Author: LFN
ගාසා තීරයේ සහනාධාර රථ පෙළක් ආසන්නයේ ඇතිවු වෙඩිතැබීම් හා තෙරපීම් හේතුවෙන් පලස්තීන සරණාගතයින් 112 දෙනෙකු මියගොස් තවත් 760 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ගාසා තීරයට ආධාර රැගෙන පැමිණි ලොරි රථ අසල රැස්ව සිටි පිරිසක් වෙත ඊශ්‍රායල හමුදාව යුද ටැංකි වලින් ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වෙයි. වෙඩිතැබීම්, තෙරපීම් සහ ලොරි රථවලට යටවීම් හේතුවෙන් පුද්ගලයන් මියයාම සහ තුවාල ලැබීම් සිදුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මෙය ඊශ්‍රායලය විසින් සිදුකළ සමූල ඝාතනයක් බවය. සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක් ද කැඳවා තිබේ.
2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි 6 වනදා සිට මැයි 15 දක්වා පැවැත්වේ. 2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරිදා පැවැත්වේ. 2024 අපොස උසස් පෙළ විභාගය 2024 නොවැම්බර් මස 25 සිට 2024 දෙසැම්බර් මස 20 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කරයි. මේ අතර 2024 වර්ෂයට අයත් අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට යෝජිත දිනයන් ඉදිරියේ දී දැනුම්දෙනු ලැබේ.
නීතිඥභාවය අහෝසි කෙරුණු නාගානන්ද කොඩිතුවක්කු මහතාට මින් මතුවට මහජන සුභසාධන නඩුකර සඳහා ද පෙනී සිටිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ. නාගානන්ද කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් පසුගිය (29) දින ප්‍රකාශයට පත් කෙරුණු නඩු තීන්දුවේ මේ බව සඳහන් කර ඇත. ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරන ලදී. නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් දිවුරුම් පෙත්සමක් තුළින් අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන්ට අවමන් සහගත ආකාරයෙන් ප්‍රකාශ සිදුකිරීම තුළින් වෘත්තීය විෂමාචාර ක්‍රියාවක නිරත වූ බවට චෝදනාකොට නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනුකර තිබිණි. එම චෝදනා පත්‍රය විභාග කළ…
ඉංගිරිය, රයිගම්පුර ප්‍රදේශයේ හක්කපටස් එකක් පුපුරා යෑමෙන් කුඩා දරුවෙක් බරපතළ තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ. එම අවස්ථාවේ දී තවත් දරුවන් දෙදෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බවය. බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත්තේ 7 හැවිරිදි දරුවෙකි. දරුවන් සෙල්ලම් කරමින් සිටිය දී ටයර් එකක් තුළ තිබී හක්කපටස් හමුව ඇති අතර, ඔවුන් එය තැලීමට යෑමේ දී පුපුරා ගොස් ඇතැයි වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජිත විදුලි ගාස්තු අඩුකිරීමට අදාළව මහජන උපයෝගිතා කොමිසම සමඟ පැවති සාකච්ඡා ඊයේ (01) දෙවැනි දිනටත් විසඳුමකින් තොරව අවසන්වී තිබේ. මණ්ඩලය ඊට අදාළ දත්ත ප්‍රමාණවත් පරිදි ලබා නොදීම හේතුවෙන් මේ තත්ත්වය නිර්මාණය වූ බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. මෙලෙස කල්යමින් තිබෙන්නේ මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ විදුලි ගාස්තු සංශෝධනයයි. මාස තුනකට වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ රජයේ නව ප්‍රතිපත්තිය අනුව 2023 වසරේ අවස්ථා 3කදී විදුලි ගාස්තු සංශෝධනය කෙරුණි. ඒ අනුව පෙබරවාරි 15 ගාස්තු වැඩිකිරීමකට, ජුලි 01 ගාස්තු අඩුකිරීමකට සහ ඔක්තෝබර් 20 නැවතත් ගාස්තු වැඩිකිරීමකට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන්නේය.…
ඊයේ (01) පස්වරුවේ කඩුවෙල – මාළඹේ ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ. කඩුවෙල – මාළඹේ ප්‍රධාන මාර්ගයේ කඩුවෙල මහ නගර සභාව ඉදිරිපස දී මෙම අනතුර සිදු ව ඇති අතර, මනාල යුවළක් රැගත් ඩිෆෙන්ඩර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක සහ යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදු ව ඇත. තුවාලකරුවන් රෝහල්ගත කර ඇති අතර, අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථයයේ රියදුරා, මනාල යුවළ ද අතරමඟ දමා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි. කෙසේ වෙතත් ලද තොරතුරක් මත පොලීසිය විසින් ඩිෆෙන්ඩර් රථය පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ. නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර ඇත. කොළඹ වරායට සේන්දු වූ නෞකාව, දිගින් මීටර් 187ක් හා නැව් මුළුව පන්සිය විසි නවයකගෙන් (529) සමන්විත අතර, නෞකාවේ ධජ නිලධාරි ලෙස Captain 1st Rank Velichko Anatoly Vasicievich සහ අණ දෙන නිලධාරී ලෙස, Captain 2nd Rank Glushakov Roman Nikolaevich කටයුතු කරනු ලබයි. මෙම නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ නෞකාවේ ධජ නිලධාරි සහ අණ දෙන නිලධාරී විසින්…
කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. නැඟෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව වාර්තා වේ. වයඹ පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-35ක පමණ තරමක තද සුළං ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…
අහුන්ගල්ල – කරිජ්ජපිටිය අමුණ අසල ඇළේ ගිල්වා තිබූ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් සොයාගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ ගගල්දුව උපකඳවුරේ කණ්ඩායමක් විසින් එය සොයාගෙන ඇත. පසු ව එය අහුන්ගල්ල පොලිස් නිලධාරින් හා එක් ව ගොඩගෙන තිබේ. මෙම යතුරුපැදිය ඊයේ (01) දහවල් අහුන්ගල්ල නගරයේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය දැයි සෙවීමට විමර්ශනය සිදු කෙරෙමින් පවතියි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සමන් රත්නායක මහතා ඊයේ (01) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය (29) කළ නියෝගයට අනුවය. ඔහු පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ යළි විභාග කෙරුණේ මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය ඉදිරියේය. ප්‍රශ්නගත එන්නත සම්බන්ධ සිදුවීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ මැදිහත්වීම කෙබඳු ද යන්න මහෙස්ත්‍රාත්වරිය මෙහිදි ප්‍රශ්න කළාය. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය එහිදී පැවසුවේ,…