Author: LFN

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා නව නායකයෙකු පත්කර තිබේ. මෙලෙස බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස පත්කර ඇත්තේ නජ්මුල් හුසේන් ෂැන්ටෝය. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහුව ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන කණ්ඩායම් තුනෙහිම නායකයා ලෙස පත්කර ඇති බවය. මෙම පුවත වාර්තාවන්නේ ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම ශකිබ් අල් හසන් විසින් මෙහෙයවනු ඇති බවට වාර්තා පළවී තිබූ පසුබිමක වීම විශේෂත්වයකි.

Read More

චීනය පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනයේ කාර්මික ක්ෂේත්‍රය තුළ රැකියා පුරප්පාඩු පවතින නමුත් ඊට සරිලන පුහුණු ශ්‍රම බලකායක් නොමැති බව එලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනයේ මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය 2022දී නිකුත් කළ වාර්තාවකට අනුව චීනය තුළ බරපතළ ලෙස ශ්‍රම හිඟයකට මුහුණ දෙන අංශ 100ක් හඳුනාගෙන ඇත. ඉන් ඛාණ්ඩ 41 ක් නිෂ්පාදන ක්ෂේත්‍රයේ බව පැවසෙයි. පවතින තත්ත්වය අනුව 2025 වනවිට චීන නිෂ්පාදන අංශය පුහුණු ශ්‍රමිකයන් මිලියන 30 ක හිඟයකට මුහුණ දෙනු ඇතැයි ද එරට මානව සම්පත් හා සමාජ ආරක්ෂණ අමාත්‍යංශය අනතුරු අඟවා තිබේ. චීනයේ වෘත්තීය අධ්‍යාපන ක්‍රමයට සමාජය තුළ පවතින පිළිගැනීම සහ…

Read More

පෞද්ගලික බස් රථ රියදුරෙකුට සහ කොන්දොස්තරවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයින් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22ත් 25ත් අතරේ පසුවන ගාල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසකි. මෙම තරුණයින් පිරිස ගාල්ල ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණ ඊයේ දින නැවත සිය නිවෙස් බලා යාම සඳහා හැටන් දුම්රිය ස්ථානය වෙත ලංගම බස් රථයකින් ගමන්කරමින් සිට ඇත. එහිදී එම ලංගම බස් රථයට පසුපසින් පැමිණි මස්කෙළිය සිට හැටන් දක්වා ධාවනය වන පෞද්ගලික බස් මගී ප්‍රවාහන බස් රථයක් එය පසුකර යාමට උත්සාහ දරා ඇත. ඒ අතරතුරදී පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා කුඩා මස්කෙළිය ප්‍රදේශයේදී ලංගම බස්…

Read More

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනයේ හඳුනාගත් මුලික කරුණු ඊයේ (15) සවස තමා වෙත ලැබුණු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ 2022 වසරේ තමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වෝහාරික පරීක්ෂණය සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට දන්වා තිබුණි බවය. ඒ අනුව KPMG නම් අන්තර්ජාතික විගණන ආයතනය සහ ලංකා තෙල් ගබඩා පර්යන්තයේ අභ්‍යන්තර විගණන අංශය විසින් අදාළ පරීක්ෂණය සිදුකර තිබුණි. ඒ අනුව, 2010 වසරේ සිට තොරතුරු දත්ත ලක්ෂ 13ක් ප්‍රධාන පද්ධති යෙදවුමෙන් මකා දමා හෝ වෙනස්කර ඇති බවද,…

Read More

කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ. පොලිස් කොමිසමේ තීරණයකට අනුව එලෙස කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇත. මීට පෙර ඔහු අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඇප නියම කෙරුණු අතර නඩුව මාර්තු මස 06 වනදා කැඳවීමට නියම කෙරුණි.

