු හට 2023-09-22 වැනි දින පොළොන්නරුව මහාධිකරණය මඟින් නඩු තීන්දුවක් ලබා දෙමින් මරණීය දණ්ඩනය නියම කර තිබිණි. රියදුරා අවසන් වරට 2022-05-05 වැනි දින මහාධිකරණයේ පෙනී සිට ඇති අතර, ඉන් පසු අධිකරණයේ පෙනී සිට නැත. ඉන් පසු ඔහුට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර ඇති අතර, ඊයේ (14) වැලිකන්ද පොලීසිය විසින් වරදකරු අත්අඩංගුවට ගෙන තිබේ. වරෙන්තුකරු වයස අවුරුදු 39ක…
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායක හෂ්මතුල්ලා ශහීඩි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඒ අනුව ඔවුන් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 266ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් විය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඉලක්කය කඩුලු 03ක් පමණක් දැවී සම්පූර්ණ කළේ ය. පැතුම් නිස්සංක සහ අවිෂ්ක ප්‍රනාන්දු විශිෂ්ට ආරම්භයක් ලබා ගත් අතර, අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 91කට අවාසනාවන්ත ලෙස දැවී ගියේ ය. පැතුම් නිස්සංක ශතකයක් සමඟ ලකුණු 118ක් වාර්තා කළ අතර, එය හතරේ පහර 16කින්…