Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසර 22කට පසු ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට
    Featured

    වසර 22කට පසු ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

    By LFNFebruary 25, 2024No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් 2002 වසරේදී ඝාතනය කර තිබූ අතර ඊට සැකකෙරුණේ ඔහුගේ බිරිඳගේ සහෝදරයා ය.

    එවක 22 හැවිරිදි වියේ පසුවූ සැකකරු ඝාතන සිද්ධියෙන් මාස 3කට පසු පොලිස් අත්අඩංගුවට පත්වී පසුව ඇප මත මුදා හැරුණි.

    ඒ අතරවාරයේ ඔහු රටින් පළාගොස් විදේශගතවී තිබුණි.

    සැකකරු දිගින් දිගටම නඩුවට ඉදිරිපත් නොවීම නිසා සැකකරු නොමැතිව පැමිණිල්ලේ සාක්ෂි මත පමණක් පදනම් කරගෙන ක්‍රියාත්මක වූ නීති කෘත්‍යයේදී රත්නපුර මහාධිකරණය 2019දී තීන්දු කළේ, සැකකරුට මරණ දඬුවම නියම කිරීමටය.

    කෙසේවෙතත් විදේශ රටවල සංචාරය කළ සැකකරු මේ වසරේ ජනවාරි මස යළි දිවයිනට පැමිණ බෝපත් ඇල්ල – අගලවත්ත ප්‍රදේශයේ අත්හැර දැමූ නිවසක රහසිගතව ජීවත්වී තිබේ.

    සැඟව සිටින මෙම සැකකරු සම්බන්ධයෙන් කුරුවිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. උදයශාන්ත මහතාට තොරතුරක් ලැබී ඇත්තේ ඒ අතරවාරයේදීය.

    වහා ක්‍රියාත්මක වූ පොලීසිය ඊයේ රාත්‍රියේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ අනුව තම අක්කාගේ ස්වාමි පුරුෂයා ඝාතනය කිරීමේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ, වසර 22කට පසුවය.

    සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.