Author: LFN

වසර දහයක් තුළදී ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. මේ සදහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට ඊයේ (20) දැනුම් දුන්නේය. ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර කර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත්කමද අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව වසර දහයක් තුළදී ගෘහ…

Read More

විදුලිබල අමාත්‍යාංශය මීට පෙර බලාපොරොත්තු වූ මුදලට වඩා වැඩි මුදලකින් විදුලිබිල පහත දැමීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඒ අනුව විදුලිබල මණ්ඩලයේ යෝජනාව ලැබුණු පසු විදුලිබිල අඩු කිරීම සඳහා වන යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරන බව ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය. “පසුගිය දෙසැම්බර් මාසයේ කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා විදුලි බිල සංශෝධනය කළ යුතුයි කියලා පෙබරවාරි මාසයේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය ඔවුන්ගේ යෝජනාව දීලා තියෙනවා මහජන උපයෝගිතා කොමිසමට. ඒ අතරතුර අපි ඉල්ලීමක් කළා විවිධ පාර්ශ්වයන්ගෙන් විදුලි බිල සම්බන්ධයෙන් තියෙන යෝජනා, ඔවුන්…

Read More

නවීන තාක්ෂණික ක්‍රමවේදයකට අනුව පොළොන්නරුව ඉපැරණි පරාක්‍රමබාහු රාජ්‍ය මාලිගය පරිශ්‍රය තුළ පොළොව විනිවිද පෙනෙන රේඩාර යන්ත්‍රයක් මගින් පොළොන්නරුව යුගයට එහා ගිය ඈත යුගයක සාක්ෂි රැසක් සොයා ගැනීමට හැකි වූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය. පොළොව විනිවිද පෙනෙන නව රේඩාර යන්ත්‍රය මගින් මෙහිදී දැනට මතුපිටට පෙනෙන පුරාවිද්‍යාත්මක නටබුන්වලට අමතරව, පොළොව යට මීටර් තුනක් ගැඹුරින් තවත් ගොඩනැගිලි පාදම් පොකුණු මෙන්ම උදුන් ආදී වශයෙන් දැකගැනීමට හැකිවූ බව ඔස්ට්‍රේලියාවේ ලාට්‍රොප් විශ්වවිද්‍යාලයේ ආචාර්ය කියස් ටික්ලින් මහතා ප්‍රකාශ කළේය. පොළොන්නරුව පුරාවිද්‍යාත්මක මානව සහ නාගරිකකරණය පිළිබඳව තවදුරටත් සොයා බැලීම සඳහා ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය, කැලණිය විශ්වවිද්‍යාලය සහ ඔස්ට්‍රේලියාවේ ලාට්‍රොප් විශ්වවිද්‍යාලය එක්ව ඉකුත් 04වනදා…

Read More

ජාත්‍යන්තර ප්‍රජාවගේ පමණක් නොව රටේ පුරවැසියන්ගේ අවශ්‍යතාවලට සවන්දීමට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය හෙවත් ඔන්ලයින් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය. දෝෂ සහිත ක්‍රියාවලිය, අභිප්‍රාය, භාෂණයේ නිදහසට ඇති විය හැකි බලපෑම යන අංශ තුන පිළිබඳව අවධානය යොමුකරමින් ඇය ඔන්ලයින් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම පනත් කෙටුම්පත තුළ දෝෂ සහිත බවක් පෙන්වාදෙන බව අමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කර තිබේ. පනත් කෙටුම්පතේ භාවිත කර ඇති පුළුල් අර්ථ දැක්වීම් ඔස්සේ කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහි අන්තර්ජාල ප්‍රහාර වැනි…

Read More

නුවරඑළිය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු සහ කළමනාකරණ සහකාරවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම නිලධාරීන් අද (20) අත්අඩංගුවට ගෙන ඇත්තේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසිනි. ඔවුන් බස් හිමියෙකුගේ මාර්ග බලපත්‍රයක් වෙනස් කිරීමට රුපියල් 30,000ක අල්ලසක් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජාතීන් අතර අසමගිය ඇතිකරනු ලබන්නේ දේශපාලනඥයින් බව මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසයි. උන්වහස්සේ පෙන්වා දෙන්නේ, සහජීවනයෙන් ජීවත් වූ ජනතාව අතර ජාති, ආගම් ගැටුම් ඇති කිරීමට මූලිකත්වය ගනු ලැබුවේ බලලෝභී දේශපාලඥයින් බවය. මෙරට සත්‍ය, සමගිය සහ ප්‍රතිසංධානය සඳහා වන කොමිෂන් සභාවේ නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේ දී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් මේ බව සඳහන් කළේය. “ජාතික සමගිය ඇති වෙන්න නොයෙක් දේවල් කරද්දි මේ දේශපාලනඥයෝ නේ මේවා නැති කරන්නේ. සමගිය නැතිකරන්නේ ඒ අය. ආගමික සමගියක් ඇති කරන්න කියලා කතා කරනවා, කරන්නේ බේද. උත්සාහයක් ගත්තත් සාර්ථක ප්‍රතිඵල ලැබෙයිද කියන එකයි මේ වගේ අන්තගාමී අය නිසා. පාලකයන්ගේ උනන්දුවක් තියෙන්න…

Read More

අද (20) අලුයම ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉඟුරුකඩේ හංදියේ කුණු ඇළ අසල දී තරුණයෙකුගේ හිසට කතුරකින් ඇන ඝාතනය කර තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, අවුරුදු 19ක් වූ රුවන් කුමාර නැමති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. මියගිය තරුණයා මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ අයෙකු බවටත් විවිධ සොරකම්වලට සම්බන්ධ වුවෙක් බවටත් අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබේ. අද (20) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කථානායකවරයා විසින් එම තීන්දුව පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය. එම පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පහත පරිදි වේ. * 3, 42, 53 සහ 70 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවට අනුනුකූල වන අතර, පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය. *එසේ වුවද එම වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධනය සිදුකරන්නේ නම් එම අනුනුකූලතාවයන් ඉවත්ව යනු ඇත. *4 වන වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව, සුදුසු පරිදි සංශෝධනය විය යුතුය. *61 (1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුනුකූල වන අතර, විශේෂ බහුතරයකින් සහ…

Read More

ඉදිරි ජනාධිපතිවරණයකදී තමා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහායෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව පැවසීය. මේ වනවිට ජී. එල්. පීරිස් මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු වරම්ලැබූ පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන ව කටයුතු කරති.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රාජ්‍ය සේවකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණිය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ තුන්වන ශ්‍රේණිය, කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණිය, ශ්‍රී ලංකා රජයේ පුස්තකාලාධිපති සේවයේ තුන්වන ශ්‍රේණිය යන සේවාවන් හි සීමිත තරග විභාග සමත් 250 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (19) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති අතර එම අවස්ථාවේ දී එම ඉල්ලීම සිදුකළේය. එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ, රටේ සංවර්ධන ඉලක්කයන් සපුරාලීමට, නාස්තිකාර වියදම් අඩුකර ගැනීමට, තීරණ ගැනීමේදී සිදුවන යම් යම් අසාධාරණකම් දැක දැක එවැනි තීරණ ගැනීමෙන් වැළකීමට විශේෂයෙන් කැපවෙන ලෙසය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, “තමන්ගේ දක්ෂතාවය…

Read More