Author: LFN
අලුතින් විදුලි සැපයීමක් ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් සඳහා 2023 වසර වෙනුවෙන් පොලියක් ගෙවීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩලය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි. මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නව විදුලි සම්බන්ධතා ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් වෙනුවෙන්…
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, ජනාධිපතිවරණය එය පැවැත්වීමට නියමිත කාලවකවාණුවේ දී පැවැත්වෙන බවත්, මහ මැතිවරණය සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් වෙන්කරන බවත්ය. මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
කිලිනොච්චිය, කොකාවිල් ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් හා යුද හමුදා සාමාජිකයින් පිරිසක් රැගෙන ගිය ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් 6දෙනෙකු තුවාල ලබා ඇති බව මාන්කුලම පොලීසිය පවසයි. පොලීසිය පැවසූවේ මුලතිව්, තුනුක්කායි ප්‍රදේශයේ සිට යාපනය, කරෙයිනගර් දක්වා ගමන්ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා මාන්කුලම දෙස සිට කිලිනොච්චිය දෙසට ගමන්ගත් යුද හමුදා සාමාජිකයින් රැගෙන ගිය ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය. අනතුරින් ලොරි රථය පෙරළී ගොස් තිබු අතර, එහි ගමන්ගත් යුද හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර, බස් රථයේ රියදුරු හා බස් රථයේ ගමන්ගත් කාන්තාවක්ද තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත්…
යතුරුපැදියක් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසු සිව්දෙනෙකු රෝහල්ගත කර තිබේ. රෝහල්ගත කළ පිරිස අතරට පානදුර කොට්ඨාස රථවාහන අංශ නිලධාරීන් දෙදෙනා සහ යතුරුපැදියෙන් පැමිණි පානදුර අවට පදිංචිකරුවන් දෙදෙනා ඇතුළත් වන බව පානදුර දකුණ පොලීසිය පවසයි. පහරකෑ පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ (12) රාත්‍රි 12.10ට පමණ පානදුර වලාන පාළම ආසන්නයේ රථවාහන අංශ රාජකාරි යෙදී සිට ඇත. මොරටුව දෙසින් පානදුර දෙසට යතුරුපැදියකින් තිදෙනෙකු පැමිණ ඇති අතර, එය නවතා පරීක්ෂා කිරීමේදී යතුරුපැදියේ පැමිණි දෙදෙනා කලහකාරී අන්දමින් හැසිරී ඇති බව සඳහන් වේ. පසුව යතුරුපැදියෙන් පැමිණි අයෙක් පොලිස් නිලධාරීයෙකුට පහරදී ඇති බවත්, ඉන්පසු දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත් සඳහන්…
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය අනතුරට පත්වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සාලියවැව පොලීසිය සඳහන් කරයි. අද (13) අලුයම 1.00ට පමණ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් තුවාල ලබා ඇත්තේ ඉහළ පුලියන්කුලම – අලුත්ගම පදිංචිකරුවෙකු වන එච්.එම්.හර්ෂණ ප්‍රදීප් නම් අයෙකි. තුවාලකරු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. මන්ත්‍රීවරයා පුත්තලමේ සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් සිටිය දී එම දෙසටම ධාවනය වූ අත්ට්‍රැක්ටරයක පිටුපස මන්ත්‍රීවරයාගේ මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදුවී තිබිණි. තුවාල ලබා ඇත්තේ අත්ට්‍රැක්ටරය පදවා ගෙන ගිය පුද්ගලයා බව පොලීසිය සඳහන් කරයි. අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ගමන් කළ…
ඩුබායි දේවේන්ද්‍රගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ජනා ඇතුළු කල්ලිය වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිට මහතාගේ සැලසුමකට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම කල්ලිය අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදංගහවත්තේ ජනා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන දිනේෂ් පුෂ්පකුමාර නමැති අයෙකි. සැකකාර කල්ලිය විසින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත්තේ මොරටුවැල්ල ප්‍රදේශය ආශ්‍රිතවය. එහෙත් යුක්තිය මෙහෙයුම ආරම්භ වීමත් සමග කල්ලිය මෙහෙයවූ ජනා නමැති සැකකරු එම ප්‍රදේශයෙන් පළාගොස් තිබේ. ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට තොරතුරු ලැබී ඇත්තේ සැකකරු කුඩාඔය ප්‍රදේශයේ සැඟවී සිට වෙනත්…
පාපන්දු තරගයක් මැද අකුණක් වැදුණු ක්‍රීඩකයෙකු අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තාවන්නේ ඉන්දුනීසියාවෙනි. එරට බටහිර ජාවා හි Bandung ප්‍රදේශයේ පිහිටි siliwangi ක්‍රීඩාංගණයේදී මෙම අවාසනාවන්ත සිදුවීම වී තිබේ. එම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ 35 හැවිරිදි වියේ පසුවූ ක්‍රීඩකයෙකි.
