Author: LFN
යතුරුපැදි නඩුවකට අදාළ ව පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රයක් නැවත ලබාදීම සඳහා එම යතුරුපැදිකරුගෙන් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන ඉත්තෑපාන පොලීසියේ සැරයන්වරයෙකු හා ආධුනික කොස්තාපල්වරයෙකු ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (27) නියෝග කළේය. යගිරල ප්‍රදේශයේ පදිංචි දිමුත් මධුශංක නැමැති පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. පැමිණිලිකාර පුද්ගලයා යතුරුපැදියෙන් ඉත්තෑපාන ප්‍රදේශයේ ගමන් ගනිමින් සිටින අතරතුරදී මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු සතු රියදුරු බලපත්‍රයද සිය භාරයට ගෙන…
වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන්නැයි ඉල්ලා කාදිනල් හිමිපාණන් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් ශ්‍රේෂ්ඨාධිකරණයේදි ඊයේ (27) පෙරවරුවේ සලකා බැලුවේය. එහිදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීම සඳහා භික්ෂූන් වහන්සේ හත් නමකට අවසර දෙන ලෙස ඉල්ලා මෝසමක් ගොනුකර ඇති බවයි. එලෙස මෝසම ගොනුකර ඇත්තේ කොට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ…
මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ, අද (27) සහ මාර්තු 6 යන දිනවල අදාළ දැනුවත් කිරීම් සිදුකෙරෙන බවය. මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මැතිවරණ සඳහා මුදල් වැය කිරීම සීමා කළ යුතු වෙයි. කෙසේ වෙතත් එම පනත සම්මතවීමෙන් පසු එක් මැතිවරණයක් හෝ පවත්වා නොමැතිවීම හේතුවෙන් අදාළ පනතේ විධිවිධාන සම්බන්ධයෙන් දේශපාලඥයින්ට නිසි අවබෝධයක් ලබාදීමේ අරමුණින් එම සාකච්ඡා පැවැත්වෙයි. මෙහිදී පක්ෂ නියෝජනය කරමින් රංජිත්මද්දුම බණ්ඩාර, සිසිර ජයකොඩි, උවිඳු විජේවීර ඇතුළු පිරිසක් සාකච්ඡාවට සහභාගි වූහ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානයකවරයාට භාරදී තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ බව තහවුරු කළේය.
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අදත් අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. වැඩිවී ඇති උද්ධමනය හේතුවෙන් අමෙරිකානු පොලී අනුපාත කප්පාදුව පමාවීමේ පසුබිම මත ඩොලරය ශක්තිමත් වීම ඊට බලපා ඇති බව සඳහන් ය. මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81යි ශත 27 දක්වා පහත බැස ඇති අතර අමෙරිකානු WTI බොර තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 76යි ශත 14ක් ලෙසට ය. ඩොලරය ශක්තිමත් වීම තුළින් අනිකුත් විනිමය වලින් ගනුදෙනු කරන්නන්ට තෙල් වඩාත් මිල අධික වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වෙයි. මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිලද අමෙරිකානු ඩොලරය ශක්තිමත් විමත් සමග පහළ වැටීමක් පෙන්නුම් කරන අතර රන් අවුන්සයක මිල මේ වනවිට…
දමිතා අබේරත්නට සහ අයගේ සැමියාට නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කර තිබේ. CIDය අධිකරණයට දැනුම්දී ඇත්තේ දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් කොරියානු රටට යවන බව පවසා රුපියල් ලක්ෂ 30 අධික මුදලක් වංචා කර ඇති බවය. ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලීසියට පැමිණෙන ලෙස කළ දැනුම්දීම නොසලකාහැරීම හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙස එමගින් CIDය ඉල්ලීමක් කර තිබුණි. එහිදී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පවසා ඇත්තේ ඔවුන් සැකකරුවන් ලෙස නම්කර නොමැති බැවින් අධිකරණයෙන් නොතීසි නිකුත් කිරීමට නොහැකි බවය. එසේම නිසි අයුරින් නියෝග ඉල්ලන…
පළමු ලංකා T10 තරගාවලිය 2024 දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බව වාර්තා වෙයි. ඒ අනුව එම තරගාවලිය දෙසැම්බර් 12 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එම තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් තරග වදින අතර එක් සංචිතයකට ක්‍රීඩකයින් 16ක් අයත් වෙයි. ඉන් 6 දෙනෙක් විදෙස් ක්‍රීඩකයින් ය.
ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ මනුෂ්‍ය ඝාතන සම්බන්ධ සිදුවීම් වලින් 83 දෙනෙකු පමණ මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ඊයේ (26) මාධ්‍ය හමුකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේය. මේ අතර ගෙවල් බිඳුම් දේපොළ සොරකම් කිරීමේ සිද්ධි 1,180ක් වාර්තා වී ඇති බවත් මංකොල්ලකෑම් 310ක් වාර්තා වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ අපරාධමය තත්ත්වය පාලනය කර ගැනීමට අවශ්‍ය කරන විවිධ ක්‍රියාමාර්ග පොලීසිය මේ වනවිට ගනිමින් සිටින බවය. මේ අතර ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ වෙඩිතැබීමේ සිදුවීම් 20ක් පමණ සිදුව ඇති බව පොලිස්…
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වනදා දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවනු ලබයි. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් කළ ඉල්ලීමකට අනුව මුදල් ඇමති ලෙස ජනපති විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.