Author: LFN
බොරැල්ල මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට මහල් නිවාස සංකීර්ණයක් අසල වෙඩි තැබීමක් සිදුව තිබේ. ඊයේ (19) රාත්‍රී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය. බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 38 හැවිරිදි අදාළ නිවාස සංකීර්ණයේ කුලී පදනම මත සිටින පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය. තුවාල ලැබූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු මීට දින කිහිපයකට පෙර රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණ සිටි පුද්ගලයෙකු බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින්…
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය රජයෙන් කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව එම සංගමය පවසයි. ඊයේ (19) පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඒ බව සඳහන් කළහ. එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, “හෙද සංගමය හැටියට අපි රජයෙන් කළ ඉල්ලීමට අනුව අද දින සෞඛ්‍ය අමාත්‍යවරයා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සමග කළ සාකච්ඡාවේදී හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව රුපියල් 30,000ක් දක්වා වැඩිකර දෙන බවට පොරොන්දු වුණා. එයින් 25,000ක් මෙම වසරේ මාර්තු මාසයේද ඉතුරු රුපියල් 5,000 ලබන වසරේ ජනවාරි සිට ලබාදීමටද එකඟ වුණා. ඉන්ධන දීමනාව ලබන වසරේ…
පසුගිය මාස කිහිපයට සාපේක්ෂව මේ වනවිට විදුලි ඉල්ලුම ඉහළගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ඊයේ (19) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ පෙබරවාරි මාසයේ ගතවූ දින කිහිපය සඳහා ගිගාවොට් පැය 46ක විදුලි ඉල්ලුමක් ලැබී ඇති බවය. එසේම පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනයද සීමා කර ඇති බව පෙන්වාදුන් ඒ මහතා සඳහන් කළේ එය සියයට 20ක් දක්වා අඩුකර ඇති බවය. මේ හේතුවෙන් විදුලිය භාවිත කිරීමේදී හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් එය භාවිත කරන ලෙසට ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල්…
කොළඹ 07, විජේරාම මාවතේ නිවසක පදිංචිව සිටි මිත්‍රානි ප්‍රනාන්දු නමැති සංගීත ගුරුවරිය ඝාතනය කළ බවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු ව මාර්තු මස 4 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේය. දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි එම සැකකරු කොළඹ නිවාසවල වතු සුද්ධ පවිත්‍ර කරන කම්කරුවෙක් බවත් ඔහු අවිවාහකයෙකු බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත. සැකකාර පුද්ගලයා ඉකුත් දෙසැම්බර් මස 15 වනදා උදෑසන මිත්‍රානි මහත්මියගේ නිවස සුද්ද පවිත්‍ර කටයුතු සඳහා ගොස් ඇති අතර, එහිදී ඇයට අතවර කර පසුව වයර් කැබැල්ලකින් ගෙල සිරකර ඝාතනය කළ බවටත් ඔහු පාපොච්චාරණය කළ බවද පොලිසිය පෙර නඩු වාරයේදී…
මහරගම ප්‍රදේශයේ ධාවනය වූ බස් රථයක් තුළ ගමන් ගත් මගී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෑලියගොඩ දරමඩුවත්ත ප්‍රදේශයේ පදිංචි ඥාතී සැකකාරියන් තිදෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේය. එම මුදල් පසුම්බියේ රුපියල් 16,000ක් තිබී ඇති අතර සැකකාරියන් තිදෙනාව කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. මුදල් පසුම්බිය අස්ථානගත වූ කාන්තාව කුරු වත්ත පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර කළේය.
කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ දියණියක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට රත්නපුර මහාධිකරණය ඊයේ (19) මරණ දඬුවම නියම කළේය. මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය එලෙස මරණ දඬුවම නියම කළේ වසර 12ක දීර්ඝ නඩු විභාගයකින් පසුවය. රත්නපුර, කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවූ ඝාතන පෙළ රටක් භීතියට පත්කරන්නට සමත්වුණි. එය හැඳින්වුණේ කොටකෙතන ඝාතන රැල්ල නමිනි. එම ඝාතන රැල්ලේ මව සහ දියණිය මරාදැමූ සිදුවීම් කිහිපයක් ද වාර්තාවූ අතර අදත් පුද්ගලයෙකුට මරණ දඬුවම හිමිවූයේ එවැනි සිද්ධියකටය. 2012 වසරේදී ජූලි 19 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ ලියනාරච්චිගේ ප්‍රේමවතී නම් හැටතුන් හැවිරිදි මවක් සහ හේවාගේ පුෂ්පාකුමාරි නමැති තිස්දෙහැවිරිදි අවිවාහක දියණියකි. දියණිය දුෂණය…
මීගමුව පිටිපන ලෙල්ලම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශ සහ අද දින පැවති විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැදුර ඊයේ (19) පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේය. එහි දැක්වෙන්නේ ඊයේ දින පැවති විරෝධතාවයට සම්බන්ධ වූ පිරිස් පිටිපන ලෙල්ලම සම්බන්ධයෙන් අසත්‍ය පවසමින් ධීවර ජනතාව සහ මහජනතාව මුළා කිරීමට උත්සාහ දරන බවය. වසර ගණනාවක් පුරාවට පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතිය යැයි කියාගන්නා පුද්ගලයින් කිහිපදෙනෙකු පමණක් භුක්ති විදින මෙම දේපළ සම්බන්ධයෙන් නඩු පවරන ලද්දේ එහි ආදායම තමන්ට පෞද්ගලිකව භූක්තිවිඳීමට නොව පුළුල් ධීවර පිරිසකට හිමිකරදීමේ අදහසින් බවද අගරදගුරු මැදුර නිවේදනය කරයි. මේ අතර මීගමුව පිටිපන ලෙල්ලම, කොළඹ අගරදගුරු පදවියට පවරා ගැනීමට විරෝධය පළ කිරීම සඳහා එහි…
වනිඳු හසරංග විස්සයි විස්ස පිටියේ තම 100 වන කඩුල්ල ලබාගැනීමට අද සමත්විය. විස්සයි විස්ස තරග 63කට ක්‍රීඩා කරමින් වනිඳු එම දක්ෂතාවය දැක්වීය. දැන් පැවැත්වෙන තරගයේ 13 වන පන්දුවාරයේ 2 වන පන්දුවට ඇෆ්ගනිස්තාන ක්‍රීඩක නජිබුල්ලා දවාගනිමින් ඔහු එම දක්ෂතාවය දැක්වීය.
නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. එමෙන්ම සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, ඌව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-35 පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග…
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට සහ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා විශේෂ කමිටුවක් පත්කර කිරීමට යෝජනා වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අතර අද අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්වූ බවය. එම සාකච්ඡාවේ දී සිය වෘත්තීය ඉල්ලීම් පිළිබඳව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් අදහස් පළ කර ඇති අතර, අමාත්‍යවරයාගේ පවසා ඇත්තේ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ ඉල්ලීම්වලට අදාළව යෝජනාවලියක් සකස් කර අමාත්‍යාංශයට ලබාදෙන ලෙසය. එය අධ්‍යයනය කිරීමෙන් පසු උපරිම සාධාරණත්වයක් ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය වශයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ. ඒ අනුව…