Author: LFN
අහුන්ගල්ලේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය. පොලීසිය සඳහන් කළේ අද (01) දින දහවල් කාලයේදී අහුන්ගල්ල පොලිස් වසමේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය. වෙඩිවැදී මියගොස් ඇත්තේ 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම වෙඩිතැබීම සිදුකළ අපරාධකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති අතර වෙඩිතැබීමෙන් පසු සැකකරුවන් පළාගොස් ඇත. අහුන්ගල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.
යාපනයේ දූපත් 03ක හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා අදාළ ගිවිසුම් අද (01) අත්සන් කර තිබේ. ඒ සඳහා ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 10.995ක ප්‍රදානයක් කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් යන දූපත් සඳහා 2025 මාර්තු වනවිට විදුලිබලය සැපයීමට නියමිතය. සුළං බලයෙන් කිලෝවොට් 530ක්, සූර්ය බලයෙන් කිලෝවොට් 1700ක්, විද්‍යුත් කෝෂ හරහා කිලෝවොට් 2400ක් සහ ඩීසල් යොදාගෙන කිලෝවොට් 2500ක් උත්පාදනය කෙරෙයි. මෙම ව්‍යාපෘතිය “USOLAR” සමාගම විසින් ක්‍රියාත්මක කරන බව X පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධ කරුණු විමසීම සඳහා එහි නිලධාරීන් ලබන අඟහරුවාදා (05) පෙ.ව. 10.30ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට තීරණය කර තිබේ. අද (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකීරීම අද (01) පෙරවරුවේ ආරම්භ කෙරුණි. ඒ ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම උමං මාර්ගය ඉදිකෙරෙන්නේ ගල්ගමුව කාසිකොටේ, ගැටදිවුල ප්‍රදේශයේ ය.
පානදුර සමගි මාවත ප්‍රදේශයේ තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. පානදුර උතුර සමගි මාවත ප්‍රදේශයේ පිහිටි තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ (29) රාත්‍රියේ ගින්න හටගෙන තිබුණි. මොරටුව මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය මගින් ගින්න මැඩපවත්වා තිබේ. ගින්නෙන් කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි. ගින්නෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නට හේතුව සොයා විමර්ශන සිදුකරයි.
මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ සිට අදාළ මිල ගණන් සංශෝධනය විය යුතුව පැවතුණි. ඒ අනුව මෙම මාසය තුළ මිල ගණන් සංශෝධනයකින් තොරව, පවතින මිල ගණන් යටතේම ඉන්ධන අලෙවිය සිදුකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත. මාසික මිල සංශෝධනයක් සිදුකිරිම සම්බන්ධයෙන් ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද මෙතෙක් නිසි දැනුම්දීමක් සිදුකර නොමැත.
පොලිස් නිලධාරීන් සඳහා නීති ආධාර ලබාදීම පිණිස “නීති සහන යෝජනා ක්‍රමය” සඳහා අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අනුමැතිය ලබාදී තිබේ. මීට අදාළ කැබිනට් යෝජනාව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර මීට පෙර ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබුණි. පොලිස් නිලධාරීන් රාජකාරී විෂය පථය තුළ සිදුකළ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් පෞද්ගලික නීති සහාය ලබාගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා මූල්‍යමය සහාය ලබාදීම මෙම නව යෝජනා ක්‍රමයේ අරමුණ වී ඇත. එසේම පොලිස් නිලධාරියෙකු විසින් රාජකාරී විෂය පථය තුළ සිදුකරන ලද ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් යම් නීති කෘත්‍යයකට භාජනය වුවහොත් සහ එයට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව මගින් රජයේ නීති සහාය ලබාදීම ප්‍රතික්ෂේප…
අස්වැසුම වැඩසටහනට සුදුසුකම් ලබන ප්‍රමාණය ලක්ෂ 24 දක්වා වැඩිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති අස්වැසුම ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය සේවකයින්ගේ රුපියල් දස දහසකින් ඉහළ දැමීම අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන බවය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම පසුගිය වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කළා. එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සොයා බැලීමට අද මා විල්ගමුවට පැමිණ තිබෙනවා. ජනාධිපති ධූරයේ වගකීම මා භාරගත්තේ රටේ ආර්ථිකය කඩා වැටී රට බංකොලොත්ව තිබූ අවස්ථාවකයි. එදා ආර්ථික අර්බුදයන් රට ගොඩගැනීම සඳහා කිසිදු නායකයෙක් ඉදිරියට ආවේ…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා මාර්තු 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (29) යළි කැඳවූ අවස්ථාවේදීය. මේ අතර, ඔහු සිය රෝග තත්ත්වය පිළිබඳ ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් පෙර දින අධිකරණය මගහැර ඇති බව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ අනාවරණය වී තිබේ. ඒ් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරීක්ෂා කරන ලද විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාව ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයා…
ඉතිහාසයේ පළමු වරට රාත්‍රී කාලයේ සිදු කෙරුනු ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාළිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවැත්වුණි. ඒ, චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යායතනයේදී ය. එහිදී නිලධාරීන් 58 දෙනෙකු අධිකාරියට පත් කෙරුණි.