Author: LFN
මේ අතර, 2024 වසරේ ජෙනවාරි පළමු වැනි දා සිට ඊයේ දිනය දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 03 ඉක්මවා ඇතැයි ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණ කළේය. පෙබරවාරි 13 වැනි දා වන විට පෙබරවාරි මාසයේ පළමු දින 13 තුළ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 98,455ක් ලෙස වාර්තා වේ. ජනවාරි මාසයේ ද පැමිණි 2,08,253ක සංවාරක සංඛ්‍යාව සැලකූ විට වසරේ මේ දක්වා සංචාරකයන් 3,06,708ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
බස් රථයකදී තරුණියකට අතවර කළ බවට සඳහන් චෝදනාව යටතේ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි වියේ පදිංචි විවාහක පුද්ගලයෙකි. ඔහු රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි. මොණරාගල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකදී එහි සිටි තරුණියකට සැකකරු විසින් අතවර කළ බවට ඔහුට විරුද්ධව චෝදනා එල්ලවී තිබේ. සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු උඩුදුම්බර පොලීසිය සිදුකරයි.
අල්ලස් චෝදනා එල්ලවූ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවෙකුට අධිකරණය විසින් වසර දෙකක බරපතළ සිරදඬුවම් නියම කර එය වසර 5කට අත්හිටුවා තිබේ. මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවෙකුටය. අදාළ නඩුව ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය ලබා දී තිබේ. 2019 වර්ෂයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ වැටලීමකට අනුව සැකකරුට චෝදනා 04ක් යටතේ අධිචෝදනා කර තිබුණි. එහිදී සැකකාර ධාවන කළමනාකරු විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ උපාය දූතයෙකු ඉදිරියේ රුපියල් 100,000ක මුදලක් අල්ලස් ලෙස ගෙන ඇත. අධිකරණය සැකකරුට එක් එක් චෝදනාවට රුපියල් 5000…
පාතාල නායක සලිඳු මල්ෂික හෙවත් කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ. පියුම් හස්තික නමැති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (15) අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ බව වාර්තා වේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශය මේ බව නිවේදනය කරයි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අවිවාහක කාන්තාවකට ලිංගික අතවර කළ පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 07ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කර තිබේ. එම වින්දිත කාන්තාවට රුපියල් 500,000ක වන්දියක් ගෙවන ලෙසත්, රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙසත් එම වරදකරුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසුරිය මහතා ඊයේ (13) නියෝග කළේය. මෙසේ බරපතළ වැඩ සහිතව සිරදඩුවම් සහ දඩ මුදල් ගෙවන ලෙසට නියම කරනු ලැබුවේ නුවරඑළිය පොලිස් කොට්ඨාශයට අයත් හයිෆොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කළ ලක්ෂ්මන් සාලිය බණ්ඩාර විරසිංහ නැමති අයෙකුට එරෙහිවය. එම සිර දඬුවමට අමතරව දඩ මුදල් ගෙවිමට අපොහොසත් වුවහොත් සිර දඬුවම තවත් වසර තුනකින් දිර්ඝ කිරීමටත් නියෝග කර ඇත. 2019 වසරේදී එම පුද්ගලයා හයිෆොරස්ට් පොලිස් ස්ථානයේ සේවය කරන…
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා එජන්සියේ සභාපති ආචාර්ය ටනකා අකිහිලෝ මහතා ඇතුළු නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද (14) පෙරවරුවේ පැවැත්විණි. මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධන කිරීම සඳහා මහගු දායකත්වයක් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය දෙන බවත් බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීමේ වැඩසටහන් සඳහා ද ආධාර මෙන්ම මූල්‍ය හා තාක්ෂණික පහසුකම් ද දෙන බවත් අමාත්‍යවරයා කීය. විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික පහසුකම් මෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන ප්‍රවීණයන් වෙනුවෙන් ද ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය සහයෝගය දෙන බව ද අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. දකුණු ආසියානු…
බේරුවල ධීවර වරාය ආශ්‍රිත මුහුදේ තිබි පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ. ධීවර වරායේ මුරකරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු මෙලෙස මුහුදට වැටී මියගොස් ඇති බව වාර්තා වේ. අදාළ පුද්ගලයා ඊයේ (13) රාත්‍රී රාජකාරී කටයුතු සඳහා පැමිණ ඇති අතර පසුව සිදුකළ සොයාබැලීමක දී ඔහුගේ මළසිරුර සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලීසිය විමර්ශන සිදුකරයි.
දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් අකමැත්තෙන් වුවත් ජාත්‍යන්තරයට ගොස් තමාට හිඟාකෑමට සිදුවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එමෙන්ම ඉතා අසීරුවෙන් ගෙවා දැමූ යුගයට නැවත ගමන් කිරීමට කිසිවෙකුත් කැමැති නැති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පැවැත් වූ පෙළපොත් බෙදා දීමේ ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා, “2022,2023 වර්ෂ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අපි දන්නවා මෙතෙන ඉන්ධන පිරවුම්හල ළඟ තිබුණ දේවල්. විදුලිබලය තිබුණේ නෑ. කොහෙන්ද තෙල් හොයාගන්නේ කියලා දෙමව්පියෝ බලනවා. ආහාර නෑ. හරි අමාරුවෙන් අපි ගියේ. මම හිතන්නේ නෑ කවුරුත් ඒ යුගයට යන්න කැමතියි කියලා. ඒ යුගයට යන්න කැමති අය අතඋස්සන්න…
රාජ්‍ය සේවා කොමිසම විසින් අනුමැතිය ලබා නොදීම හේතුවෙන් ජාතික පාසැල් සඳහා විදුහල්පතිවරුන් 54 දෙනෙකු බඳවා ගැනීමට නොහැකි වී ඇති බව සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, ස්වාධින කොමිෂන් සඳහා විශාම ගිය පුද්ගලයින් පත් කිරීම මඟින් එහි කටයුතු ආකාර්යක්ෂම වී ඇති බවය. “දැන් මාස 6ක් තිස්සේ අපි උත්සාහ කරනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමැතිය දීලා නෑ ඒවා ගැසට් කරන්න. ඉතින් මේ ස්වාධීන කොමිෂන් සභා හැදුවට මේවට ඔය විශ්‍රාම ගිය අය දාලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඒ නිසා මම ළඟදීම පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරනවා. අවසරය ඉල්ලලා දැන් මාස 6ක්. හැම සතියක් පාසාම අවසර දෙන්න කියනවා. අවසර දෙන්නේ නෑ. ඉතින් බලන්න ස්වාධීන…