Author: LFN
සිසුන් සඳහා සකස් කර ඇති “වැඩ පොත්” හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව විදුහල්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ ගතයුතු පියවර දන්වමින් අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. පාසල් පොත් බෑගයේ බර වැඩිවීම හේතුවෙන් පාසල් සිසුන්ගේ කොඳුඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ විසින පෙන්වා දී තිබේ. එබැවින් සිසුන්ගේ පොත් බෑගයේ බර අඩුකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇති අතර එහි එක් පියවරක් වශයෙන් තෝරාගත් පෙළ පොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇත.
සුපිරි පාපන්දු ක්‍රීඩක පෝල් පොග්බා ට එරෙහිව වසර 4ක පාපන්දු තහනමක් පනවා තිබේ. ඒ තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා කරමිනි. 30 හැවිරිදි පොග්බා, ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකි.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධ නඩුවේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) වරෙන්තු නිකුත් කර තිබේ. ඒ, ප්‍රශ්නගත ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයීම් කමිටුවේ සාමාජිකයකු ලෙස ක්‍රියාකළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය නමැත්තා විමර්ශන මගහැර විදෙස්ගතවී ඇති බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඊයේ (29) අධිකරණයේදී කරුණු දැක්වීම හමුවේය. රතු නිවේදනයක් මගින් ජාත්‍යන්තර පොලීසි හරහා ඔහු යළි මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙස ඇය එහිදී මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියා ය. ඒ අනුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය සැකකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළාය. පැමිණිල්ල සහ විත්තිය වෙනුවෙන් ඉදිරිපත් වූ සියලු කරුණූ සලකාබැලූ මහෙස්ත්‍රාත්වරිය පැමිණිල්ලට නියෝග කළේ ඉදිරි දින 14ක කාලය තුළ මෙම…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. උතුරු, උතුරු-මැද, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට හමන පැ.කි.මී. 30ත් 40ත් පමණ තරමක තද සුළං ද ඇති වෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. විදෙස් මාධ්‍ය පවසන පරිදි ඊයේ ඩකා අගනුවර අවන්හලක ගින්න ආරම්භ වී තිබේ. එය ගොඩනැගිල්ල හරහා වේගයෙන් පැතිර ගිය අතර, දුසිම් ගණනක් මිනිසුන් ඊට මැදිවූ බව පැවසෙයි.
බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. වයඹ සහ මධ්‍යම පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා…
එළැඹෙන මාර්තු මස 04 වනදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා ස්වයංක්‍රීය දුරකථන අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දි ඇති බවය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, “ලබන සඳුදා සිට ඒ කියන්නේ මාර්තු 4 වනදා ඉඳලා අපේ ලංකාවේ තියෙන සියලුම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයිති කාර්යයන් ඉටුකරන කාර්යාලවලට පැමිණෙන සියලුම සේවාලාභීන් අනිවාර්යයෙන්ම තමාට අදාළ වේලාවක් ඒ අදාළ දිනය…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට සුළු වේලාවකට පෙර මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයි රාජා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබා දුන් බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය. නාගානන්ද කොඩිතුවක්කු මහතාට ජීවිත කාලයටම බලපැවැත්වෙන පරිදි නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ලබාදී ඇති බව සඳහන්ය. විත්තිකාර නාගානන්ද කොඩිතුවක්කු මහතා 2014 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් නිකුත් කරමින්, විනිසුරුවරුන් කිහිපදෙනෙකු දූෂිත බැවින් තමා විසින් ගොනුකරන නඩු කටයුතු ඔවුන් හමුවේ කැඳවීමට පියවර නොගන්නා ලෙස ඉල්ලීමක් සිදුකර තිබිණි. එකී ක්‍රියාව මඟින් ඔහු විෂමාචාර නැමැති වරද සිදුකර ඇති බවට විනිසුරු…
දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර සිය ධුරයේ වැඩ භාරගත්තා. ඒ පොලිස් මූලස්ථානයේදී ය. මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා 26 වනදා පොලිස්පති ධුරයට පත් කළේය. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 2023 වසරේ නොවැම්බර් 29වනදා එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකේන් මහතා මාස 03ක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කළේය. ඒ අනුව ඔහු මෙතෙක් එම ධුරයේ කටයුතු කරනු ලැබීය. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වූ දේශබන්දු තෙන්නකෝන් මහතා සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිසියට එක්ව ඇත්තේ 1998 වසරේ පෙබරවාරි 23 වැනිදාය.