Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි බිල අඩු කිරීම ගැන ඇමති කංචනගෙන් සහතිකයක්
    Featured

    විදුලි බිල අඩු කිරීම ගැන ඇමති කංචනගෙන් සහතිකයක්

    By LFNFebruary 21, 2024No Comments2 Mins Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලිබල අමාත්‍යාංශය මීට පෙර බලාපොරොත්තු වූ මුදලට වඩා වැඩි මුදලකින් විදුලිබිල පහත දැමීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

    ඒ අනුව විදුලිබල මණ්ඩලයේ යෝජනාව ලැබුණු පසු විදුලිබිල අඩු කිරීම සඳහා වන යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරන බව ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

    “පසුගිය දෙසැම්බර් මාසයේ කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා විදුලි බිල සංශෝධනය කළ යුතුයි කියලා පෙබරවාරි මාසයේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය ඔවුන්ගේ යෝජනාව දීලා තියෙනවා මහජන උපයෝගිතා කොමිසමට. ඒ අතරතුර අපි ඉල්ලීමක් කළා විවිධ පාර්ශ්වයන්ගෙන් විදුලි බිල සම්බන්ධයෙන් තියෙන යෝජනා, ඔවුන් දකින ගැටලු පිළිබඳ යෝජනා අපට ලබා දෙන්න කියලා. ඒ සාකච්ඡාවට විවිධ පාර්ශ්ව සම්බන්ධ වුණා. විශ්වවිද්‍යාල නියෝජනය කරන ඉංජිනේරු සංගම්, ඉංජිනේරුවන්, විදුලිබල ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් ඇතුළු 40ට ආසන්න පිරිසක් සම්බන්ධ වුණා. ඔවුන් යෝජනා ලබා දුන්නා.

    ඒ වගේම පසුගිය 15 වැනිදා මහජන උපයෝගිතා කොමිසම මහජන අදහස් සඳහා විවෘත කළා. එහිදීද යම් යම් අදහස් දීලා තියෙනවා. ඒ අනුව මේ අදහස් දෙකම එකතු කරලා අමාත්‍යාංශයෙන් උපදෙස් දීලා තියෙනවා විදුලි බල මණ්ඩලයට. ඒ අනුව සංශෝධනය කරපු විදුලි ගාස්තු අය කිරීම ගැන යෝජනාව මම හිතනවා බදාදා හෝ බ්‍රහස්පතින්දා විදුලිබල මණ්ඩලය ලබා දෙන්න කටයුතු කරයි. අප මීට පෙර බලාපොරොත්තු වුණාට වැඩිය අඩු කිරීමක් විදුලි බිල තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ යෝජනාව අපි මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරනවා. ඒ අනුව ඔවුන්ගේ යෝජනාව සඳහාත් තීරණය ගනියි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.