Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හමුදා කඳවුරේ සෙබළාගේ මරණයට සෙබළුන් 4ක් අත්අඩංගුවට
    Featured

    හමුදා කඳවුරේ සෙබළාගේ මරණයට සෙබළුන් 4ක් අත්අඩංගුවට

    By LFNFebruary 28, 2024No Comments2 Mins Read200 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හොරණ දොඹගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරමින් සිටියදී මියගිය හමුදා සෙබළෙකුගේ මරණයට අදාළව සැකපිට එම කඳවුරේම සෙබළුන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    යුද හමුදා පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී සහ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම හේතුවෙන් එම සෙබළුන් අත්අඩංගුවට ගෙන තිබේ.

    හමුදා කඳවුරේ පොකුණක තිබී මියගිය හමුදා සෙබළාගේ සිරුර පසුගිය ජනවාරි මාශයේදී සොයාගනු ලැබීය.

    මියගිය හමුදා සෙබළා දොඹගොඩ යුද හමුදා කඳවුරේ යුද උපකරණ බලකායේ ක්‍රීඩා උපදේශකවරයෙකු ලෙස කටයුතු කර තිබුණි.

    24 හැවිරිදි වියේ පසුවන තරිඳු ලක්ෂාන් ඇතිළිවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකපිට අත්අඩංගුවට ගත් සෙබළුන් සිව්දෙනා සමග මියගොස් ඇති හමුදා සෙබළා කඳවුර තුළ මත්පැන් සාදයක් පවත්වා ඇති බවය.

    අනතුරුව ඔවුන් විසින් කඳවුර තුළ ඇති පොකුණේ තරගයට පිහිනීමට යෝජනාවක් ගෙනවිත් ඇති බවත් එහිදී මියගොස් ඇති සෙබළා පොකුණට බැස පිහිනායමින් සිටියදී දියේ ගිලී මියගොස් ඇති බවටත් පොලීසිය සැකපළ කරයි.

    එම අවස්ථාවේදී සැකකාර සෙබළුන් ඒ පිළිබඳව කිසිවෙකුටත් නොදන්වා මියගිය හමුදා සෙබළාගේ ජංගම දුරකථනය ද පොකුණට විසිකර දමා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    ඊට පසුදින (ජනවාරි 28) මියගොස් ඇති සෙබළා ශාරීරික අභ්‍යාස පෙළපාලියට නොපැමිණීම හේතුවෙන් ඔහුව සෙවීමට හමුදාව තීරණය කර ඒ පිළිබඳව ඔහුගේ නිවසට ද දැනුම්දී තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකාර හමුදා සෙබළුන් සිව්දෙනා හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇත.

    අඟුරුවාතොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.