Author: LFN

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. ඒ මහතා පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහු පසුව සිය කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කළේය. විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නොයෙල් ප්‍රියන්ත මහතා ඉල්ලා අස්වූ බව නිවේදනය කර තිබුණි.

Read More

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති නිවස සහ අක්කර 15ක ඉඩම ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය. එම නිවස පිහිටි ස්ථානය නිරීක්ෂණය කිරීමට ඊයේ (21) පස්වරුවේ පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. එහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය. “විනාශයට පත්වී තිබෙන මෙම නිවස මේ රටේ ආන්දෝලනාත්මක නඩුවකට අදාළ වු විෂය වස්තුවක් බව කිව යුතුයි. 2015 දී පමණ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේදී මේ ඉඩම සම්බන්ධ ඔප්පුවල නම් සඳහන් සියලු දෙනා මේ ඉඩම…

Read More

මැතිවරණ කොමිසම විසින් ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීතිවිරෝධී බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මෝසම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21) නියෝග කළේය. මෙම මෝසම ඊයේ ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්නප්පුලි, අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නාගානන්ද කොඩිතුවකු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ මෝසම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ මෝසම සලකා බැලීම සඳහා මාර්තු මස 4 වනදා කැඳවන ලෙස නියෝග…

Read More

මෙරට පොලීසියට අවශ්‍ය ව සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවන් 13 දෙනෙකු ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් ව ඇති බවට එරට ආරංචිමාර්ග පවසයි. ඒ අතර බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් කියන ඌරගහ මයිකල් නැමැත්තා ද සිටින බව වාර්තා වේ. මේ අතර, මීට වසර 10කට පමණ පෙර බොරැල්ල ප්‍රදේශයේ දී කොණ්ඩා කපන ස්ථානයක් තුළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ අපරාධකරුවකු වන දෙමටගොඩ චමින්ද ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට පවරා ඇති නඩුවේ නඩු භාණ්ඩ කිහිපයක් බොරැල්ල පොලීසිය භාරයේ තිබිය දී අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් සිදු කර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ප්‍රදේශය…

Read More

විදෙස් රටක නෞකාවක සේවයට ගිය ශ්‍රී ලාංකකයෙකු මුහුදට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බවට පැවසෙන පුවතක් වාර්තා වෙයි. හොරණ, අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ පදිංචි චිරාත් සඳරූ නම් 21 හැවිරිදි තරුණයෙකු ජර්මනියේ නැව් සමාගමකට අයත් භාණ්ඩ ප්‍රවාහන නව්කාවක සේවය සඳහා ඉකුත් ජනවාරි මස 2 වනදා ගොස් තිබුණි. පසුව ඔහු ස්පාඤ්ඤයේ “සෙන්ටුකා බේ” නැමති නෞකාවට සේවය සඳහා එක්වී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව පසුගිය 18 වනදා ඔහුගේ උඩුවර නිවෙසට පැමිණි අදාළ නැව් සමාගමේ මෙරට කළමනාකරුවන් දෙදෙනෙකු පවසා ඇත්තේ චිරාන් සඳරු මුහුදට වැටී ඇති බවය. එම තරුණයා 17 වනදා රත්‍රි 10.00 පමණ මුහුදට වැටී ඇති අතර නෞකාවේ කපිතාන්වරයා ප්‍රමුඛ සේවකයින් ඒ බව දැනගෙන ඇත්තේ…

Read More

හදිසි අනතුරකින් ජීවිත්කෂයට පත් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්‍ය ලක්මිණී චූලෝත්තමා බෝගමුවගේ අවසන් කටයුතු ඊයේ (21) සිදු කරන්නට යෙදිණි. වචනයේ පරිසමාප්ත අරුතින්ම ලක්මවට මැණිකක් වූ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ සහාය කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළා ය. කැලණිය සරසවියේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතාගේ එකම දියණිය වන ඇය අඩු වයසින්ම අධ්‍යාපන කඩඉම් ජයගත් තරුණියකි. කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධි පාඨමාලාවේ 2022 වසරේ දක්ෂතම ශිෂ්‍යාව මෙන්ම වැඩිම ලකුණු ලැබූ සිසුවිය බවට ද ඇය පත්වන්නේ, පොතපත පමණක් නොව නැටුම් ගැයුම් ඇතුළු බාහිර ක්‍රියාකාරකම්වලටත් දක්ෂ සහ දීප්තිමත් සිසුවියක ලෙස සරසවිට කීර්තියක් අත්කර දෙමිනි. ඉහළ සමත්කම් නිසාම 2023 වසරේ දී ඇය සිය සරසවිය…

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතා පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතා වෙත ඊයේ (21) නිල වශයෙන් භාරදුන් බව නාවික හමුදාව නිවේදනය කර ඇත. මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ප්‍රදීප් රත්නායක මහතා 1987 වර්ෂයේ දී ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් ව තිබිණි. ක්‍රමාණුකූල ව උසස් වීම් ලැබූ ඔහු 2021 වර්ෂයේ ජූලි මස පළමු වැනි දා රියර් අද්මිරාල් නිලයට උසස් වූ…

Read More

දෙහිවලදී මෝටර් රථයක් ස්කූටර් වර්ගයේ යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ස්කූටරයේ ගමන්කරමින් සිටි පුද්ගලයෙකි. 52 හැවිරිදි වියේ පසුවන ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙහිවල කඩවත පාරේ පැරකුම්බා මාවතට හැරෙන මංසන්ධිය අසළ දී මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුර හිතාමතා සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. අනතුරට පෙර සැකකාර මෝටර් රථයේ රියදුරු සහ මියගොස් ඇති පුද්ගලයා අතර බහින්බස්වීමක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන්ද මේ වනවිට පොලිස් විමර්ශන ආරම්භ කර ඇත. කෙසේ වෙතත් විමර්ශන සිදුකළ දෙහිවල පොලීසිය විසින් මේ වනවිට සැකකාර කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස…

Read More

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි සහ අවසන් 20යි 20 තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 03ක ජයක් වාර්තා කිරීමට සමත් විය. කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුහු පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 209ක් රැස් කළ හ. රහමනුල්ලා ගුර්බාස් ලකුණු 70ක් රැස් කළ අතර, හස්රතුල්ලා සසායි ලකුණු 45ක් රැස් කළේ ය. පන්දු යැවීමේ දී මතීෂ පතිරණ සහ අකිල ධනංජය අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකාවට කඩුලු 06ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 206ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක යෙදුණු පැතුම් නිස්සංක ලකුණු…

Read More

අද (22) දිනයේ දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ වැසි වාර ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී එම වැසි ඇතිවිය හැකි බවය. ඒ හැරුණුකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙයි.

Read More