Author: LFN
රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වෙයි. දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩසටහන නිදහස ජනතා සභාවට ඉදිරිපත් කෙරිණ. “රට දැඩි අර්බුදයකට මුහුණපා සිටී. ඉන් රට මුදා ගැනීම සඳහා මනුෂ්‍යත්වයේ සන්ධානයක් ගොඩනැගීම එක්සත් ජනරජ පෙරමුණේ අරමුණයි…” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ අනුව සන්ධානය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශවය න් එකඟ වී තිබේ. නිදහස ජනතා සභාව වෙත සිය වැඩසටහන පිළිගැන්වීම නාවල, කොස්වත්ත නිදහස ජනතා සභා කාර්යාලයේදී සිදුකෙරිණ.
මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණි පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. ජනතාව චෝදනා කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ නිලධාරීන්ගේ අක්‍රමවත් වැඩපිළිවෙල හේතුවෙන් මෙලෙස ඔවුන් අපහසුතාවයට පත්ව ඇති බවය. දුර බැහැර ඈත ප්‍රදේශවල සිට එහි පැමිණ දින කිහිපයක් තිස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ අපේක්ෂාවෙන් රැඳී සිටි පිරිසක් සහ අද උදෑසන එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් අතර මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබේ. මේ අතර මේ පිළිබඳව අප කළ සොයාබැලීමකදී වාර්තාවූයේ සංවිධානාත්මක කල්ලියක් විසින් එම ස්ථානයේ පෝළිමේ රැඳී සිටිමින් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන ජනතාවගෙන් නීතිවිරෝධී ලෙස මුදල් අයකරගන්නා බවය. මේ සඳහා මහනුවර පිහිටි ආගමන විගමන…
දඹුල්ල, වෑවලවැව ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි. එම මරණය සම්බන්ධයෙන් ඊයේ (27) රාත්‍රී පොලීසියට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ ආරම්භකර තිබේ. 45 හැවිරිදි මරණකරු විවාහක පුද්ගලයෙක් බවත් ඔහු බිරිඳගෙන් වෙන්වී සිය මව සමග නිවසේ ජීවත්වී ඇති බවත් පොලීසිය පැවසීය. මව නිවසේ නොමැති අවස්ථාවක එම පුද්ගලයා සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.
අධික උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි බැවින් අද (28) හෙට (29) සහ අනිද්දා (29) යන දිනවල පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්වය ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙස දැනුම් දී ඇත. සියලුම පාසල් විදුහල්පතින්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මේ වනවිටත් පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් වෙත නිකුත් කර ඇති උපදෙස් අනුව ඉදිරියේ දී කටයුතු කරන ලෙස අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, දකුණු, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ලබන වසර සඳහා සැලසුම් කර ඇති ඉන්දියාවේ පළමු අභ්‍යවකාශ ගමන සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ නියමුවන් සිව් දෙනෙක්ව තෝරාගත් බව නිවේදනය කර තිබේ. එම අභ්‍යවකාශ ගමන “Gaganyaan” ලෙස නම්කර ඇති අතර එමගින් ගගනගාමීන්ව කක්ෂයේ කිලෝ මීටර් 400ක් පමණ දුරකට යවා දින තුනකට පසුව ඔවුන්ව ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන් ය. එම ගමන සඳහා ගගනගාමීන් තිදෙනෙක් එක්වීමට නියමිතය. එම ගමන සාර්ථක කර ගැනීම සඳහා ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය (Isro) මේ වනවිට විවිධ අත්හදාබැලීම් සිදුකරමින් සිටියි. මෙම වසරේදී රොබෝවක් අභ්‍යවකාශයට යැවීමට ඉන්දීය විද්‍යාඥයින් සැලසුම් කර ඇති අතර අනතුරුව ලබන වසරේදී ගගනගාමීන්ව අභ්‍යවකාශයට යැවීමට ඉන්දියාව සැලසුම් කරයි.
