Author: LFN
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීවගේ මෙහෙයවීමෙන් කඳාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය පවසයි. සැකකරු සූරියආර ප්‍රදේශයේ පදිංචි ‘කොට්ටාවේ සුද්දා’ නැමැති 40 හැවිරිදි අයෙකි. ගනේමුල්ල සංජීව අවස්ථා කිහිපයක දී ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම මත ඔහුව බිය ගැන්වීමේ අරමුණින් ඔහුගේ නිවසට වෙඩිතබා ඇති බව වාර්තා වේ. කඳාන පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ කළ විමර්ශන අතරතුරදී කොට්ටාවේ සුද්දා නැමැත්තා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. සිදුවීමට අදාළව මේ වනවිට අත්අඩංගුවේ පසු වන සංඛ්‍යාව 14කි. කෙසේ වෙතත් වෙඩික්කරු මේ වන විට විදේශයකට පළා ගොස් ඇති බව වාර්තා වේ.
බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු මැද පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කුවේට් රාජ්‍යයේ රියදුරු රැකියාවක නිරත වූ ශ්‍රී ලාංකිකයකුට කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ. රාජාංගණයේ පදිංචි කේ.පී.ලක්ෂ්මන් තිලකරත්න නමැති 44 හැවිරිදි දෙදරු පියකුට මෙසේ වෙඩි තබා ඇත. මොහු වසර 08ක් පමණ කුවේට් රාජ්‍යයේ රැකියාව කර ඇති අතර, අවසන් වරට ඔහු ලංකාවට පැමිණ ඇත්තේ, 2022-10-25 වැනි දා ය. ආහාර ඇණවුම් රැගෙන යන රියදුරකු වශයෙන් මොහු රැකියාව සිදු කර ඇති අතර, ඉකුත් ජනවාරි 10 වැනි දා ලද ඇණවුමක් රැගෙන යාමේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇත. රැගෙන ගිය ආහාර ඇණවුම ප්‍රමාද වී ඇති බව පවසා අදාළ පාරිභෝගිකයා තමාට වෙඩි තැබූ බව තුවාලකරු පවසයි. වෙඩි තැබීමෙන් තුවාලකරුගේ උදරය ප්‍රදේශයට බරපතළ…
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම සංගමය සඳහන් කළේ, එය නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිඳු පියවරක් ගෙන නොමැති බවය. එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය ප්‍රසාද් හේරත් මහතා පැවසුවේ සෑම නගරයකම ප්‍රධාන ගම් ආශ්‍රිතව, ආසන්න වශයෙන් ව්‍යාජ වෛද්‍යවරුන් තුන් හතරදෙනෙකු පමණ සිටින බවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ ඇතැම් ඖෂධ වෙළෙඳසැල්වල ක්‍රියාකාරීත්ව ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල තර්ජනයක් එල්ල කරන බවය. වෛද්‍ය නිර්දේශයක් නොමැතිව රෝග ලක්ෂණ අනුව ඖෂධ වෙළෙඳසැල්වල පිරිස විසින් රෝගීන් ට ඖෂධ ලබාදීම හේතුවෙන් රෝගීන් මරණයට පවා ලක්විය…
හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමගි ජන බලවේගය හා එක්වී තිබේ. ඔහු අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට සහයෝගය පළකර ඇත. සමගි ජන බලවේගයට එක් වූ ඒ මහතා ‘දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා’ ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දූෂණ විරෝධී ගමනේ උපදේශකවරයකු ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව නම්වූ නව ආයතනය කඩිනමින් සක්‍රීය කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊට අදාළ කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් අනතුරුව නව කොමිෂන් සභාව බලාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය. කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙම අදහස් පළ කළේය. මේ අතර ජාතික ජන බලවේගය පක්ෂය සහ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ පස්වරුවේ සිදුවී තිබේ. එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති…
නීතිවිරෝධී ගංජා මිශ්‍ර මදනමෝදක තොගයක් අලෙවිය ට සුදානමින් ළඟ තබාගෙන සිටි 25 හැවිරිදි පුද්ගලයෙකුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ, ඊයේ (22) හිඟුරක්ගොඩ නගරයේ දෙවන හරස් වීදිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීය. මදනමෝදක පැකට් 671ක් සැකකරු සන්තකයේ තිබී ඇත.
මෑතක සිට රතු මුහුදේ ඇතිවූ අර්බුද වැඩිවීමත් සමග ඉන්දියාව එහි ආරක්ෂක මෙහෙයුම් කටයුතු තර කර තිබේ. එවන් පසුබිමක රතු මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ ඉරාන ධීවර යාත්‍රාවකින් ලද හදිසි පණිවුඩයකට ඉන්දියාව ප්‍රතිචාර දක්වා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ යාත්‍රාවෙන් හදිසියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සහාය ඉල්ලා තිබුණි. ඉන්දීය නාවික හමුදාව අදාළ යාත්‍රාවට ළගාවී නිරීක්ෂණය කිරීමේදී එහි පාකිස්තාන ජාතිකයන් පිරිසක් සිට තිබේ. ඔවුන් දැඩි ලෙස රෝගාතුරවී සිටි බැවින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බවද ඉන්දීය නාවික හමුදාව පවසයි.
දෙහිවලදී හිතාමතා පුද්ගලයෙකු මෝටර් රථයෙන් අනතුරට ලක්කර ඝාතනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු මාර්තු මස 07 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. දෙහිවල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් 30 හැවිරිදි වියේ පසුවන සැකකරු ඊයේ ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ. දෙහිවල පොලිස් වසමේ කඩවත පාර ප්‍රදේශයේදී ඊයේ පෙරවරු 9.45ට පමණ මෙම අනතුර සිදුව තිබේ. ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණි. අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව පොලීසිය පවසයි. මියගිය තැනැත්තා කටුබැද්ද, මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක අයෙකි. කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන්…
ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරිය තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් විසිකළ සැකකරුවෙකුට අධිකරණය විසින් සිර දඬුවම් නියම කර තිබේ. මෙලෙස සිරදඬුවම් නියම කර ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය. ගංගොඩවිල අතිරේක මහෙස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා මෙම සිර දඬුවම නියම කර ඇත. ඔහුට එරෙහිව පවරා තිබූ නඩු කටයුත්තකට පෙනී සිටීම සඳහා සැකකරු ඊයේ (22) අධිකරණය වෙත පැමිණ තිබුණි. එහිදී විවෘත අධිකරණයේ නඩු කටයුතු විභාග වෙමින් පැවති අවස්ථාවේදී සැකකරු විසින් මෙලෙස සිරමැදිරිය තුළට පාර්සලයක් විසිකර ඇත. එම සිදුවීම දුටු විනිසුරුවරයා ක්ෂණිකව ක්‍රියාත්මකව ඇති අතර අධිකරණ භාර පොලිස් නිලධාරියා විසින් එම පාර්සලය ගෙන පරීක්ෂා කිරීමේදී එහි අයිස් මත්ද්‍රව්‍ය අඩංගුව ඇති බවට හෙළිවී තිබේ. එම පාර්සලය තුළ…