Author: LFN

මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොර ව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. මේ අතර මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් ඇතුළත රටින් පිට වන ලෙස දැනුම්දීම සඳහා රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය…

Read More

අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු ද මේ හා සමගාමී ව සිදු කිරීමට නියමිත බවයි. ගාල්ල – තවලම විද්‍යාරාජ ජාතික පාසලේ නව තාක්ෂණ පීඨ ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කළේ ය.

Read More

ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව පවසා සිටියේ, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීය. “දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24) පෙරවරුවේ සිදු විය. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. මෙහිදී අදහස්…

Read More

තමා ද දැන් දරුවෙක් ඉන්න පියෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ජනහමුවකදී පැවසීය. මේ රටේ බිහිවෙන සෑම දරුවෙකුටම පෞද්ගලික රෝහල්වලින් ලැබෙන සැලකිල්ලම රජයේ රෝහල් තුළින් ලබාදීමේ වැඩපිළිවෙල තමන් දියත් කරන බවද ඔහු පැවසීය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවීමට මුදල් කමිටු කිහිපයක් තීරණය කර තිබේ. ඒ මහ බැංකු සේවකයින්ගේ වැටුප ඔවුන් විසින් සියයට 70කින් ඉහළ නංවාගෙන ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බව වාර්තා වෙයි. මහ බැංකු නිලධාරීන් විසින් ඔවුන්ගේ වැටුප ඉහළ නංවාගෙන ඇති බවට පසුගියදා තොරතුරු වාර්තා වුණි. එම සිද්ධිය රට තුළ මහත් ආන්දෝලානාත්මක තත්ත්වයක් ඇති කළ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ පවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී, මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.

Read More

ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග ට ICCයෙන් තරග තහනමක් පනවා තිබේ. ICC නීති සංග්‍රහය කඩකිරීම හේතුවෙනි ඔහු සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පනවා ඇති අතර තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් ද පනවා ඇති බව වාර්තා වෙයි. පසුගියදා පැවති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තුන්වැනි 20/20 තරගයෙන් අනතුරුව විනිසුරු ලින්ඩන් හැනිබල් ගේ තීරණයක් විවේචනය කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව දඬුවම් ලකුණු එක්කර තිබුණි. ඒ සමගම ඔහුගේ දඬුවම් ලකුණු මාස 24 ක් තුළදී 5ක් වීම හේතුවෙන් ඔහුට එරෙහිව එම තරග තහනම පැනවෙයි. මෙම තත්ත්වය යටතේ හසරංග ට එක් ටෙස්ට් තරගයක් හෝ එක්දින තරග දෙකක්…

Read More

කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් 2002 වසරේදී ඝාතනය කර තිබූ අතර ඊට සැකකෙරුණේ ඔහුගේ බිරිඳගේ සහෝදරයා ය. එවක 22 හැවිරිදි වියේ පසුවූ සැකකරු ඝාතන සිද්ධියෙන් මාස 3කට පසු පොලිස් අත්අඩංගුවට පත්වී පසුව ඇප මත මුදා හැරුණි. ඒ අතරවාරයේ ඔහු රටින් පළාගොස් විදේශගතවී තිබුණි. සැකකරු දිගින් දිගටම නඩුවට ඉදිරිපත් නොවීම නිසා සැකකරු නොමැතිව පැමිණිල්ලේ සාක්ෂි මත පමණක් පදනම් කරගෙන ක්‍රියාත්මක වූ නීති කෘත්‍යයේදී රත්නපුර මහාධිකරණය 2019දී තීන්දු කළේ, සැකකරුට මරණ දඬුවම නියම කිරීමටය. කෙසේවෙතත් විදේශ රටවල සංචාරය කළ සැකකරු මේ වසරේ ජනවාරි මස යළි දිවයිනට පැමිණ බෝපත් ඇල්ල – අගලවත්ත ප්‍රදේශයේ අත්හැර දැමූ නිවසක රහසිගතව ජීවත්වී තිබේ. සැඟව සිටින මෙම සැකකරු…

Read More

වැල්ලේ සාරංගගේ මස්සිනාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදා කෝප්‍රල්වරයෙකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. එම යුද හමුදා සාමාජිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, තමා අනියුක්තව සිටි කඳවුරේ සිට පැනයමින් සිටියදීය. පසුගිය 21 වනදා රාගම, මහබාගේ ඇලපිටිවල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන වැල්ලේ සාරංගගේ මස්සිනාව වෙඩි තබා ඝාතනය කර තිබුණි. ඝාතනය මෙහෙයවීමේ චෝදනාව එල්ල වූයේ, දැනට විදේශගතව සිටින ඩුබායි නිපුන නමැති පුද්ගලයාටය. ප්‍රධාන සැකකරු ශ්‍රී ලංකා යුද හමුදාවේ චෙංකලඩි කඳවුරේ හතර වන ගැමුණු හේවා බල ඇණියේ සක්‍රීය සේවයේ නිරත කෝප්‍රල්වරයෙකි. පොලිස් විශේෂ කාර්ය බළකාය, ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු මඩකලපුව චෙංකලඩි කඳවුරෙන් පැනගොස් තිබුණි. පළා යන අතරවාරයේදී ඔහු අත්අඩංගුවට ගැනීමට යුද…

Read More

රුසියානු විපක්ෂ නායකයා ලෙස ඉදිරියෙන් සිටි අලෙක්සි නවල්නි ගේ සිරුර ඔහුගේ මවට ලබාදීමට රුසියානු බලධාරීන් එකඟ වී ඇති බව වාර්තා වෙයි. නමුත් ඔහුගේ සිරුර රහසිගත ස්ථානයක මිහිදන් කිරීමට ඇයව එකඟ කරවාගෙන ඇති බවද බීබීසී පුවත් සේවය වාර්තා කළේය. නවල්නි පසුගිය 16 වනදා රුසියානු සිර කඳවුරකදී අභිරහස් ලෙස මිය ගියේය.

Read More

නිවසක් අසල පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ඊට යටවී තිබේ. ඊයේ (24) පස්වරුවේ මහනුවර අනිවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බවය. සිද්ධියට මුහුණ දී ඇත්තේ ඉදිකිරීම් සේවකයෙකි. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා මහනුවර මහ රෝහලට ඇතුළත්කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.

Read More