Author: LFN
ශ්‍රී ලංකාවේ වෙරළතීරයේ ආරක්ෂාව සඳහා යෙදවීමට ගුවන් යානාවක් ලබාදීමට අමෙරිකාව තීරණය කර තිබේ. අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන Doland Lu මේ බව සඳහන් කර ඇත. විශේෂ හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ‘king air’ ගුවන් යානාවක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට නියමිත බවය. එය මේ වසර තුළදී ලැබෙන තුළ ලැබෙනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ වෙරළතීරයේ ආරක්ෂාව සඳහා මෙරට ආරක්ෂක අංශ වෙත මීට පෙර බෝට්ටු ලබාදීමටද කටයුතු කර තිබුණි.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවූ කොල්ලය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් තිදෙනෙකුම ව්‍යාපාරිකයින් බව පොලීසිය පවසයි. අදාළ කොල්ලයේ ඔත්තු බැලීමට ඔහු හවුල් වූ බවට පොලිසිය අනාවරණ කරගැනීම හේතුවෙන් තිස්සමහාරාම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු තිස්සමහාරාම ප්‍රදේශයේ මිරිස් කුඩු ව්‍යාපාරයක් සහ කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට පොලිසිය පවසයි. එසේම සිද්ධිය සම්බන්ධයෙන් ඉඹුල්ගම සහ කඩවත ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයින් දෙදෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ මෙවැන්නක්. “අපට පෙනී යනවා මේ සැකකරුවන් කිහිපදෙනා සංවිධානාත්මකව කොල්ලකෑම් සිදුකරන බවට. ඒ වගේම ඒවා නොපෙනෙන ආකාරයට, සමාජයට වසන් වෙන ආකාරයට ඔවුන්…
ඩැට් දීමනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට (19) පැවැත්වීමට නියමිත ව තිබේ. සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ, එම සාකච්ඡාව ද අසාර්ථක වුව හොත් හෙට (19) පස්වරුවේ රැස් වී වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ය. වෛද්‍යවරුන් සඳහා වැඩි කළ රුපියල් තිස් පන්දහසක ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් එක් ව පසුගිය සති කිහිපය තුළ අවස්ථා දෙකක දී දින කිහිපයක වර්ජන ක්‍රියාමාර්ගයක නිරත විය. පසුගිය 15 වැනි දා පෙරවරුවේ එම වර්ජනය තාවකාලික ව අවසන් කෙරුණේ, වෘත්තිය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා…
ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන්, නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිත ව තිබේ. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ ආරාධනයකට අනුව ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට (19) සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත. එම සංචාරයේ දී ඉරාන විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. එමෙන්ම ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.
ළමා හා කාන්තා හිංසනයන් ගැන සෙවීමට බස් රථයට නැඟි පොලිස් උපාය දූතිකාවකට පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලිංගික අතවර කර ඇති බව වාර්තා වේ. සැකකරු, අත්අඩංගුවට ගැනීමෙන් පසු නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික ආරක්ෂක සේවයේ නියුතු වයස අවුරුදු 44ක පුද්ගලයෙකි. රටපුරා ක්‍රියාත්මක කෙරෙන යුක්තිය මෙහෙයුමට සමගාමි ව පොදු ප්‍රවාහන සේවාවන් හරහා ගමන් කරන කාන්තාවන්ට හා බාල වයස්කාර දරුවන්ට සිදු වන ලිංගික අතවර වැළැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක මෙහෙයුම අතර දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ මාසයේ ගත වූ දින 15ක කාලය තුළ කොළඹ නගරය ආශ්‍රිත ව සීසීටීවී දර්ශන මඟින් වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් 793 දෙනෙකු හදුනාගත් බව පොලීසිය නිවේදනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ, අදාළ වැරදිකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් ස්ථාන 300කට පමණ තොරතුරු දැනුම් දී ඇති බවයි. 2023 වසරේ බීමත් ව රිය පැදවීම් සම්බන්ධ නඩු 26,000ක් පමණ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කර ඇත.
ජනාධිපතිවරණය සඳහා ඉක්මණින් දිනයක් ප්‍රකාශයට පත්කරන ලෙස බලකරමින් සෙනගාලයේ උද්ඝෝෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ජනාධිපතිවරණය මෙම මස පැවැත්වීමට නියමිතය. එහෙත් එය කල් දැමීමට එරට ජනාධිපතිවරයා ගත් උත්සාහය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීය.
තලෛමන්නාරම උතුර ප්‍රදේශයේදී මියගිය දැරිය දුෂණයට ලක්කර ගෙල සිරකර ඝාතනය කර ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණයවී තිබේ. දැරියගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (17) පෙරවරුවේ යාපනය ශික්ෂණ රෝහලේදී සිදුකෙරුණි. කෙසේවෙතත් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මන්නාරම මහෙස්ත්‍රාත්වරයා ඊයේ පොලීසියට අවසර ලබාදී තිබුණි. තලෛමන්නාරම උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 10 හැවිරිදි මෙම දැරිය පසුගියදා සිය නිවස ආසන්නයේ පිහිටි වෙළෙඳසැලකට ගොස් යළි නොපැමිණීම හේතුවෙන් පවුලේ ඥාතීන් විසින් ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී තිබුණි. අනතුරුව දැරියගේ මළ සිරුර ප්‍රදේශයේ පොල් ඉඩමක තිබී සොයාගනු ලැබීය.
තමා කිසිඳු අවස්ථාවක ජාතික රෝහල තුළ කාර්යාල අඩස්සියට පත් නොවු බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. සේවකයින් කිහිප දෙනෙකු උද්ඝෝෂණය කළ පමණින් තමන් සේවයෙන් ඉවත් වීමට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කොළඹ ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් මේ වනවිට එම සේවකයින් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඒ අනුව එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැය 06ක පමණ කාලයක් කාර්යාල අඩස්සියේ තබා ගැනීමට සේවකයින් කටයුතු කළ අතර ඊයේ දිනයේත් විරෝධතා ක්‍රියාමාර්ගයක් ජාතික රෝහල තුළ ක්‍රියාත්මක වුණි. මෙහිදී කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් සඳහන්…
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ශිරාන් බාසික්ගේ’ සමීපතමෙයක් හෙරොයින් සමග විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ් අවස්ථාවේදී ශිරාන් බාසික්ගේ පුත්‍රයා වන නදීන් බාසික්ද සිට ඇති අතර ඔහු පළාගොස් ඇති බව පොලීසිය පැවසීය. කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන සැකකරු පසුගිය (16) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්තේ පිහිටි අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණ පරිශ්‍රයකදීය. සැකකරු පැමිණි මෝටර් රථය පරීක්ෂා කිරීමට යෑමේදී විශේෂ කාර්ය බළකා නිලධාරියෙකුද අනතුරට ලක්කරමින් පළායෑමට උත්සාහ කර තිබේ. පොලීසිය සඳහන් කළේ එම අවස්ථාවේදී සැකකරු සමග ශිරන් බාසික්ගේ පුත්‍රයා වන නදීන් බාසික් නැමැත්තාද සිට ඇති බවය. පසුව ඔවුන් මෝටර් රථයෙන් බැස දිවයන අයුරු අසල වූ සීසීටීවී…