හොරණ දොඹගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරමින් සිටියදී මියගිය හමුදා සෙබළෙකුගේ මරණයට අදාළව සැකපිට එම කඳවුරේම සෙබළුන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදා පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී සහ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම හේතුවෙන් එම සෙබළුන් අත්අඩංගුවට ගෙන තිබේ. හමුදා කඳවුරේ පොකුණක තිබී මියගිය හමුදා සෙබළාගේ සිරුර පසුගිය ජනවාරි මාශයේදී සොයාගනු ලැබීය. මියගිය හමුදා සෙබළා දොඹගොඩ යුද හමුදා කඳවුරේ යුද උපකරණ බලකායේ ක්‍රීඩා උපදේශකවරයෙකු ලෙස කටයුතු කර තිබුණි. 24 හැවිරිදි වියේ පසුවන තරිඳු ලක්ෂාන් ඇතිළිවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකපිට අත්අඩංගුවට ගත් සෙබළුන් සිව්දෙනා සමග මියගොස් ඇති හමුදා සෙබළා කඳවුර තුළ…
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින “ඵලදාවර්ධන හා අලෙවි අංශය” වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ. එම අංශය මගින් වැඩිපුරම සිදුකරනු ලබන්නේ ඉඩම් ගොඩකිරීමට උපදෙස්දීම බවත්, ඉන් කිසිදු ඵලදාවර්ධන කටයුත්තක් සිදුනොවන බවයි නිලධාරින් අමාත්‍යවරයාට දැනුම් දී තිබුණි. ඒ අනුව රජය කුඹුරු ගොඩකිරීම, ප්‍රතිපත්තියක් ලෙස තහනම් කර ඇති පසුබිමක එම අංශය වසා දැමීමට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි. එමෙන්ම අදාළ අංශය අපනයනය සඳහා භෝග කිරීමේ හා ව්‍යාප්ත කිරිමේ ඒකකයක් ලෙස ද ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ මහතා පත් කිරීමට නියමිතව තිබේ. කතානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඊයේ (27) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණි. ඔහුගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් නීතීඥ කුෂානි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. 1981 අංක එක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් අදාළ දැනුම්දීම සිදුකර තිබුණාය. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතාගෙන් පසු එම ලැයිස්තුවේ වැඩිම මනාප ලබාගෙන ඇති එස්.…
ශ්‍රීලංකන් ගුවන් යානාවල ගමන්වාර දහයකට වැඩි ප්‍රමාණයක් අද දිනයේත් ප්‍රමාද වී, තවත් ගුවන් ගමන්වාර තුනක් මුළුමනින්ම අවලංගු කළ බව එම ගුවන් සමාගම පවසයි. මෙවන් තත්ත්වයක් නිර්මාණය වූයේ ඉකුත් ඉරිදා ගුවන් ගමන්වාර හතරක් ප්‍රමාදයෙන් නොසන්සුන්තාවක් ඇතිවී පැය 48ක් ඉක්මයාමටත් පෙරවීම විශේෂත්වය කි. ශ්‍රීලන්කන් ගුවන් සමාගම පවසන්නේ මෙය යථා තත්ත්වයට පත්වීමට දින පහක් පමණ ගතවිය හැකි බවයි. ශ්‍රීලංකන් ගුවන් ගමන් වාර ප්‍රමාදවීම සහ ඇතැම් ගමන් වාර අවලංගුවීමේ සිද්ධීන් පසුගිය කාලය පුරා වාර්තා වූ අතර එහි ආසන්නතම සිද්ධිය වාර්තා වූයේ ඉකුත් ඉරිදා ය. එහිදී අපහසුතාවට පත්වූ ගුවන් මගීන්ගෙන් ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩල සේවකයින්ට දැඩි දෝෂාරෝපණ එල්ලවූ අතර ගුවන්යානයක මීයෙකු සිටීම ගුවන් ගමන් ප්‍රමාදයට බලපෑ…