Read More

පොලිස් නිලධාරීන් තිදෙනෙකු සාමාන්‍ය පුරවැසියෙකු ඉදිරියේ දණ ගසා සමාව ඉල්ලූ පුවතක් අධිකරණයෙන් වාර්තාවෙයි. මෙලෙස සමාව ගෙන ඇත්තේ වයස අවුරුදු 81ක් වයසැති ගොඩ්වින් පෙරේරා නමැති ජ්‍යේෂ්ඨ පුරවැසියෙකුගෙනි. එලෙස පොලිස් නිලධාරීන් තිදෙනා සමාව ගෙන ඇත්තේ විජිත් කේ මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේදී පෙත්සම්කරු සහ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අතර ඇතිවූ සමතයක් අනුවය. 2017 වසරේදී ගොඩ්වින් පෙරේරා මහතා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත යමින් සිටියදී මාර්ගයක් අසළ අනතුරකට පත්ව සිටි කම්කරුවෙකු සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දීමක් සිදුකර ඔහුව රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබුණි. අනතුරුව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් ගොඩ්වින් පෙරේරා මහතාව රැගෙන ගොස් පොලිස් සිරමැදිරියට දමා ඇති බව පැමිණිල්ලේ සඳහන්ව තිබේ. එහිදී තමන්…

Read More

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් උඩදුම්බර පොලිස් වසමේ හුන්නස්ගිරිය ප්‍රදේශයේ සිට ගුරුළුපොත දක්වා ගමන් ගන්නා ප්‍රධාන මාර්ගය මීදුමෙන් වැසී ඇති බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි. මෙම මාර්ගයේ මීදුම නිසා රථවාහන පැහැදිලිව නොපෙනෙන තත්ත්වයක් පවතින බවද පොලීසිය පවසයි. වංගු සහ බෑවුම් සහිත මෙම මාර්ගයට විකල්ප මාර්ග නොමැති බැවින් දැඩි අවධානයකින් යුතුව රථවාහන ධාවනය කරන ලෙසට පොලීසිය වැඩිදුරටත් රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Read More

ආදුරුප්පුවීදිය පොලිසිය තුළදී සැකකරුවන් දෙදෙනෙකුට වස ලබාදීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් තිදෙනාගෙන් අයෙක් වස අඩංගු කෑම පාර්සලය හුවමාරු කළ අයෙක් වන අතර අනෙක් දෙදෙනා වස පොලිසිය තුළට රැගෙන ගිය පුද්ගලයාට ප්‍රවාහන පහසුකම් සැලසූ දෙදෙනෙකි. සිද්ධිය සිදු වූ පසුගිය ජනවාරී 24 වනදා මෙම රෝස පැහැටි ටී ෂර්ටයෙන් සැරසී සිටින පුද්ගලයා විසින් වස මිශ්‍ර ආහාර පාර්සලය මෙම පුද්ගලයාට ලබාදෙන්නේ හෙට්ටිවීදිය ප්‍රදේශයේ පිහිටි ආපන ශාලවක් අසලදීය. අනතුරුව ඔහු එය රැගෙන කොටහේන ප්‍රදේශයට පැමිණෙන අයුරුද CCTV කැමරාවල පටිගතව ඇත. පසුව එම පුද්ගයා අදාළ කෑම පාර්සලය ජම්පටා පටුමගේ පිහිටි කෝවිල අසළදී පොලීසිය තුළට රැගෙන…

Read More

ජයිකා ආයතනයේ මූල්‍ය සහාය ඇතිව ක්‍රියාත්මක වූ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණේ මහකනදරාව ජල පවිත්‍රාගාරයේදීය. කෙසේවෙතත් ප්‍රදේශවාසීන් පිරිසක් උත්සව භුමිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණේ ව්‍යාපෘතිය හේතුවෙන් තම ප්‍රදේශයේ ජල හිඟයක් ඇතිවන බවට චෝදනා කරමිනි. විරෝධතාවට සහභාගී වූ පිරිස් ඉවත් කිරීමට යාමේදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේය. අනතුරුව මෙම ගැටලුව පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම සඳහා ගම්වාසීන් පිරිසකට අවස්ථාව හිමිවිය. විරෝධතාව අතරවාරයේ ජනාධිපතිවරයා විසින් ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “සමහර අය ඇවිත් උද්ඝෝෂණය කරලා ගෙදර යනවා. බිරිඳ අහයි ඇයි…

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සවස 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40ත් පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකි බව දැනුම්දෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More