Author: LFN

09වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා කාරක සභා කිහිපයකට නම් කරන ලද සාමාජික මන්ත්‍රීන්ගේ නාම ලේඛන ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය. පාර්ලිමේන්තුව විසින් 2024 පෙබරවාරි 09 වනදා සම්මත කරන ලද යෝජනා අනුව මෙම සාමාජික මන්ත්‍රීන්ගේ නාම ලේඛන නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් මෙලෙස පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය. *ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, විජිත බේරුගොඩ, තාරක බාලසූරිය, අනුරාධ ජයරත්න, චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ජයන්ත කැටගොඩ, නීතිඥ මධුර විතානගේ සහ සමන්ප්‍රිය හේරත්. *රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ලසන්ත අලගියවන්න, ප්‍රසන්න රණවීර, කේ.…

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන සුදත් කිත්සිරි නොහොත් ‘‘වැලිවිට සුද්දා‘‘ නැමැත්තා කඩුවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මාලබේ වැලිවිට ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුර හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 300ක් සමග සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. වැලිවිට සුද්දා නැමැත්තා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස්ව සිටි අයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අතරතුර කඩුවෙල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සැකකරු විසින් නීතිවිරෝධීව උපයාගත් දේ‌පොළ බවට සැකකෙරෙන බස්රථ 05ක්, මෝටර් රථයක් සහ යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය. මෙම දේපොළ සැකකරු විසින්…

Read More

ඊයේ (22) රාත්‍රියේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ 08 දෙනෙකු ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාතර ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් බස් රථයකි. අනතුරින් බස් රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර නානුඔය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

කලාපය තුළ යම් අයුරකින් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවුවහොත් ඉන් ඇතිවන විකිරණශීලි තත්ත්වයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව සුදානම් බව පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් පවසයි. බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී එම නිලධාරීන් මේ බව දැනුම්දී තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් පවසා ඇත්තේ ඒ සඳහා අවශ්‍ය මානව සම්පත සහ අවශ්‍ය උපකරණ තමන් සතු බවය. බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වී තිබුණි. මේ අතර දිගු කාලයක් පුරා සමනල වැව ජලාශයේ පවතින ජල කාන්දුව පිළිසකර කර ජල කාන්දුව නතර කළ නොහැකි…

Read More

මාවතගම ප්‍රදේශයේ පාසල් සිසුවෙකු සන්තකයේ තිබී විද්‍යුත් දුම්බොන උපකරණයක් (ඊ දුම්වැටියක්) පොලීසිය සොයාගෙන තිබේ. “පවුර” වැඩසටහන යටතේ සිදුකළ දැනුවත්කිරීම්වලට අනුව මාවතගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතාට ලද තොරතුරකට අනුව මෙම සෝදිසි කිරීම සිදුකර ඇත. සැකකාර සිසුවා සෑම දිනකම පාසල් වෙත ගමන්කරන අවස්ථාවේ අදාළ සිසුවා විසින් එම උපකරණය සහිත බෑගය පාසල අසල නිවසක තබා ගොස් ඇත. නිවෙස් හිමි කාන්තාවට මේ සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත ඒ පිළිබඳව මෙලෙස පොලීසිය දැනුවක් කර ඇත. එහිදී අදාළ පාර්සලය පරීක්ෂා කිරීමේදී එම විද්‍යුත් දුම්බොන උපකරණය සොයාගෙන ඇත. පසුව පාසල නිමවී අදාළ බෑගය ගැනීම සඳහා සාමාන්‍ය ඇඳුමින් සැරසී පැමිණි පාසල් සිසුවා පොලිස් භාරයට ගෙන…

Read More

අද (23) දිනයේ බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වීම හරහා එම පනත තවදුරටත් ප්‍රායෝගික වන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි. අදාළ පනත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (21) පැවති සම්මන්ත්‍රණයක දී ඔහු මේ බව සඳහන් කළේ ය. මෙම පනතට අනුව සිවිල් නඩු පැවරිය හැකි බවත් තහනම් ප්‍රකාශ නිසා පීඩාවට පත් වන අය ආරක්ෂා කිරීමට ප්‍රතිපාදන පවතින බවත් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. අධිකරණයට අපහාස වන ප්‍රකාශ සන්නිවේදනය වැළැක්වීම ද මෙම පනතේ අරමුණක් බව ඔහු පැවසීය. වැරදි සිදු කරන මාර්ගගත ගිණුම් හඳුනාගැනීම, තහනම් ප්‍රකාශ නැවත…

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු රඳවා සිටි සිරමැදිරිවලින් ජංගම දුරකථන සහ උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය සිය භාරයට ගෙන තිබේ. ඊයේ (21) දිනයේ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සහෝදරයා රැඳීසිටින සිරමැදිරියෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාර යන අය රැඳීසිටින සිරමැදිරියෙන් ඒවා සොයාගෙන ඇති බව සඳහන් ය. මෙහිදී ජංගම දුරකථන 04ක්, සිම් කාඩ්පතක්, දුරකථන අංක සහිත පොතක් සහ දුරකථන උපාංග කිහිපයක් සොයාගෙන තිබේ. ඒවා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරිවරයාගේ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධුර විපක්ෂයට ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේ ය. ඒ, අද (22) පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමිනි. මෙම ධුර විපක්ෂයට ලබා දෙන බවට ගත වූ අරගල සමයේ දී කථානායකවරයා විපක්ෂයට ලිඛිත ව පොරොන්දු වූ බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ ය. ඒ අනුව අදාළ තත්ත්වය පිළිබඳ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවධානයට යොමු කරන බව නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

Read More

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පින්නවල – මැදගම්මැද්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පින්නවල පොලීසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී සැකකරු අත්අඩංගුඅවට ගෙන ඇති බව සඳහන් ය. අත්අඩංගුවට ගත් සැකකරු මැදගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර, ඉංගිරිය කුරණ ප්‍රදේශයේ දී ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බවට වාර්තා වේ.

Read More