ජංගම දුරකථන භාවිත කරන සෑම පාරිභෝගිකයෙකුම නිසි පරිදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කරයි. ඊයේ (12) මාධ්‍ය වෙත ප්‍රකාශක් කරමින් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය ඒ බව සඳහන් කළාය. ඔබ දැනට භාවිතා නොකරන දුරකථන සමාගම්වල ඔබ නමින් සිම්පතක් ලියාපදිංචි වී ඇත්දැයි පරික්ෂා කර ගැනීමට එම දුරකථන සමාගම සම්බන්ධ කරගෙන කරගත හැකි බව ඇය පෙන්වා දුනි. ඔබ නමින් ඔබ නොදැනුවත්ව දුරකථන සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීමට වහාම කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරිය ඉල්ලා සිටියාය. ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ඔබගේ අනුදැනුමකින් තොරව…
දැනට රට තුළ භාවිත කෙරෙන Meropenem නැමැති ප්‍රතිජීවකයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඊයේ (12) අනාවරණය කළේය. ඔහු පවසන්නේ එම ප්‍රතිජීවක අඩංගු කුප්පි තුළ වීදුරු කැබලි හමුවීමේ සිද්ධි වාර්තාවී ඇති බවය. එම Meropenem නමැති ප්‍රතිජීවකය ඇති බහාලුම් පිළිබඳ පවසමින් ඔහු හෙළිකළේ එම ප්‍රතිජීවකය සැපයූ සැපයුම්කරු මින් පෙර ගෙන්වූ ඖෂධ තොගය තත්ත්වයෙන් අසමත්වී ඇති බවය. මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනකරු ලෙස ක්‍රියාකරමින් පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් ඉකුත් සැප්තැම්බරයේ මෙරටට ගෙන්වූ ඖෂධ තොග ඇතුළත් බහාලුම් රැසක් අනාරක්ෂිත ලෙස වැලිසර, කැලණිය සහ වත්තල රේගු පර්යන්තවල ගබඩා කර ඇති බවට සෞඛ්‍ය වෘත්තිය සමිති පසුගිය…
මොරගහහේන ගෝනපොළ රූපලාවණ්‍යාගාරයකට පැමිණ එහි හිමිකාරියට තර්ජනය කර තියුණු ආයුධයකින් පහරදී රන් ආභරණ කොල්ලකෑ සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රූපලාවණ්‍ය සත්කාරයක් සිදුකරගන්නා මුවාවෙන් සිය අනියම් සැමියා සමඟ රූපලාවණ්‍යාගාරයට පැමිණ ඇති අදාළ කාන්තාව එහි හිමිකාරියට තියුණු ආයුධයක් පෙන්වා තර්ජනය කරමින් එම කොල්ලය සිදුකර තිබිණි. සැකකාර පුද්ගලයා රන් ආභරණ රැගෙන පළාගොස් ඇති අතර සැකකාර කාන්තාව එදිනම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණි. කෙසේ වෙතත් පසුව තමන්ට රෝගී තත්ත්වයක් ඇතැයි පවසමින් පොලිස් ආරක්ෂාව සහිතව රෝහල්ගතවූ සැකකාරිය රෝහලෙන් පළාගොස් තිබුණේ යාබද නිවසකින් ඇඳුම් සහ රුපියල් 14,000ක මුදලක්ද සොරකම් කරමිනි. ඉන් අනතුරුව පළාගොස් සැඟව සිටි ඇය දින 19කට පසුව මොරොන්තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හොරණ පොලිසිය…