Author: LFN

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබේ. මීට සුළු මොහොතකට පෙර ඒ මහතා අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ලබාගෙන තිබේ. මෙම පත්කිරීම සිදුකර තිබුනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුවය. පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පසුගිය 2023 වසරේ නොවැම්බර් 29 වනදා, මාස තුනක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබූ අතර ඒ අනුව ඔහු මෙතෙක් එම ධුරයෙහි කටයුතු කරනු ලැබීය. 1998 පෙබරවාරි 23 වැනිදා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක් වූ දේශබන්දු තෙන්නකෝන් මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි…

Read More

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයාව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සමබන්ධයෙන් විධිමත් හා කඩිනම් විමර්ශනයක් සිදුකළ යුතු බව එම සංගමය පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියේ මේ සිදුවීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කම්පනයට හා බියකට පත්ව ඇති බවය. “මේ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් හා කඩිනම් විමර්ශනයක් කරලා සත්‍ය තොරතුර අනාවරණය කළ යුතුයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ වෙද්දී මේ හේතුව නිසා යම් කම්පනයකට සහ බියට ලක්වෙලා ඉන්නවා තමන්ගේ රාජකාරිය නිසා ආකාරයෙන් ඉටු කිරීම නිසා මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙයිද කියලා?” ඇල්පිටිය, පතිරාජවත්ත ප්‍රදේශයේ ඊයේ පෙරවරු 7.35ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා…

Read More

ලබන වසරේ ජනවාරි මස සිට ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ (26) අනාවරණය කළේය. ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ ජලගාස්තු වැඩි නොකරන බවය. “අපි පැහැදිළිවම ප්‍රකාශ කරලා තියෙනවා ජල ගාස්තු වැඩි කිරීමක් සිදු නොවන බව. ඇත්තෙන්ම පාරිභෝගිකයින්ගේ ඒ බර අඩුකරන්නේ කොහොමද?කියලා රජය අධ්‍යයනය කරමින් සිටින්නේ. ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් දැන් සකස් කර තිබෙනවා. එය නිසි ලෙස කෙටුම්පත්කොට කැබිනට් අනුමැතිය ලැබෙනතුරු අපි අපේක්ෂාවෙන් පසුවනවා. ජල ගාස්තු ස්ථාපිත කළ පසු වාර්ෂික මිල ඇගයීමක් සිදුවන අතර ද්වීපාර්ශ්වික ඇගයීමේත් විකල්පයක්…

Read More

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 4ක් සහ විපක්ෂව ඡන්ද 2ක් හිමිව ඇති බවය. සාමාජිකයින් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමේ වැළකී සිටිය බව විපක්ෂනායකවරයා පවසයි. එසේම එහි ඡන්ද විමසීමකදී ප්‍රතිඵලය සම වන අවස්ථාවකදී පමණක් කථානායකවරයාට සිය ඡන්දය භාවිත කළ හැකි බවත් ඔහු පවසයි. විපක්ෂනායකවරයා පවසන්නේ ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දයක් හරහා තීරණයක් ගැනීමට අඩුම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය බවය. ඒ අනුව දෙවන වරටත් ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව ඔහු සිය X පණිවුඩයෙන්…

Read More

පෙත්සම් කිහිපයකට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බවට නීතිපතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. 2022 වසරේ අප්‍රේල් මස 01 වනදා අරගලය පැවැති අවස්ථාවේදී හදිසි නීතිය පනවා ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට සමාජ මාධ්‍ය තහනම පනවමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම් ගොනුකර තිබුණි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් 06 ක් ඊයේ…

Read More

නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අද (27) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, දකුණු, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර…

Read More

යාපනය ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 07ක සතිපතා පූජා පවත්වා වන්දනාමාන කිරීමට බැතිමතුන්ට අවසරය ලබාදී තිබෙනවා. ඒ අනුව කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල, වාසවිලාන් මනම්පිරායි කෝවිල, වාසවිලාන් ශිවම් කෝවිල, වාසවිලාන් නාග කෝවිල, පලාලි රාජ රාජේශ්වරී කෝවිල, පලාලි නාග තම්පිලාන් කෝවිල සහ පලාලි ශක්තිවේලි මුරුගන් කෝවිල යන කෝවිල්වල සතිපතා පූජාවන් සදහා අවසර හිමි වන බවයි යුධ හමුදාව පැවසුවේ. මීට පෙර එම කෝවිල්වල මාසික පූජාවන් සහ විශේෂ පූජාවන් සඳහා අවසර ලබාදී තිබුණා. කෝවිල් භාරකාර මණ්ඩල සහ සිවිල් සංවිධාන විසින් සතිපතා පූජාවන් සඳහා අවසර ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහගේ පූර්ණ මැදිහත්වීම මත…

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර කිලෝමීටර් 4 දශම 1 කණුව අසලදී අද (26) අලුයම බිහිසුණු අනතුරක් සිදුව තිබිණි. කුඩා ලොරි රථයක් ඉදිරියෙන් ගමන්ගත් ලොරියක ගැටීමෙන් අනතුර සිදුව තිබූ අතර, රෝහල්ගත කළ කුඩා ලොරි රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙක් රෝහල්ගත කළ අතර ඒ අතර බරපතළ තත්ත්වයෙන් සිටි රියදුරු මෙලෙස මියගොස් ඇත. පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය වෙත මාළු මිලදී ගැනීම සඳහා රත්ගම සිට යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු රැගත් ලොරියක් මෙලෙස හම්බන්තොට සිට කුරුණෑගල දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ පිටුපස ගැටීමෙන් අනතුරට ලක්ව තිබිණි. අනතුර සිදු වූ වහාම එම ස්ථානයට ළඟා වූ ගැලණිගම රථවාහන ඒකකයේ…

Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව පවසමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කර තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මේ විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ජී. ඇල්. පීරිස්, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි සහ ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් අත්සන් විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබේ. එම විශ්වාසභංග යෝජනාව තුළින් මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතේ 13, 17, 20, 33 (6), 34 (1), 35 (1), 21, 22, 31…

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් හදිසියේම මරණයට පත්වීමට හේතුව ප්‍රතිකාර සඳහා ලබාදෙන රසායනිකයක බලපෑමක් දැයි රෝහලේ වෛද්‍යවරු සැක පළ කරති. පසුගිය දින කිහිපයේදී එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පස් දෙනෙකු මරණයට පත් වීම සැලකිල්ලට ගනිමින් එම ඒකකය මුද්‍රා තබා තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ බලධාරීන් පසුගිය 23 වැනිදා පියවර ගෙන තිබිණි. මේ සඳහා බලපා ඇති හේතුව අනාවරණය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඒ අනුව රුධිර කාන්දුකරණය සහ රුධිරය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පියවර…

Read More