Author: LFN

වැරදි තොරතුරුදී රටේ ආර්ථික අර්බුදය ඇති කළ ඇතැම් පිරිස් ඇත්ත හෙළිකිරීමේදී නිලධාරීන් විවේචනය කිරීම අසාධාරණ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. ලේකම්වරයා මේ බව සඳහන් කළේ, කොළඹ පැවැති උත්සවයකට එක්වෙමිනි. මෙරට වෙළෙඳ මූල්‍යකරණයට ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් හඳුන්වාදීම සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා කාර්යාලය සංවිධානය කළ උත්සවයක් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. අනතුරුව ලේකම්වරායා මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදුනි. “රට වැටුණේ මේ තොරතුරු නියමාකාරයෙන් හිටපු ජනපතිට කියපු නැති නිසා. කිව්වා නම් මම හිතනවා.. මේ රට මේ තත්ත්වයට වැටෙන්නේ නෑ කියලා. නියමිත කාලයේදී දත්ත භාවිත කරලා නිවැරදි තීරණ ගත්තා නම් අද අපිට මෙවැනි අර්බුදයක් නැහැ.”

Read More

සාම්ප්‍රදායික දේශපාලනය අවසන් කළ යුතු කාලය එළඹ ඇති බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. මව්බිම ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ඊයේ (17) පස්වරුවේදී පැවැත්වුණි. මෙම සමුළුව සඳහා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී පාලිත කොහොන, ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සහ ධාවන ශූර ෂෙහාන් අඹේපිටිය යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් විය. මෙරට සංචාරක කර්මාන්තයේ සිදුවී ඇති නව පිබිදීමත් සමග සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරන අතර, එම කටයුතු සොයා බැලීමට ජනාධිපතිවරයා මෙලෙස පැමිණ තිබුණි. මෙහිදී සංචාරක හෝටල් කිහිපයක් වෙත ගොස් ව්‍යාපාරිකයන් හමුවූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලු පිළිබඳව විමසා බැලීය. සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරික ප්‍රජාව ඉදිරිපත් කළ බොහෝ ගැටලුවලට එම අවස්ථාවේම අදාළ නිලධාරීන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගනිමින් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත් අතර එම කර්මාන්තයේ දියුණුව උදෙසා ගත යුතු පියවර පිළිබඳ ඔවුන්ගේ අදහස් ලබාගැනීමට ද කටයුතු කළේය. 2023 වසරේ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව…

Read More

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඊයේ (17) පැවැත්වුණි. එම තරගය ලකුණු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඇෆ්ගනිස්තානයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 160ක් පමණි. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඇෆ්ගනිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 161කි. නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ඇෆ්ගනිස්තානයට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 156ක් පමණි. පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත්තේය. ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඔසවා තැබූ වනිඳු හසරංග පන්දු 32ක් තුළ ලකුණු 67ක් ලබා ගත්තේය. තරගය පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ය.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වල අද (18) ප.ව 4.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවය. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. ඉන් අනතුරු අඟවා ඇත්තේ රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණ කිරීම හේතුවෙන් සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බවයි. ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාෂික් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (16) වැල්ලවත්ත, හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ රථ ගාලේ සිදු කළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ ඉදිරිපිට මාර්ගයේ රාජකාරියේ නියුතු නිලධාරියෙකු විසින් මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කර ඇති අතර, එහි දී එම මෝටර් රථය එම නිලධාරියාව අනතුරට ලක් කර හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ රථ වාහන අංගනය දෙසට නොනවත්වා ධාවනය කර තිබේ. පසු ව එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු පළා යාමට තැත් කර ඇති අතර, එහි දී එක් සැකකරුවෙකු…

Read More

තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී දස හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දැරියගේ මළ සිරුර හමු වූ පොල් ඉඩමේ මුරකරු ලෙස කටයුතු කළ 55 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. දුෂණයට ලක් කර ඝාතනය කළ බවට සැක කෙරෙන දැරියගේ මළ සිරුර ඊයේ (16) පෙරවරුවේ දැරියගේ නිවස ආසන්නයේ පිහිටි පොල් ඉඩමක තිබී සොයාගෙන තිබිණි. පසුගිය 15 වැනි දා නිවස ආසන්නයේ පිහිටි වෙළෙඳසලකට ගිය දැරිය යළි නොපැමිණීම සම්බන්ධයෙන් ඇයගේ මිත්තණිය තලෙයිමන්නාරම පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබූ බව සඳහන් ය. ඒ අනුව පොලීසිය සිදු කළ විමර්ශනයක දී ඝාතනයට ලක් වූ දැරියගේ මළ සිරුර සොයාගෙන තිබිණි.

Read More

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීම සඳහා රටවල් 35ක නියෝජිතයන් අද (17) දිවයිනට පැමිණීමට නියමිත ව තිබේ. එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා – පැසිෆික් කලාපීය සමුළුව ලබන 19 වැනි දා සිට 22 වැනි දා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ අවසන් සාකච්ඡාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැත්විණි. මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නිලධාරින් 300කට අධික පිරිසක් සහභාගි වීමට නියමිත ව තිබේ. මීට සමගාමී ව එක්සත්…

Read More