Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාසල් සිසුන් නොමග යැවූ දෙදෙනෙකු අත්අඩංගුවට
    Featured

    පාසල් සිසුන් නොමග යැවූ දෙදෙනෙකු අත්අඩංගුවට

    By LFNFebruary 23, 2024No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාවතගම ප්‍රදේශයේ පාසල් සිසුවෙකු සන්තකයේ තිබී විද්‍යුත් දුම්බොන උපකරණයක් (ඊ දුම්වැටියක්) පොලීසිය සොයාගෙන තිබේ.

    “පවුර” වැඩසටහන යටතේ සිදුකළ දැනුවත්කිරීම්වලට අනුව මාවතගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතාට ලද තොරතුරකට අනුව මෙම සෝදිසි කිරීම සිදුකර ඇත.

    සැකකාර සිසුවා සෑම දිනකම පාසල් වෙත ගමන්කරන අවස්ථාවේ අදාළ සිසුවා විසින් එම උපකරණය සහිත බෑගය පාසල අසල නිවසක තබා ගොස් ඇත.

    නිවෙස් හිමි කාන්තාවට මේ සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත ඒ පිළිබඳව මෙලෙස පොලීසිය දැනුවක් කර ඇත.

    එහිදී අදාළ පාර්සලය පරීක්ෂා කිරීමේදී එම විද්‍යුත් දුම්බොන උපකරණය සොයාගෙන ඇත.

    පසුව පාසල නිමවී අදාළ බෑගය ගැනීම සඳහා සාමාන්‍ය ඇඳුමින් සැරසී පැමිණි පාසල් සිසුවා පොලිස් භාරයට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී ඒ පිළිබඳව තොරතුරු රැසක් හෙළිවී තිබේ.

    එය තමන් මාවතගම නගරයේ රෙදිපිළි අලෙවිසැලක ව්‍යාපාරිකයෙකුගෙන් මිලදී ගත් බවට සිසුවා කළ ප්‍රකාශයට අනුව අදාළ වෙළෙඳසැල පරීක්ෂා කළ පොලීසිය තවත් එවැනිම වර්ගයේ විද්‍යුත් දුම්බොන උපකරණ 2ක් සොයාගෙන ඇත.

    එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාර ව්‍යාපාරිකයා විසින් එම එක් උපකරණයක් රුපියල් 6,500ක මුදලකට සිසුවා වෙත අලෙවි කර ඇති බවය.

    පසුව අදාළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වළදී හෙළිවී ඇති කරුණු අනුව පාසල ඉදිරිපිට පිහිටි ව්‍යාපාරිකයාගේ මිතුරෙකුගේ නිවසේ තිබී තවත් එවැනිම වර්ගයේ විද්‍යුත් දුම්බොන උපකරණ 2ක් සොයාගෙන ඇත.

    එසේම මීට පෙර එම විද්‍යුත් දුම්බොන උපකරණ අසුරා තිබූ හිස් පෙට්ටි 2ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ඉන් එක පෙට්ටියක 10ක් අසුරා තිබී ඇති බවද හෙළිවී ඇත.

    සැකපිට ව්‍යාපාරිකයාගේ මිතුරාද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

    පසුව සිසුවාගේ මව්පියන් ගෙන්වා දැඩි ලෙස අවවාද කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එම දරුවා අගහිඟකම් රැසකින් පෙළෙන පවුලක දරුවෙකු බවය.

    පසුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම පාසලේ තවත් සිසුන් පිරිසක් එක්ව මුදල් එකතුකර මෙම විද්‍යුත් දුම්බොන උපකරණය මිලදීගැනීම සඳහා මුදල් සපයාගෙන ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 202600 Views

    විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක්…

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.